Local
බඩඉරිඟු මෙට්‍රික්ටොන් 15,000 ක් ආනයනය කිරීමට කැබිනට් අනුමැතිය
Tuesday, 19 December 2023 - 8:47 pm
විවෘත වෙළෙඳපොළේ ප්‍රමාණවත් බඩඉරිඟු තොග නොමැති වීම හේතුවෙන් බඩඉරිඟු මෙට්‍රික්ටොන් 15,000 ක් ආනයනයට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා.
කුකුළු කෑම නිෂ්පාදනය සඳහා අමුද්‍රව්‍යවල පවතින හිඟතාවය හේතුවෙන් තාවකාලික පියවරක් ලෙස මෙම බඩඉරිඟු ආනයනය කිරීමට නියමිත බවයි අදාළ කැබිනට් තීරණයේ දැක්වෙන්නේ.
සීමාසහිත ශ්‍රී ලංකා රාජ්‍ය වාණිජ (විවිධ) නීතිගත සංස්ථාව මඟින් ලියාපදිංචි විදේශ සැපයුම්කරුවන් වෙතින් මෙම බඩඉරිඟු ආනයනය කිරීමට නියමිත බවයි වැඩිදුරටත් සඳහන් වනවා.
අදාළ කැබිනට් තීරණය පහතින්.