Local

කැන්ගරු දේශයට යන හරි පාර මෙන්න

Sunday, 18 February 2024 - 1:00 pm

වර්තමානය වනවිට ශ්‍රී ලංකාවේ තරුණ තරුණියන් ද ඇතුළුව බහුතරයක් දෙනා විදේශගතවීම් සම්බන්ධයෙන් මහත් උනන්දුවක් දක්වන බව පෙනෙන්නට තිබෙන්නා වූ කරුණකි. යම් විටෙක එය විලාසිතාවක් වන තරමටම ඔඩුදුවා ඇති බව ද පෙනෙන්නට තිබේ. කවර ලෙසකින් වුව මේ අතරින් ඔස්ට්‍රේලියාවට යෑම සම්බන්ධව බොහෝ දෙනා උත්සාහ ගනු ලබන්නේ තම අනාගතය සුඛිත මුදිත කර ගැනීමේ අරමුණිනි. එහෙත් ඒ සියල්ල පසෙකින් තැබුවහොත් නිතර දෙවේලේ විද්‍යුත් මෙන්ම පුවත්පත් මාධ්‍යයෙන් ද අසන්නට දකින්නට ලැබෙන පුවත් වන්නේ නීතිවිරෝධි මාර්ග මඟින් ඔස්ට්‍රේලියාවට ඇතුළුවීමට උත්සාහ ගන්නා වූ පිරිසක් ද සිටින්නා වූ බවකි. මේ හා සම්බන්ධ සිදුවීම් වැඩි වශයෙන් සිදුවන්නා වූ හෙයින් ඒ පිළිබඳව දැන්වීම් නිතර දෙවේලේ ප්‍රචාරය කරන්නට ඔස්ට්‍රේලියානු තානාපති කාර්යාල උත්සාහ දරන්නේ ද ඒ නිසාය. මේ සම්බන්ධ නීතිමය කටයුතු කවරේ ද, නිසි ආකාරයෙන් විදේශයන් වෙත රැකියාවක් හෝ අධ්‍යාපන කටයුතු හා එක්වන්නේ කෙසේද ආදී නොයෙකුත් කටයුතු පිළිබඳ දැනුම්වත්භාවය නොමැතිවීම තුළ බහුතරයකට සිදුවන්නේ විදේශගතවීම් කෙසේ වෙතත් තම සන්තකයේ ඇති මුදල් පවා අහිමි වන තැනට පත්වීමය. මේ හේතුවෙන් මේ සියලු ගැටලු හා දැනුම්වත්වීම් සම්බන්ධයෙන් නිසි අයුරින් නීතිමය තත්ත්වයන් පිළිබඳව කරුණු දැක්වීමට අප සම්බන්ධ කරගනු ලැබුවේ ඔස්ට්‍රේලියාවේ වසර 15කට අධික කාලයක් පුරා සංක්‍රමණ නීති පිළිබඳ නීතිඥවරියක සහ සොලිසිටර්වරියක ලෙස කටයුතු කරන මධූ වර්ණකුලසූරියයි. ඇය කරුණු කිහිපයක් යටතේ මේ පිළිබඳව අදහස් ඉදිරිපත් කරනු ලැබුවාය.

නීතිඥ මධූ වර්ණකුලසූරිය

නීතිඥ
මධූ වර්ණකුලසූරිය

ඔස්ට්‍රේලියාව කිසිම විටෙක තමන්ගේ රටට විදේශිකයන් පැමිණීම පිළිබඳව අසතුටින් කතා කරන පිරිසක් නෙමෙයි. නමුත් ඔවුන් එම විදේශිකයන් තම රටට පැමිණ තිබෙන්නේ නීත්‍යනුකූල අයුරින් දැයි වඩාත් විමසිලිමත් වන රටක්. මොකද කවර රටකට වුවත් යා යුත්තේ නීත්‍යනුකූල අයුරින්. කිසිම අයුරකින් කවර රටක වුවත් නීතියට පිටින් විදේශගත වූ කෙනෙක්ව භාරගන්න ඔස්ට්‍රේලියානු රජය සූදානම් නෑ. මේ නිසා විදේශගත වනවානම් නිවැරැදි අයුරින් නීත්‍යනුකූලව විදේශගතවීම් සිදුකළ යුතුයි. විශේෂයෙන් ඔස්ට්‍රේලියාව වගේ රටකට එනකොට එය පහසු කාර්යයක් වන්නෙ නෑ. සමහරු කියනවා ඔස්ට්‍රේලියාවට ඇවිත් මාසෙන් දෙකෙන් වීසා අරන් දෙන්නම් කියලා. ඒත් අවසානෙදී වෙන්නෙ ගෙවල් දොරවල් පවා විකුණලා ඇවිත් සේසතම නැති කරගෙන ආයෙමත් ලංකාවට පිටුවහල් වෙන්න සිදුවීමයි. අන්න ඒක නිසා ඔස්ට්‍රේලියාවට යන්න හිතනවා නම් මුලින්ම කළ යුත්තේ ඔස්ට්‍රේලියානු රජය පිළිගත් ආයතනයකින් උපදෙස් ලබා ගැනීමට කටයුතු කරන එකයි.

මෙතැනදී සිදුවන තව කතාවක් තමයි බොහෝ අය සරණාගත වීසා ලබා ගන්න කටයුතු කිරීම. ඒ දේවල් සම්බන්ධ කටයුතු සිදුකරන්න නම් ඒ සඳහා මුල් විය යුත්තේ මෙරටදීමයි. මේ සඳහා හිතුමනාපෙට තමන්ට අවශ්‍ය අයුරින් වීසාවලට ඉල්ලුම්පත් යොමු කරන්න බෑ. ගොඩක් අය ගැටලුවලට මුහුණ දෙන්නෙ මෙවැනි නොදැනුවත්කම් නිසා. මේ නිසා තමයි නිවැරැදි මඟපෙන්වීමකින් යුතු උපදේශන සේවා ආයතනයකින් උපදෙස් ලබා ගත යුත්තේ.

ඒ වගේම තමයි ඔස්ට්‍රේලියාවට එන්න අදහස් කරන් ඉන්නවා නම් ඒ ඒ ක්ෂේත්‍රයන්ට අදාළ සුදුසුකම් සපුරා තිබීම ඉතා වැදගත් වෙනවා. මොකද මේ සියල්ල සිදු කළ යුත්තේ ලංකාවෙන් වීමයි. වැදගත් වෙන්නෙ මේ සඳහා උනන්දුවීමකින් යුතුව කටයුතු කළ යුතු වීමය.

තවත් විදිහකින් කියනවා නම් ඔස්ට්‍රේලියාවට එන අය දැන ගත යුතු වන්නේ පුරවැසිභාවය ලබා ගැනීමට සපුරාගත යුතු අවශ්‍යතාවන් මොනවාද යන්නයි. මේ පිළිබඳව වඩාත් පැහැදිලි කිරීම් සමඟින් ඔස්ට්‍රේලියානු සංක්‍රමණික සහ පුරවැසිභාවය සම්බන්ධ වෙබ් අඩවියේ දක්වා තිබෙනවා. මේ සම්බන්ධව කටයුතු පිළිබඳව අධිකාරි බලය පැවරිලා සිටින සංක්‍රමණ කටයුතු පිළිබඳ නීතිඥයන් සහ නියෝජිතයන් කවුරුන් ද කියාත් මේ වෙබ් අඩවියෙන් සොයා ගැනීමේ හැකියාව තිබෙනවා. මම ඔස්ට්‍රේලියාවේදී දැක්ක තවත් කාරණාවක් තමයි තමන්ගෙ දිනපතා කටයුතු කරගන්න තරම්වත් නොහැකියාවෙන් යුත් තරුණ පිරිසක් දක්නට ලැබීම. ඒකට හොඳ පෞරුෂයක් ගොඩනඟා ගත යුතුයි. මොකද ලංකාවේදී තමන්ගෙ ගෙදරට වෙලා තමන්ගේම වැඩ කටයුතුවත් කරගන්න බැරි ළමයි පිරිසක් නොදන්නා රටකට ගියාම සිද්ධ වෙන්නෙ සියලු දේ අතින් අසරණවීම මිස වෙනත් දෙයක් නෙවෙයි. මෙයින් සිදුවන්නේ තමන් නොහිතන විදිහෙ ප්‍රශ්න ගණනාවකටම මුහුණදෙන්න සිදුවීම.

ඔස්ට්‍රේලියාවට එන තරුණ ළමයි මුහුණදෙන ගැටලුවක් තමයි ඔවුන්ගේ කළමනාකරණය දුර්වලවීම. උදාහරණයක් විදිහට කියනවා නම් එරට විශ්වවිද්‍යාලවලට ළමයි ඇතුළු වෙන්නෙ මුල් වාරිකය ගෙවීමෙන් පසුවයි. ඒත් එම කාලසීමාව අවසන් වුණාට පස්සෙ අනිවාර්යයෙන්ම ඔවුන් ඊළඟ වාරිකය ගෙවිය යුතු වෙනවා. මෙන්න මෙතැනදී තරුණ ළමයි අසරණ වෙන්නෙ මුදල් ගෙවා ගැනීමට නිසි ක්‍රමවේදයක් නොමැති නිසයි. මේවා ඔවුන්ගේ අතපසුවීම්. ඉතින් මේ සියල්ල සම්බන්ධයෙන් ආරම්භයේ සිටම නිසි දැනුම්වත් බවක් තිබුණා නම් ඔවුන්ට මෙවැනි ගැටලුවලට මුහුණ දෙන්න සිදුවන්නෙ නෑ.

මම මුලින්ම කිවුව වගේ ලංකාවේදී තමන්ගෙ වැඩක්වත් කරගන්නෙ නැතිව විදේශගත වන ළමයි හරිම අපහසුතාවකට පත් වෙනවා. ඔවුන් මූලිකවම දරාගැනීමේ ශක්තියකින් යුතු පිරිසක් විය යුතුයි. මානසිකව කඩාවැටීම් ඔවුන්ව පහතටම ඇද දානවා. මේ සියලු දේවලින් මිදීමට ඔවුන් පුරුදු පුහුණු විය යුතුයි.

තවත් විශාල ප්‍රශ්නයක් තමා ගෘහස්ථ හිංසනය. උදාහරණයක් විදිහට අපි මෙහෙම හිතමු. විශ්වවිද්‍යාල අධ්‍යාපනයට යොමු වුණු තරුණ යුවළක් ඔවුන්ගේ නවාතැනේදී අඬදබර කරන්න පෙලඹුණොත් සිදුවෙන්නේ අසල්වාසීන් විසින් ඒ සම්බන්ධයෙන් පොලිසිය දැනුම්වත් කරන එක. ඒ මොහොතේදී සිදුවීම යටපත් වුණත් ඔවුන් බැරෑරුම්ව ප්‍රශ්නයට මුහුණ දෙන්නෙ කවර හෝ දිනක වීසා ලබාගැනීමේදී. මොකද මේ සියල්ල ඔවුන්ගේ ලිපි ලේඛනවලට යනවා. ඔස්ට්‍රේලියාවේ ක්‍රමවේදය ගොඩනැඟිලා තියෙන්නෙ එහෙමයි. මේ නිසා බොරු කරන්න කිසිම අවස්ථාවක් ලැබෙන්නෙ නෑ. නමුත් එවැනි ගැටලුවක් පවා සිදුවුණොත් එයින් මිදීමේ ක්‍රමවේදයන් පවා තිබෙනවා. ඒ තමා උපදේශන සහ සහකාර සේවා ලබා ගැනීමයි නමුත් බොහෝ දෙනෙක් අමාරුවේ වැටෙන්නෙ මේ දේවල්වලට මුහුණ දෙන්නෙ කොහොමද කියලා ඔවුන් නොදන්නා නිසයි. ඒ නිසා නිවැරැදි දේ දැනගන්න සුදුසුකම් ලත් ආයතන හා සම්බන්ධ විය යුතුයි.

අවසාන වශයෙන් කියන්න තියෙන්නෙ තමා පිළිබඳ විශ්වාසයක් ගොඩ නඟා නොගත් ස්වාධීනත්වයක් නැති දුක් මහන්සි වෙලා වැඩ කටයුතු කිරීමේ හැකියාවක් නැති පිරිස් ඔස්ට්‍රේලියාවට එන්න පෙර තමන්ගෙ දුර්වලතාවන් නිවැරැදි කරගන්නා ලෙසයි. ඔස්ට්‍රේලියාවට යන එක බොහෝ දෙනෙක්ට හීනයක්. හැබැයි හිතන්න එපා රටට පය තියලම වැඩේ හරියට කරගන්නවා කියලා. ඒ හීනය සැබෑ කරගන්න නම් ඔබේ මූලිකම වැඩ කටයුතු සිදුවිය යුත්තේ තමන්ගෙ මවුබිමේදීමයි.


Top Stories
wedivistara

මෛත්‍රී නිදහස් පක්ෂ සභාපති ධුරයෙන් ඉවත් වෙයි

wedivistara

අපි කියන වැදගත් දේශපාලන සංකල්ප වත්මන් පාලකයින් විකෘති කරමින් ඉන්නවා - අනුර

wedivistara

ජ්‍යේෂ්ඨ පුරවැසියන්ගේ ඉතුරුම් පොලී අනුපාත ගැන විශ්ලේෂණයක් කිරීමට රජයෙන් පියවර

wedivistara

වාහන ආනයනය ලබන වසරේ සිට ක්‍රමානූකූලව ලිහිල් කිරීමට බලාපොරොත්තු වෙනවා - ශෙහාන් සේමසිංහ

wedivistara

දන්සැල් සඳහා ලංකා සතොසෙන් විශේෂ වට්ටම්

wedivistara

මංගල සාදයට ගිය කැබ් රථයක් අනතුරක – කාන්තාවක් මරුට – 9කට තුවාල

Trending
wedivistara

WhatsApp Group හරහා සිදුවන මුදල් වංචාවලින් ප්‍රවේශම් වන ලෙස දැනුම්දීමක්

wedivistara

අමෙ­රි­කානු සහ­කාර රාජ්‍ය ලේකම් ඩොනල්ඩ් ලූ ළඟ­දීම මෙර­ටට

wedivistara

විදුලිබල පනත් කෙටුම්පතට එරෙහි පෙත්සම් විභාගය ආරම්භ වෙයි

wedivistara

ප්‍රබල අකුණු පිළිබඳ අවවාදාත්මක නිවේදනයක්

wedivistara

ජපාන, දකුණු අප්‍රිකා, ස්විට්සර්ලන්ත තානාපතිවරු හා ජාතික ජන බලවේගය අතර හමුවක්

wedivistara

දිවයිනේ බොහෝ ප්‍රදේශවලට අද වැසි


NEWS ALERT