Local

දඩයමට විරුද්ධවීම අපේ වගකීමක් - දිලිත්

Monday, 02 December 2024 - 10:01 pm

එල්.ටී.ටී.ඊ. මහවිරු දින උත්සව සැමරුම් ප්‍රචාර සිදුකර ඇතැයි චෝදනා මත රක්ෂිත බන්ධනාගාරගතව සිටි කැළුම් හර්ෂණ නමැත්තා කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණයෙන් ඇප මත මුදාහැරුණි.

ඒ එම සිද්ධියට අදාළ නඩුව අද (02) කැඳවූ අවස්ථාවේදීය.

එල්.ටී.ටී.ඊ. මහවිරු දින උත්සව සැමරුම් ප්‍රචාර සිදුකරමින් මහජනයා නොසන්සුන් කිරීමේ චෝදනා මත සැකකරුවන් සිව්දෙනෙකු අවස්ථා කිහිපයකදී අත්අඩංගුවට ගැනුණි.

සෙසු සැකකරුවන් අතරින් යාපනය ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් තැනැත්තා යාපනය මහෙස්ත්‍රාත් අධිකරණයට ඊයේ (01) ඉදිරිපත් කෙරුණු අතර ඔහු දෙසැම්බර් 4 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.

රිමාන්ඩ් භාරයේ පසුවන සෙසු සැකකරුවන් වන්නේ දේශපාලන ක්‍රියාකාරිකයෙකු වන කැලුම් ජයසුමන හා ජනිත් චතුරංග යන අය වේ.

ඒ අතරින් කැලුම් ජයසුමන මහතාගේ සුවදුක් විමසා බැලීම සඳහා සර්වජන බලය නායක පාර්ලිමේන්තු මන්ත්‍රී ව්‍යවසායක දිලිත් ජයවීර මහතා ඇතුළු පිරිසක් වැලිකඩ බන්ධනාගාර පරිශ්‍රය වෙත අද (02) පැමිණියේය.

එහිදී අදහස් දක්වමින් සර්වජන බලයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිත් ජයවීර මහතා පවසා සිටියේ, සමාජ මාධ්‍ය භාවිතය අනවශ්‍ය ලෙස පාලනයට රජය කටයුතු කරමින් සිටින බවය. 

එය ජනතාවගේ අදහස් ප්‍රකාශ කිරීමේ නිදහසට දැඩි බලපෑමක් බවත් ඔහු පැවසීය.

'මොන රජයක් යටතේ වුණත් තමන්ගේ අදහස් ප්‍රකාශ කිරීමේ අයිතියට වැට බැදීමට විරුද්ධ වුණ පුද්ගලයින් අපි. වර්තමාන රජය මේ කරන දඩයමට විරුද්ධවීම අපේ වගකීමක්. බොහොම කණගාටු වෙනවා සමාජ මාධ්‍ය මේ විදිහට පාලනය කරන්න අනවශ්‍ය විදිහට බලපෑම් කරන එක ගැන. මම හිතන්නේ මධ්‍ය නිදහසට, මිනිස්සුන්ගේ අදහස් ප්‍රකාශ කිරීමේ නිදහසට විශාල බලපෑමක් ඇතිකරලා තියෙනවා. මහවිරු කියන සංකල්පයක් මේ සමාජය තුළ ඇතිකරලා අපේ එකමුතු ජාතිකත්ව සංකල්පයට ඉතා විශාල බධාවක් ඇතිකරනවා. මේ වර්තමාන රජයට කියන්නේ මේවා ඉතාම සංවේදී ඒවා. මේවා පාවිච්චිකරන්න එපා පටු දේශපාලනයට.'


Top Stories
wedivistara

දුරදිග ගිය ආරවුලෙන් තරුණයෙකු මරුට

wedivistara

ගෑස් මිල සංශෝධනය නොවේ - ලාෆ් ගෑස් සමාගම

wedivistara

ප්‍රමි­ති­යෙන් යුතු පොහොර ගොවි­යාට දෙන්න ආණ්ඩුවට අද බැරිවෙලා

wedivistara

පරාටේ නීතිය අද සිට යළි ක්‍රියාත්මක වෙයි

wedivistara

පරාටේ නීතියෙන් ව්‍යව­සා­ය­ක­යන්ගේ දේපොළ වෙන්දේසි විය හැකියි

wedivistara

කෝටි 6ක විදත් සන්නි­වේ­දන උප­ක­රණ කටු­නා­ය­කින් පන්නද්දී මාට්ටු

Trending
wedivistara

කෙහෙළියට එරෙහි නඩුව: රනිලුත් සාක්ෂිකරුවෙක් කරලා

wedivistara

සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා සම්බන්ධයෙන් ජනතාවට දැනුම්දීමක්

wedivistara

හරක් කටාගේ පරීක්ෂණවලදී CIDයෙන් අපේක්ෂිත අරමුණු ඉටු වුණේ නැහැ

wedivistara

ඉන්දීය නිළි ෂෙෆාලි ජරිවාලා ජීවිතක්ෂයට

wedivistara

නිශාන්ත වික්‍රමසිංහ ජූලි 01 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

wedivistara

ඇල්ලේ ගින්නක් : ගිනි තැබූ හෝටල් සේවකයා අත්අඩංගුවට


NEWS ALERT