Local

ජනාධිපතිවරණ ඡන්ද විමසීම ඇරඹෙයි

Saturday, 21 September 2024 - 9:01 am

ශ්‍රී ලංකාවේ 9 වැනි විධායක ජනාධිපතිවරයා තෝරාගැනීම සඳහා වන ඡන්ද විමසීම අද (21) පෙරවරු 07.00ට ආරම්භ වුණා.

ඡන්ද විමසීම පස්වරු 4.00 දක්වා දිවයින පුරා ඡන්ද මධ්‍යස්ථාන 13,421කදී පැවැත්වෙනවා.

මෙරට ඉතිහාසයේ ජනාධිපතිවරණයකට ඉදිරිපත් වු වැඩිම අපේක්ෂකයින් සංඛ්‍යාව මෙවර ඉදිරිපත්ව ඇති අතර ඒ සඳහා අපේක්ෂකයින් 39 දෙනෙකු ඉදිරිපත් වූ නමුත් එක් අපේක්ෂකයෙක් වූ මොහොමඩ් ඉල්ලෙයාස් මහතාගේ අභාවයත් සමග එය 38 දක්වා අඩු වුණා.

මෙවර ජනාධිපතිවරණය සඳහා ඡන්ද දායකයින් 17,140,354 දෙනෙකු සුදුසුකම් ලබා තිබෙනවා.

මැතිවරණ දිස්ත‍්‍රික්ක 22 අතරින් වැඩිම ඡන්දදායකයින් පිරිසක් ගම්පහ දිස්ත‍්‍රික්කයේ සිටින අතර එම දිස්ත‍්‍රික්කයේ ලියාපදිංචි ඡන්ද දායකයින් සංඛ්‍යාව 1,881,129ක්.

කොළඹ දිස්ත‍්‍රික්කයේ ලියාපදිංචි ඡන්දදායකයින් සංඛ්‍යාව 1,765,351ක් වනවා.

කුරුණෑගල දිස්ත‍්‍රික්කයේ ලියාපදිංචි ඡන්දදායකයින් සංඛ්‍යාව 1,417,226 දෙනෙකු වන අතර මහනුවර දිස්ත‍්‍රික්කයේ ඡන්දදායකයින් සංඛ්‍යාව 1,191,399ක්.

කළුතර දිස්ත‍්‍රික්කයෙන් 1,024,244, රත්නපුර දිස්ත‍්‍රික්කයෙන් 923,736, ගාල්ල දිස්ත‍්‍රික්කයෙන් 903,163, අනුරාධපුර දිස්ත‍්‍රික්කයෙන් 741,862 සහ කෑගල්ල දිස්ත‍්‍රික්කයෙන් 709,622 දෙනෙකු ඡන්දය භාවිත කිරීමට සුදුසුකම් ලබා ඇති බව සඳහන්.

බදුල්ල දිස්ත‍්‍රික්කයේ 705,772 දෙනෙකු, මාතර දිස්ත‍්‍රික්කයේ 686,175 දෙනෙකු, පුත්තලම දිස්ත‍්‍රික්කයේ හය ලක්ෂ 63,673 දෙනෙකු, නුවරඑළිය දිස්ත‍්‍රික්කයේ 605,292 දෙනෙකු ඡන්දය භාවිත කිරීමට සුදුසුකම් ලබා තිබෙනවා.

යාපනය සහ කිලිනොච්චිය ඇතුළත් යාපනය මැතිවරණ දිස්ත‍්‍රික්කයේ ලියාපදිංචි ඡන්දදායකයින් සංඛ්‍යාව 593,187 දෙනෙකු වන අතර දිගාමඩුල්ල දිස්ත‍්‍රික්කයේ ඡන්දදායකයින් 555,432 දෙනෙකු, හම්බන්තොට දිස්ත‍්‍රික්කයේ 20,940 දෙනෙකු, මඩකලපුව දිස්ත‍්‍රික්කයේ 449,686 දෙනෙකු, මාතලේ දිස්ත‍්‍රික්කයේ 429,991දෙනෙකු, පොළොන්නරුව දිස්ත‍්‍රික්කයේ 351,302 දෙනෙකු සහ ත‍්‍රිකුණාමලය දිස්ත‍්‍රික්කයේ 315,925 දෙනෙකු මෙවර ඡන්දය ප්‍රකාශ කිරීමට සුදුසුකම් ලබා ඇති බව සඳහන්.

අඩුම ඡන්ද දායකයින් පිරිසක් සහිත මැතිවරණ දිස්ත‍්‍රික්කය බවට පත්ව ඇත්තේ වව්නියාව, මන්නාරම සහ මුලතිව් ඇතුළත් වන්නි මැතිවරණ දිස්ත‍්‍රික්කයට වනවා.

එහි ඡන්දදායකයින් සංඛ්‍යාව 306,081 දෙනෙකු වන බව සඳහන්.


Top Stories
wedivistara

දුරදිග ගිය ආරවුලෙන් තරුණයෙකු මරුට

wedivistara

ගෑස් මිල සංශෝධනය නොවේ - ලාෆ් ගෑස් සමාගම

wedivistara

ප්‍රමි­ති­යෙන් යුතු පොහොර ගොවි­යාට දෙන්න ආණ්ඩුවට අද බැරිවෙලා

wedivistara

පරාටේ නීතිය අද සිට යළි ක්‍රියාත්මක වෙයි

wedivistara

පරාටේ නීතියෙන් ව්‍යව­සා­ය­ක­යන්ගේ දේපොළ වෙන්දේසි විය හැකියි

wedivistara

කෝටි 6ක විදත් සන්නි­වේ­දන උප­ක­රණ කටු­නා­ය­කින් පන්නද්දී මාට්ටු

Trending
wedivistara

කෙහෙළියට එරෙහි නඩුව: රනිලුත් සාක්ෂිකරුවෙක් කරලා

wedivistara

සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා සම්බන්ධයෙන් ජනතාවට දැනුම්දීමක්

wedivistara

හරක් කටාගේ පරීක්ෂණවලදී CIDයෙන් අපේක්ෂිත අරමුණු ඉටු වුණේ නැහැ

wedivistara

ඉන්දීය නිළි ෂෙෆාලි ජරිවාලා ජීවිතක්ෂයට

wedivistara

නිශාන්ත වික්‍රමසිංහ ජූලි 01 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

wedivistara

ඇල්ලේ ගින්නක් : ගිනි තැබූ හෝටල් සේවකයා අත්අඩංගුවට


NEWS ALERT