Local

ජාතික පැළ සිටුවීමේ නැකතට සිටුවන්න කථානායක ඇතුළු සභාගැබේ නිලධාරීන්ට පැළ බෙදයි

Wednesday, 03 April 2024 - 8:02 am

අලුත් අවුරුදු නැකැත් සීට්ටුවේ අප්‍රේල් මස 18 වැනි දින පෙරවරු 10.16ට යෙදෙන ජාතික පැළ සිටුවීමේ නැකතට සිටුවීමට කථානායක මහින්ද යාපා අබේවර්ධන ඇතුළු පාර්ලිමේන්තු නිලධාරීන්ට කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත ඇමැති මහින්ද අමරවීර විසින් (02) පලතුරු පැළ බෙදාදෙන ලදි.

දේශීය වෛද්‍ය රාජ්‍ය ඇමැති සිසිර ජයකොඩි, පාර්ලිමේන්තු මහලේකම් කුෂාණි රෝහණධීර, නියෝජ්‍ය මහලේකම් හා කාර්ය මණ්ඩල ප්‍රධානි චමින්ද කුලරත්න, වේත්‍රධාරි කුෂාන් ජයරත්නද මෙම අවස්ථාවේදී ඇමැතිවරයා විසින් පලතුරු පැළ බෙදා දෙනු ලැබීය.

සිංහල හා දෙමළ අලුත් අවුරුදු නැකැත් සීට්ටුව අනුව ක්‍රියාත්මක කරන මේ ජාතික රුක්රෝපණ වැඩසටහන “නැකතට පැළයක් – ජාතියට හුස්ම දෙන නැකත” යන තේමාව යටතේ මෙවරත් රට පුරා පැළ රෝපණය කිරීමේ වැඩසටහන් ගණනාවක් ක්‍රියාත්මක කිරීමට කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය කටයුතු යොදා තිබේ.

නැකතට පැළයක් ජාතික රුක්රෝපණ වැඩසටහන පිළිබඳව මෙහිදී අදහස් දක්වමින් ඇමැති මහින්ද අමරවීර ජනතාවගෙන් ඉල්ලීමක් කළේ මෙවර ජාතික පැළ සිටුවීමේ නැකතේ දී ඵල දරන කුමන හෝ පැළයක් සිටුවන ලෙසයි. එමෙන්ම ගෙවතු වගා වැඩසටහනක් සෑම දිස්ත්‍රික්කයක්ම ආවරණය වන පරිදි ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති බවත් එම ගෙවතු වගා වැඩසටහන යටතේ එළවළු හා පලතුරු පැළ මෙන්ම බීජ ද ලබාදීමේ වැඩපිළිවෙළක් කෘෂිකර්ම දෙපාර්තමේන්තුව හා ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුවේ අනුග්‍රහයෙන් ක්‍රියාත්මක කිරීමට යෝජිත බවත් ඇමැතිවරයා කීය. ඒ අනුව ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව විසින් ගෙවතු ලක්ෂයක් හා කෘෂිකර්ම දෙපාර්තමේන්තුව විසින් ගෙවතු 30,000ක් ද ක්‍රියාත්මක කිරීමට යෝජිත බව ද ඇමැතිවරයා සඳහන් කළේය.


Top Stories
wedivistara

දුරදිග ගිය ආරවුලෙන් තරුණයෙකු මරුට

wedivistara

ගෑස් මිල සංශෝධනය නොවේ - ලාෆ් ගෑස් සමාගම

wedivistara

ප්‍රමි­ති­යෙන් යුතු පොහොර ගොවි­යාට දෙන්න ආණ්ඩුවට අද බැරිවෙලා

wedivistara

පරාටේ නීතිය අද සිට යළි ක්‍රියාත්මක වෙයි

wedivistara

පරාටේ නීතියෙන් ව්‍යව­සා­ය­ක­යන්ගේ දේපොළ වෙන්දේසි විය හැකියි

wedivistara

කෝටි 6ක විදත් සන්නි­වේ­දන උප­ක­රණ කටු­නා­ය­කින් පන්නද්දී මාට්ටු

Trending
wedivistara

කෙහෙළියට එරෙහි නඩුව: රනිලුත් සාක්ෂිකරුවෙක් කරලා

wedivistara

සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා සම්බන්ධයෙන් ජනතාවට දැනුම්දීමක්

wedivistara

හරක් කටාගේ පරීක්ෂණවලදී CIDයෙන් අපේක්ෂිත අරමුණු ඉටු වුණේ නැහැ

wedivistara

ඉන්දීය නිළි ෂෙෆාලි ජරිවාලා ජීවිතක්ෂයට

wedivistara

නිශාන්ත වික්‍රමසිංහ ජූලි 01 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

wedivistara

ඇල්ලේ ගින්නක් : ගිනි තැබූ හෝටල් සේවකයා අත්අඩංගුවට


NEWS ALERT