Local

ත්‍රිකුණාමලයේ නාවික අභ්‍යාස ඇරැඹේ

Thursday, 07 March 2024 - 8:20 am

ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් සංවිධානය කරනු ලබන ‘ත්‍රිකුණාමලය නාවික අභ්‍යාසය – 2024’ (Trincomalee Naval Exercise – TRINEX 24) හි සමාරම්භය පසුගියදා ( 04) නැඟෙනහිර නාවික විධානයේ ආඥාපති රියර් අද්මිරාල් සුරේෂ් ද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් ත්‍රීකුණාමලය නාවික තටාකාංගණයේදී සිදුකෙරුණු අතර, මෙම අභ්‍යාසය මෙම මස 09 වන දින දක්වා ත්‍රිකුණාමලය වරාය සහ නැඟෙනහිර නාවික විධාන මුහුදු තීරය ආශ්‍රිතව පැවැත්වීමට කටයුතු සූදානම් කර ඇත.

ශ්‍රී ලංකා නාවික හමුදාවේ මෙහෙයුම් කාර්යක්‍ෂමතාවය අඛණ්ඩව පවත්වා ගැනීමේ අරමුණෙන් පවත්වනු ලබන මෙම පුහුණු අභ්‍යාසය වරාය අදියර සහ මුහුදු අදියර වශයෙන් අදියර දෙකකින් සමන්විත වේ. ඒ අනුව, (04) ආරම්භ කෙරුණු වරාය අදියරේදී මෙම අභ්‍යාසයට අදාළව පණිවිඩ හුවමාරු ක්‍රම සහ ආරක්‍ෂක ක්‍රමවේදයන් පිළිබඳව අභ්‍යාසයට සහභාගි වන නෞකා හා යාත්‍රාවන්ගේ කාර්ය මණ්ඩල සහ ශ්‍රී ලංකා ගුවන් හමුදා කාර්ය මණ්ඩල දැනුවත් කිරීම හා දැනුම හුවමාරු කර ගැනීම සිදු කෙරිණි.

මෙම අභ්‍යාසයේ මුහුදු අදියර(05)වන දින සිට 08 වන දින දක්වා නැඟෙනහිර නාවික විධාන මුහුදු තීරයේදී පැවැත්වීමට නියමිතව ඇති අතර, ඒ සඳහා ශ්‍රී ලංකා නාවික නෞකා ගජබාහු, සයුරළ, පරාක්‍රමබාහු, නන්දිමිත්‍ර, සමුදුර, ශක්ති, රණරිසි සහ ප්‍රතාප යන නෞකාවන් එක්වේ. එමෙන්ම, නාවික හමුදා හතරවන වේග ප්‍රහාරක යාත්‍රා සමූහයේ පී 4445, පී 4444, පී 435, පී 436, පී 481, පී 484, පී 464 සහ පී 411 යන වේග ප්‍රහාරක යාත්‍රාවන් මෙන්ම ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ බෙල් 412, බෙල් 212 සහ එම්අයි 17 යන හෙලිකොප්ටර් යානා ද මෙම අභ්‍යාසයට සහභාගි වීමට නියමිතව ඇත.

මුහුදු අදියරේදී නෞකා පෙළ හැඩයන් ඔස්සේ ගමන් කිරීම (SKBDL), මුහුදේදී ඉන්ධන හුවමාරුව (VERTREP), ගුවන් ඡායාරූප ගැනීමේ අභ්‍යාස (PHOTOEX), වෙඩි තැබීමේ අභ්‍යාස (SUTFEX/ CRAA), මුහුදේදී නෞකා පරීක්‍ෂා කිරීමේ හා අත්අඩංගුවට ගැනීමේ අභ්‍යාස (VBSS/ HVBSS), සෙවීමේ හා මුදා ගැනීමේ අභ්‍යාස (SAREX), තුවාලකරුවන් ප්‍රථමාධාර සඳහා ඉවත් කිරීමේ අභ්‍යාස (CASEVAC) සහ පණිවිඩ හුවමාරු අභ්‍යාස ඇතුළු අභ්‍යාසයන් සිදු කිරීමට නියමිතව ඇත.

මෙවැනි අභ්‍යාස මඟින් වැඩිදියුණු වන නව දැනුම හා කුසලතා තුළින් ඉදිරියේදී ශ්‍රී ලංකාවට අයත් සාගර කලාපයේ පමණක් නොව ජාත්‍යන්තර මුහුදේ සාම්ප්‍රදායික නොවන සමුද්‍රීය අභියෝග ඇතුළු පොදු සමුද්‍රීය අභියෝග අබිබවනය කිරීම සඳහා අවශ්‍ය මෙහෙයුම් කාර්යක්ෂමතාවය අපේක්ෂිත මට්ටමට පවත්වා ගැනීම නාවික හමුදා නෞකා බළඇණිය වෙතින් ශ්‍රී ලංකා නාවික හමුදාව අපේක්ෂා කෙරේ.


Top Stories
wedivistara

දුරදිග ගිය ආරවුලෙන් තරුණයෙකු මරුට

wedivistara

ගෑස් මිල සංශෝධනය නොවේ - ලාෆ් ගෑස් සමාගම

wedivistara

ප්‍රමි­ති­යෙන් යුතු පොහොර ගොවි­යාට දෙන්න ආණ්ඩුවට අද බැරිවෙලා

wedivistara

පරාටේ නීතිය අද සිට යළි ක්‍රියාත්මක වෙයි

wedivistara

පරාටේ නීතියෙන් ව්‍යව­සා­ය­ක­යන්ගේ දේපොළ වෙන්දේසි විය හැකියි

wedivistara

කෝටි 6ක විදත් සන්නි­වේ­දන උප­ක­රණ කටු­නා­ය­කින් පන්නද්දී මාට්ටු

Trending
wedivistara

කෙහෙළියට එරෙහි නඩුව: රනිලුත් සාක්ෂිකරුවෙක් කරලා

wedivistara

සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා සම්බන්ධයෙන් ජනතාවට දැනුම්දීමක්

wedivistara

හරක් කටාගේ පරීක්ෂණවලදී CIDයෙන් අපේක්ෂිත අරමුණු ඉටු වුණේ නැහැ

wedivistara

ඉන්දීය නිළි ෂෙෆාලි ජරිවාලා ජීවිතක්ෂයට

wedivistara

නිශාන්ත වික්‍රමසිංහ ජූලි 01 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

wedivistara

ඇල්ලේ ගින්නක් : ගිනි තැබූ හෝටල් සේවකයා අත්අඩංගුවට


NEWS ALERT