Local

රුපියල බේරගත්ත හැටි කියන ජනපති

Wednesday, 04 September 2024 - 4:53 pm

විධිමත් සැලැස්මකින් තොරව රටේ ආර්ථිකය ගොඩනැගීමට හැකියාවක් නොමැති බව ස්වාධින ජනාධිපති ධූර අපේක්ෂක රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

ඔහු පවසන්නේ අසීරු තීරණ ගැනීම මඟින් රුපියල ශක්තිමත් කිරීමට හැකිවීම හරහා ආර්ථික අර්බුදය තාවකාලිකව විසඳීමට හැකියාවක් ලැබී ඇති බවය.

ඇහැළියගොඩ ප්‍රදේශයේ පැවති ජන හමුවකට එක් වෙමින් රනිල් වික්‍රමසිංහ මහතා මෙම අදහස් පළ කළේය.

'එදා මම එක්ක මේ කණ්ඩායම ආවා බය නැතුව භාරගන්න. එක එක පක්ෂවලින් රැස්වුණා. අපි භාරගත්තා ආණ්ඩුව. ඉස්සරවෙලා රුපියල බේරගත්තා. අපිට අමාරු තීරණ ගන්න සිදුවුණා. 2023 ජීවත් වෙන්න, ජීවන බර වැඩියි. අපි කවුරුත් කියනවා ඒත් කරන්න දෙයක් තිබුණේ නැහැ. ඒ පියවර ගත්තේ නැතිනම් අපි මේ තත්ත්වයේ ඉන්නේ නැහැ. ග්‍රිසීයේ වගේ අපි ඉන්නේ. එතන ඉඳන් අපි රුපියල ශක්තිමත් කළා. ආර්ථිකය ශක්තිමත් කළා. 2023දී අපිට අස්වැසුම දෙන්න පුළුවන් වුණා සමෘද්ධිය වගේ තුන්ගුණයක්. 

දැන් බලන්න 2024දී අපි දීලා තියෙන සහනාධාර. මේක අපි ආරම්භ කරලා තියෙනවා. මෙතනින් අවසන් වෙන්නේ නැහැ. තවත් වැඩ කටයුතු කරන්න තියෙනවා. අපි තව තවත් ආර්ථිකය ශක්තිමත් කරනවා. දළ දේශීය නිෂ්පාදනය වැඩිකරනවා. ඒ නිසා රුපියල ශක්තිමත් වෙනවා. මම ඇවිල්ල තියෙන්නේ දැන් අපි ගත්ත පියවර අනාගතයට ගෙනියන්න. ඒක තහවුරු කරන්න. මේක අවුරුද්දකින් දෙකකින් කළා කියලා, තහවුරු වීමක් නැහැ. ආයම වැටෙන්න පුළුවන්. ඒ නිසා සැලැස්මක් තියෙනවා නම් විතරයි අපිට ඉදිරියට යන්න පුළුවන්.'


Top Stories
wedivistara

දුරදිග ගිය ආරවුලෙන් තරුණයෙකු මරුට

wedivistara

ගෑස් මිල සංශෝධනය නොවේ - ලාෆ් ගෑස් සමාගම

wedivistara

ප්‍රමි­ති­යෙන් යුතු පොහොර ගොවි­යාට දෙන්න ආණ්ඩුවට අද බැරිවෙලා

wedivistara

පරාටේ නීතිය අද සිට යළි ක්‍රියාත්මක වෙයි

wedivistara

පරාටේ නීතියෙන් ව්‍යව­සා­ය­ක­යන්ගේ දේපොළ වෙන්දේසි විය හැකියි

wedivistara

කෝටි 6ක විදත් සන්නි­වේ­දන උප­ක­රණ කටු­නා­ය­කින් පන්නද්දී මාට්ටු

Trending
wedivistara

කෙහෙළියට එරෙහි නඩුව: රනිලුත් සාක්ෂිකරුවෙක් කරලා

wedivistara

සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා සම්බන්ධයෙන් ජනතාවට දැනුම්දීමක්

wedivistara

හරක් කටාගේ පරීක්ෂණවලදී CIDයෙන් අපේක්ෂිත අරමුණු ඉටු වුණේ නැහැ

wedivistara

ඉන්දීය නිළි ෂෙෆාලි ජරිවාලා ජීවිතක්ෂයට

wedivistara

නිශාන්ත වික්‍රමසිංහ ජූලි 01 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

wedivistara

ඇල්ලේ ගින්නක් : ගිනි තැබූ හෝටල් සේවකයා අත්අඩංගුවට


NEWS ALERT