Local

රාජ්‍ය අංශයේ වැටුප් විෂමතා විසඳීමට කටයුතු කරනවා - ජනාධිපති රනිල් වික්‍රමසිංහ

Thursday, 30 May 2024 - 12:22 pm
Breaking News

  • රටක් ලෙස වැටී සිටි අප දැන් දෙපයින් නැගිට ඇවිඳීමට පටන් ගත්තා පමණයි.
  • රට ගොඩනැඟීමේ ගමනේදී වෘත්තීය සමිති ව්‍යාපාරය කාලීන වෙනස්කම්වලට බඳුන් වෙමින් ඉදිරියට පැමිණිය යුතුයි.
  • බැංකු ඇතුළු මූල්‍ය ආයතන තුළ රජයේ ශක්තිය තබා ගෙන රට ඉදිරියට ගෙන යාම සැලැස්මයි.
  • 2027 වන තෙක් විදේශ ණය නොගෙවා සිටීමට රටට අවස්ථාව ලැබී තිබෙනවා.
  • රාජ්‍ය ආයතන සඳහා දේශපාලන පත්වීම මත අධ්‍යක්ෂ මණ්ඩල පත් කිරීම වැළැක්වීමට නව නීති ගෙන එනවා.
  • අනාගතයට ගැළපෙන ශ්‍රමිකයා නිර්මාණය කිරීම වෙනුවෙන් සේවක කේන්ද්‍රයක්.

රාජ්‍ය අංශයේ සෑම අංශයකම වැටුප් විෂමතා විසඳීමට කටයුතු කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

ආර්ථික වශයෙන් වැටී තිබු රට දැන් දෙපයින් නැගිට ඇවිඳීමට පටන් ගත්තා පමණක් බව පෙන්වා දුන් ජනාධිපතිවරයා රටක් ලෙස තවත් බොහෝ දුර යාමට ඇති බවත් ඒ සඳහා වෘත්තීය සමිති ව්‍යාපාරය ද කාලීන වෙනස්කම්වලට බදුන් වෙමින් ඉදිරියට පැමිණිය යුතු බවත් සඳහන් කළේය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කර සිටියේ, දේශබන්දු ලෙස්ලි දේවේන්ද්‍ර මහතාගේ වෘත්තීය දිවියට හැට වසරක් සැපිරීම නිමිත්තෙන් “ලෙස්ලි දේවේන්ද්‍ර සිංහාවලෝකනය” මැයෙන් කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී ඊයේ (29) පැවති උත්සවයට එක් වෙමිනි.

රට ඉදිරියට ගෙන යාමේ වැඩපිළිවෙළ වෙනුවෙන් වු සියලු වෘත්තිකයන්ගේ අදහස් සංවාදයට බදුන් කිරීම සඳහා මෙන්ම අනාගතයට ගැළපෙන ශ්‍රමිකයා නිර්මාණය කිරීම වෙනුවෙන් “සේවක කේන්ද්‍රයක්” ඇති කිරීමට කටයුතු කරන බවත් ඒ සඳහා ආණ්ඩුවෙන් වාර්ෂිකව මුදලක් වෙන් කිරීමට පියවර ගන්නා බවත් ජනාධිපතිවරයා මෙහිදී පැවසිය.

බැංකු ක්ෂේත්‍රය ඇතුළු මූල්‍ය ආයතන තුළ රජයේ ශක්තිය තබා ගෙන රට ඉදිරියට ගෙන යාමේ රජයේ සැලසුම් පිළිබඳවද මෙහිදී කරුණු පැහැදිළි කළ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙරට මූල්‍ය අංශයේ ස්ථාවරත්වය පවත්වාගෙන යාම වෙනුවෙන් 2027 වන තෙක් විදේශ ණය නොගෙවා සිටීමට අවස්ථාව ලබාගෙන ඇති බවද සඳහන් කළේය.

එසේම රාජ්‍ය ආයතන සඳහා දේශපාලන පත්වීම් මත අධ්‍යක්ෂ මණ්ඩල පත් කිරීම වැළැක්වීමට නව නීති ගෙන එන බවද සඳහන් කළ ජනාධිපතිවරයා නිසි සැලැස්මක් ඔස්සේ රටේ ආර්ථිකය දියුණු නොකළහොත් රටට අනාගතයක් නොමැති බවද අවධාරණය කළේය.

මෙරට වෘත්තීය සමිති ව්‍යාපාරය වෙනුවෙන් දේශබන්දු ලෙස්ලි දේවේන්ද්‍ර මහතා ඉටු කරන මහඟු මෙහෙවර මෙහිදී ඇගයීමට ලක් කළ ජනාධිපතිවරයා එතුමා සෑමවිටම සමාජ යථාර්ථය හදුනා ගනිමින් නවීකරණය සමඟ ඉදිරියට යාමට කටයුතු කළ බවද සඳහන් කළේය.

දේශබන්දු ලෙස්ලි දේවේන්ද්‍ර මහතා ඇගයීම ලක් කරමින් සමරු තිළිණයක් ප්‍රදානය කිරීමද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතින් සිදුවිය.


Top Stories
wedivistara

ලංගම බස් රථයක් මස්කෙළියේ දී අනතුරට පත්වෙයි

wedivistara

බදු මුදල් ගෙවන සියලු ජනතාවට ජනපතිගෙන් ආරාධනයක්

wedivistara

මහින්ද සිරිවර්ධන ජුනි මස අවසානයේදී මුදල් අමාත්‍යංශ ලේකම් ධුරයෙන් සමුගනී

wedivistara

තුසිත හල්ලොලුව ජුනි 04 දක්වා යළි රිමාන්ඩ්

wedivistara

කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ නියෝගයක් ක්‍රියාත්මක කිරීම වළක්වාලමින් අතුරු තහනම් නියෝගයක්

wedivistara

ත්‍රිවිධ හමුදාවෙන් පලාගිය 2,983 දෙනෙක් අත්අඩංගුවට

Trending
wedivistara

72 වන ලෝක රූ රැජින උළෙලේ දුක හිතෙන අපේ කතාව

wedivistara

ආසියාවේ පැතිරෙන නව කොවිඩ් ප්‍රභේදය ලංකාවේ

wedivistara

පළාත් පාලන ආයතනවල සභිකයින්ගේ නම් ලබාදිය යුතු අවසන් දිනය නම් කරමින් ගැසට් නිවේදනයක්

wedivistara

පළාත් පාලන සභික ලැයිස්තුව ඇතුළත් ගැසට් පත්‍රය අද නිකුත් කෙරේ

wedivistara

විදුලි බිඳ වැටීම් දැනුම් දෙන්න විශේෂ දුරකථන අංකයක්

wedivistara

තායිවාන සීමාවේ චීන හමුදා අභ්‍යාස ඉහළට


NEWS ALERT