Local

මහවැලියෙන් අතහැරුණු කලාප කඩිනමින් සංවර්ධනය කර ජනතාවට ප්‍රතිලාභ දීමට ක්‍රියා කරනවා

Friday, 22 March 2024 - 8:17 am

රට නවීන කෘෂි ආර්ථිකයක් කරා ගෙනයන ගමනේ දී, මහවැලි ව්‍යාපාරයෙන් අතහැරුණු මහවැලි ඒ සහ බී කලාප කඩිනමින් සංවර්ධනය කර ජනතාවට එහි ප්‍රතිලාභ ලබාදීමට කටයුතු කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පැවසීය.මෙරට වාරි ඉතිහාසයේ සුවිශේෂී පරිවර්තනයක් කරමින් එදා ගාමිණී දිසානායක මහවැලි ව්‍යාපාරය ක්‍රියාත්මක නොකළා නම් අද රට සහලින් ස්වයංපෝෂිත කිරීමට නොහැකි වන බවත්,රටට අවශ්‍ය විදුලිය ලබා ගැනීමට නොහැකි වන බවත් ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.ජනාධිපති රනිල් වික්‍රමසිංහ මේ බව සඳහන් කළේ දිවංගත හිටපු ඇමැති ගාමිණී දිසානායකගේ 82 වැනි ජන්ම දින සැමරුම් උත්සවයට ප්‍රධාන ආරාධිතයා වශයෙන් (20) පස්වරුවේ එක්වෙමිනි. මේ උත්සවය කොළඹ 07 ආනන්ද කුමාරස්වාමි මාවතේ පිහිටි ගාමිණි දිසානායක පිළිරුව අබියසදී පැවැත්විණි. ගාමිණී දිසානායක පිළිබඳ අතීත මතකය මෙහිදී ආවර්ජනය කළ ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ ගාමිණී දිසානායකගේ කැපවීම සියලුදෙනාට ආදර්ශයක් බවයි. ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් ගාමිණී දිසානායක මහතාගේ පිළිරුවට පුෂ්පෝපහාර දැක්වීමද මෙහිදී සිදු කෙරිණි. සර්ව ආගමික වතාවත් මැද ජන්ම දින සැමරුම් උත්සවයේ කටයුතු ආරම්භ වූ අතර ශ්‍යාමෝපාලිවංශික මහ නිකායේ මල්වතු පාර්ශ්වයේ කළුතර දිසාවේ ප්‍රධාන සංඝ නායක, වාද්දුව මොල්ලිගොඩ දෙගම්බද මහා විහාරයේ විහාරාධිපති, එජාප භික්ෂු පෙරමුණේ සභාපති බෝපිටියේ ධම්මිස්සර නායක හිමිපාණන් වහන්සේ විසින් විශේෂ අනුශාසනාවක් කළහ.

රට වෙනුවෙන් දිවිපිදු සියලු වීරෝදාර රණවිරුවන් සහ 1994 ඔක්තෝබර් 23 වැනි දින ගාමිණී දිසානායක සමඟ තොටළඟ ඛේදවාචකයට මුහුණ දෙමින් මිය ගිය සියලුදෙනා සහ ජාතික නායකයන් මෙන්ම ගාමිණී දිසානායක පදනමේ නිර්මාතෘ අභාවප්‍රාප්ත අධිනීතිඥ ශ්‍රීමා දිසානායක ඇතුළු සියලුදෙනා සිහිපත් කරමින් විනාඩියක නිශ්ශබ්දතාවක් මෙහිදී පැවැත්විණි.

පිළිගැනීමේ කතාව ගාමිණී දිසානායක පදනමේ උප සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී මයන්ත දිසානායක විසින් සිදු කරන ලදි.

හිටපු කථානායක කරු ජයසූරිය – ගාමිණී දිසානායක චරිතය දේශපාලන පූර්වාදර්ශයක්. එතුමා ජනාදරයට පත් වූයේ ජනතාවට සේවය කරමින් බව පෙන්වා දුන් කරු ජයසූරිය  එතුමාගේ නිවැරදි කළමනාකරණය ශ්‍රී ලංකාව වේගවත් සංවර්ධනයකට නතු කිරීමට හැකි වූ බවද සඳහන් කළේය.

ගාමිණී දිසානායක පදනමේ සභාපති සබරගමුව පළාත් ආණ්ඩුකාර නවීන් දිසානායක -එජාප හිටපු නායකයකු ලෙස එක්සත් ජාතික පක්ෂයේ ආර්ථික ක්‍රමය රටට ගැළපෙන බව තම පියාණන් සෑමවිටම ප්‍රකාශ කළ බව පැවසීය. ඉදිරියේදීත් තමන් බලාපොරොත්තු වන්නේ මධ්‍යස්ථ දක්‍ෂිණාංශික ව්‍යාපාරයක් බව පැවසූ ඒ මහතා ඉදිරි ජනාධිපතිවරණයේ දී එවැනි නායකයෙක් ජනතාව විසින් තෝරාපත් කරගනු ඇතැයි අපේක්ෂා කරන බව සඳහන් කළේය.

ඇමැති ආචාර්ය විජේදාස රාජපක්ෂ, රාජ්‍ය ඇමැති අරවින්ද කුමාර්, ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන රංජිත් මද්දුමබණ්ඩාර, රාජිත සේනාරත්න, වඩිවෙල් සුරේෂ්, හිටපු ඇමැති රවී කරුණානායක, හිටපු රාජ්‍ය ඇමැති චම්පිකා ප්‍රේමදාස, ජනාධිපති වෘත්තීය සමිති පිළිබඳ අධ්‍යක්ෂ ජනරාල් සමන් රත්නප්‍රිය මහත්වරුන් ඇතුළු දේශපාලන නියෝජිතයන් රැසක් ද, ගාමිණී දිසානායක මහතාගේ පවු‍ෙල් ඥාතීන් ඇතුළු පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියහ.

 


Top Stories
wedivistara

දුරදිග ගිය ආරවුලෙන් තරුණයෙකු මරුට

wedivistara

ගෑස් මිල සංශෝධනය නොවේ - ලාෆ් ගෑස් සමාගම

wedivistara

ප්‍රමි­ති­යෙන් යුතු පොහොර ගොවි­යාට දෙන්න ආණ්ඩුවට අද බැරිවෙලා

wedivistara

පරාටේ නීතිය අද සිට යළි ක්‍රියාත්මක වෙයි

wedivistara

පරාටේ නීතියෙන් ව්‍යව­සා­ය­ක­යන්ගේ දේපොළ වෙන්දේසි විය හැකියි

wedivistara

කෝටි 6ක විදත් සන්නි­වේ­දන උප­ක­රණ කටු­නා­ය­කින් පන්නද්දී මාට්ටු

Trending
wedivistara

කෙහෙළියට එරෙහි නඩුව: රනිලුත් සාක්ෂිකරුවෙක් කරලා

wedivistara

සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා සම්බන්ධයෙන් ජනතාවට දැනුම්දීමක්

wedivistara

හරක් කටාගේ පරීක්ෂණවලදී CIDයෙන් අපේක්ෂිත අරමුණු ඉටු වුණේ නැහැ

wedivistara

ඉන්දීය නිළි ෂෙෆාලි ජරිවාලා ජීවිතක්ෂයට

wedivistara

නිශාන්ත වික්‍රමසිංහ ජූලි 01 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

wedivistara

ඇල්ලේ ගින්නක් : ගිනි තැබූ හෝටල් සේවකයා අත්අඩංගුවට


NEWS ALERT