Local

ආණ්ඩුව IMF එකගතා කඩලා.. සමාලෝචනය කල් දාලා..

Monday, 04 November 2024 - 7:10 pm

ගෑස් මිල සංශෝධනය මිල සූත්‍රයට අනුව සිදු නොකිරීමට වත්මන් පාලනය පියවර ගනිමින් ඇතැයි හිටපු විදුලි බල හා බල ශක්ති ඇමති කන්චන විජේසේකර මහතා සඳහන් කරයි.

ඒ අනුව ලෝකේ වෙළඳපළේ දැනට ඉහළ ගොස් ඇති ගෑස් මිලට සාපේක්ෂව මෙරට ගෑස් මිල ඉහළ සංශෝධනය නොකිරීමෙන් මෙරට වෙලදාමේ යෙදෙන ලාෆ් ගෑස් වෙළදාන ඉතා සීමිත කර ඇති බවත් එම තත්ත්වය මත ලාෆ් ගෑස් රට පුරා හිඟයක් ඇතිවී තිබෙන බවත් හෙතෙම කියා සිටී.

ලිත්‍රො ගෑස් සමාගමද ගෑස් වෙළදාමේ යෙදෙන්නේ මූලික පිරිවැය ආවරණය කිරීමකින් තොරව බවත් එය මිල සූත්‍රයට මෙන්ම ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ එකඟතාවන්ටද පටහැනි බවත් හෙතෙම පෙන්වා දෙයි.

ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ තුන්වෙනි සමාලෝචනය මේ මාසයේ යෙදී තිබුණද එය කල් ගොස් ඇත්තේ මෙම තත්ත්වයන් නිසා බවද ඔහු චෝදනා කරයි.

පැවති ආණ්ඩුව සැලසුම් කර තිබුනේ නොවැම්බර් මාසයේදී ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ මීළඟ ණය වාරිකයකද ලබා ගැනීමට බවද පැවසූ ඔහු වර්තමාන ආණ්ඩුව යටතේ එය කල් ගොස් ඇති බවත් ඊට හේතු වී ඇත්තේ රජය මුල්‍ය අරමුදල විසින් පෙන්වා දී ඇති පරිදි මූලික පිරිවැය ආවරණය කර නොගෙන වෙළඳාමේ යෙදීම බව විය හැකි බවද හෙතෙම කියා සිටී.

මාධ්‍ය හමුවක් අමතමින් ඔහු මෙම අදහස් පල කලේය.


Top Stories
wedivistara

දුරදිග ගිය ආරවුලෙන් තරුණයෙකු මරුට

wedivistara

ගෑස් මිල සංශෝධනය නොවේ - ලාෆ් ගෑස් සමාගම

wedivistara

ප්‍රමි­ති­යෙන් යුතු පොහොර ගොවි­යාට දෙන්න ආණ්ඩුවට අද බැරිවෙලා

wedivistara

පරාටේ නීතිය අද සිට යළි ක්‍රියාත්මක වෙයි

wedivistara

පරාටේ නීතියෙන් ව්‍යව­සා­ය­ක­යන්ගේ දේපොළ වෙන්දේසි විය හැකියි

wedivistara

කෝටි 6ක විදත් සන්නි­වේ­දන උප­ක­රණ කටු­නා­ය­කින් පන්නද්දී මාට්ටු

Trending
wedivistara

කෙහෙළියට එරෙහි නඩුව: රනිලුත් සාක්ෂිකරුවෙක් කරලා

wedivistara

සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා සම්බන්ධයෙන් ජනතාවට දැනුම්දීමක්

wedivistara

හරක් කටාගේ පරීක්ෂණවලදී CIDයෙන් අපේක්ෂිත අරමුණු ඉටු වුණේ නැහැ

wedivistara

ඉන්දීය නිළි ෂෙෆාලි ජරිවාලා ජීවිතක්ෂයට

wedivistara

නිශාන්ත වික්‍රමසිංහ ජූලි 01 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

wedivistara

ඇල්ලේ ගින්නක් : ගිනි තැබූ හෝටල් සේවකයා අත්අඩංගුවට


NEWS ALERT