Local

එක් කෝටි විසි හය ලක්ෂයක විදෙස් දුම්වැටි කටුනායකින් හසුවෙයි

Thursday, 19 June 2025 - 1:15 pm

රුපියල් එක් කෝටි විසි හය ලක්ෂයක් වටිනා , විදේශීය නිෂ්පාදිත දුම්වැටි තොගයක් , නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන විත් , ඒවා කටුනායක ගුවන් තොටුපොළ කිසිවක් ප්‍රකාශ කිරීමට නොමැති ” හරිත මාවත ” (Green Channel ) ඔස්සේ පිට කර ගෙන යාමට තැත් කළ ගුවන් මගීන් 06 දෙනෙකු  (19) ගුවන් තොටුපොළ රේගු නිලධාරී සහ රේගු මත්ද්‍රව්‍ය පාළන අංශයේ නිලධාරීන් පිරිසක් විසින් අත් අඩංගුවට ගෙන තිබේ .

මොවුන් අතරින් සිව් දෙනෙකු පිරිමි ගුවන් මගීන් වන අතර ඉතිරි දෙදෙනා කාන්තා ගුවන් මගීන් වේ . ඔවුන් දෙදෙනා අතරින් එක් අයෙකු විදේශීය ගුවන් මගී කාන්තාවකි.

ඔවුන් සියලු දෙනා ඩුබායි , සාජා සහ බැංකොක් යන ගුවන් තොටුපොළ වල සිට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණි.

මොවුන් විසින් රැගෙන ආ ගමන් මලු තුළ මෙම විදේශීය නිෂ්පාදිත   ” “මැන්චෙස්ටර් ” වර්ගයේ දුම්වැටි 84,000 ක් අඩංගු දුම්වැටි කාටූන් 420 ක් සගවා ගෙන සිටියදී රේගු නිලධාරීන් විසින් අත් අඩංගුවට ගෙන තිබේ .

මොවුන්  සියලුම දෙනා අත් අඩංගුවේ තබා ගෙන මේ පිළිබඳ වැඩිදුර විමර්ශන කටයුතු , ගුවන් තොටුපොළ රේගු නිලධාරීන් විසින් සිදු කරමින් සිටිති


Top Stories
wedivistara

දුරදිග ගිය ආරවුලෙන් තරුණයෙකු මරුට

wedivistara

ගෑස් මිල සංශෝධනය නොවේ - ලාෆ් ගෑස් සමාගම

wedivistara

ප්‍රමි­ති­යෙන් යුතු පොහොර ගොවි­යාට දෙන්න ආණ්ඩුවට අද බැරිවෙලා

wedivistara

පරාටේ නීතිය අද සිට යළි ක්‍රියාත්මක වෙයි

wedivistara

පරාටේ නීතියෙන් ව්‍යව­සා­ය­ක­යන්ගේ දේපොළ වෙන්දේසි විය හැකියි

wedivistara

කෝටි 6ක විදත් සන්නි­වේ­දන උප­ක­රණ කටු­නා­ය­කින් පන්නද්දී මාට්ටු

Trending
wedivistara

කෙහෙළියට එරෙහි නඩුව: රනිලුත් සාක්ෂිකරුවෙක් කරලා

wedivistara

සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා සම්බන්ධයෙන් ජනතාවට දැනුම්දීමක්

wedivistara

හරක් කටාගේ පරීක්ෂණවලදී CIDයෙන් අපේක්ෂිත අරමුණු ඉටු වුණේ නැහැ

wedivistara

ඉන්දීය නිළි ෂෙෆාලි ජරිවාලා ජීවිතක්ෂයට

wedivistara

නිශාන්ත වික්‍රමසිංහ ජූලි 01 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

wedivistara

ඇල්ලේ ගින්නක් : ගිනි තැබූ හෝටල් සේවකයා අත්අඩංගුවට


NEWS ALERT