Local

ජනතාව පීඩාවට පත් කරන වර්ජනවලට ඉඩ දෙන්නෑ..- විජිත

Monday, 04 November 2024 - 7:25 pm

ජනතාවට අපහසුතාවකට පත්වන ආකාරයෙන් සිදුකරන දේශපාලන උවමනා මත සිදු කරන වෘත්තිය ක්‍රියාමාර්ගවලට ඉඩ නොතබන බව ඇමති විජිත හේරත් මහතා සඳහන් කරයි.

දුම්රිය ස්ථානාධිපතිවරුන් සිදුකිරීමට සැලසුම් කර ඇති වෘත්තීය ක්‍රියාමාර්ගය පිළිබඳව අදහස් පළ කරමින් හෙතෙම මේ බව පැවසීය.

දුම්රිය ස්ථානාධිපතිවරුන් යළිත් වැඩ වර්ජන පටන් ගන්නේ යැයි ලිපි එවා ඇති බවත් දේශපාලන උවමනාවන් මත ක්‍රියාත්මක වීමට උත්සාහ කරන බව පැහැදිලි බවත් ජනතාව පීඩාවට පත්කිරීමට ඉඩදිය නොහැකි බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.

වසර ගණනක් පැවැති උසස්වීම් හා බඳවා ගැනීම් පිළිබඳව දුම්රිය සේවක ප්‍රශ්නවලට දින දෙකෙන් විසඳුම් ලබාදිය නොහැකි බවත් පැවසූ ඇමතිවරයා ජනතාව ජන වරම ලබා දුන්නේ ඔවුන් පීඩනයෙන් මුදා ගැනීමට බවත් පටු දේශපාලන වාසි වෙනුවෙන් වැඩ කිරීමට නොවන බවත් කීය.

ඉදිරි මැතිවරණයෙන් පසුව දුම්රිය සේවයක ගැටළුවට විසඳුම ලබා දෙන බවද පැවසූ ඔහු ඒ අනුව වෘත්තීය ගැටලු සඳහා විසඳුම් ලබාදීමට සාධාරණ කාලයක් අවශ්‍ය බවද කියා සිටියේය.


Top Stories
wedivistara

දුරදිග ගිය ආරවුලෙන් තරුණයෙකු මරුට

wedivistara

ගෑස් මිල සංශෝධනය නොවේ - ලාෆ් ගෑස් සමාගම

wedivistara

ප්‍රමි­ති­යෙන් යුතු පොහොර ගොවි­යාට දෙන්න ආණ්ඩුවට අද බැරිවෙලා

wedivistara

පරාටේ නීතිය අද සිට යළි ක්‍රියාත්මක වෙයි

wedivistara

පරාටේ නීතියෙන් ව්‍යව­සා­ය­ක­යන්ගේ දේපොළ වෙන්දේසි විය හැකියි

wedivistara

කෝටි 6ක විදත් සන්නි­වේ­දන උප­ක­රණ කටු­නා­ය­කින් පන්නද්දී මාට්ටු

Trending
wedivistara

කෙහෙළියට එරෙහි නඩුව: රනිලුත් සාක්ෂිකරුවෙක් කරලා

wedivistara

සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා සම්බන්ධයෙන් ජනතාවට දැනුම්දීමක්

wedivistara

හරක් කටාගේ පරීක්ෂණවලදී CIDයෙන් අපේක්ෂිත අරමුණු ඉටු වුණේ නැහැ

wedivistara

ඉන්දීය නිළි ෂෙෆාලි ජරිවාලා ජීවිතක්ෂයට

wedivistara

නිශාන්ත වික්‍රමසිංහ ජූලි 01 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

wedivistara

ඇල්ලේ ගින්නක් : ගිනි තැබූ හෝටල් සේවකයා අත්අඩංගුවට


NEWS ALERT