Local

ග්‍රාමීය සංවර්ධනයට සක්‍රියව මැදිහත්වී නිෂ්පාදන ආර්ථිකය පණගන්වන්න

Monday, 19 May 2025 - 9:12 am

මෙරට නිෂ්පාදන ආර්ථිකය පණගන්වමින් ග්‍රාමීය සංවර්ධනයට සක්‍රියව මැදිහත්වන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සියලු දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සභාපතිවරුන්ට දැනුම් දුන්නේය.

ජනාධිපතිවරයා එසේ ප්‍රකාශ කළේ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සභාපතිවරුන් සහ මුදල් අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සමඟ පසුගියදා (16) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවේදීය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපතිවරයා මෙලෙස ද කීවේය.

“පසුගිය වසර කිහිපයේ ග්‍රාමීය ප්‍රදේශවල යටිතල පහසුකම් සංවර්ධනය නොවීම නිසා එම ජනතාව ගැටලු රැසකට මුහුණ දී තිබෙනවා. ග්‍රාමීය සංවර්ධනය වෙනුවෙන් මෙවර අය -වැයෙන් වෙන් කර ඇති ප්‍රතිපාදන නිසි අයුරින් නියමිත කාලරාමුව තුළ වැය කිරීම අවශ්‍යයි. දිස්ත්‍රික් සංවර්ධන කමිටු රැස්වීම් පැවැත්වීමේදී ඒ ඒ දිස්ත්‍රික්කවල පවතින සංවර්ධන අවශ්‍යතාවලට ප්‍රමුඛත්වය දෙමින් අදාළ විෂය භාර ඇමැතිවරුන් ද ඊට සම්බන්ධ කර ගන්නා ලෙස ජනපති, දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සභාපතිවරුන්ට උපදෙස් දුන්නේය.

2024 අය-වැය ප්‍රතිපාදන වෙන් කිරීමේදී නිෂ්පාදන ආර්ථිකයට අදාළ ව්‍යාපෘති සඳහා ප්‍රමුඛත්වයක් දීම සිදු වුණා. දිස්ත්‍රික් මට්ටමින් වෙන් කරන ලද එම ප්‍රතිපාදන නිදහස් කිරීමේදී සිදුව ඇති ප්‍රමාදයන් සහ අකාර්යක්ෂමතාව පිළිබඳවත් නිලධාරීන්ගේ අවධානය යොමු විය යුතුයි.”

මේ අවස්ථාවට මැති ඇමැතිවරුන්, කම්කරු ඇමැති, ආර්ථික සංවර්ධන නියෝජ්‍ය ඇමැති අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතා සහ සියලු දිස්ත්‍රික් නියෝජනය කරමින් දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සභාපතිවරුන් නියෝජිතයන් ඇතුළු මුදල් අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීහු ද එක්ව සිටියහ.

උපාලි කරුණාරත්න සහ ජයසිරි මුණසිංහ


Top Stories
wedivistara

දුරදිග ගිය ආරවුලෙන් තරුණයෙකු මරුට

wedivistara

ගෑස් මිල සංශෝධනය නොවේ - ලාෆ් ගෑස් සමාගම

wedivistara

ප්‍රමි­ති­යෙන් යුතු පොහොර ගොවි­යාට දෙන්න ආණ්ඩුවට අද බැරිවෙලා

wedivistara

පරාටේ නීතිය අද සිට යළි ක්‍රියාත්මක වෙයි

wedivistara

පරාටේ නීතියෙන් ව්‍යව­සා­ය­ක­යන්ගේ දේපොළ වෙන්දේසි විය හැකියි

wedivistara

කෝටි 6ක විදත් සන්නි­වේ­දන උප­ක­රණ කටු­නා­ය­කින් පන්නද්දී මාට්ටු

Trending
wedivistara

කෙහෙළියට එරෙහි නඩුව: රනිලුත් සාක්ෂිකරුවෙක් කරලා

wedivistara

සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා සම්බන්ධයෙන් ජනතාවට දැනුම්දීමක්

wedivistara

හරක් කටාගේ පරීක්ෂණවලදී CIDයෙන් අපේක්ෂිත අරමුණු ඉටු වුණේ නැහැ

wedivistara

ඉන්දීය නිළි ෂෙෆාලි ජරිවාලා ජීවිතක්ෂයට

wedivistara

නිශාන්ත වික්‍රමසිංහ ජූලි 01 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

wedivistara

ඇල්ලේ ගින්නක් : ගිනි තැබූ හෝටල් සේවකයා අත්අඩංගුවට


NEWS ALERT