Local

පර්යේෂණ, සාක්ෂි සහ දත්ත මත පදනම්ව රට තුළ නව පරිවර්ථනයක් සිදු කරනවා -අගමැති හරිනි-

Friday, 06 December 2024 - 10:29 pm

පසුගිය වසර 75 තුළ රට ගමන් කරමින් සිටි දිශාව වෙනස් කරමින් පර්යේෂණ, සාක්ෂි සහ දත්ත මත පදනම්ව නව පරිවර්ථනයක් රට තුළ සිදු කිරීම රජයේ අරමුණ බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පවසනවා.

අග්‍රාමාත්‍යවරිය මේ බව පැවසුවේ කොළඹ වෛද්‍ය පිඨයේ අද (06) පැවති ජාතික විද්‍යා පදනම විසින් සංවිධානය කළ ඩිජිටල් පුස්තකාල සමුළුව 2024 අමතමින්.

පර්යේෂණ සහ සංවර්ධන සඳහා ආයෝජනය කිරීම ඉතා වැදගත් ලෙස සලකන බවයි අග්‍රාමාත්‍යවරිය සඳහන් කර සිටියේ.

රජයේ සංවර්ධන වැඩපිලිවෙළ සඳහා පර්යේෂණ සහ සංවර්ධන සඳහා ආයෝජනය කිරීම අත්‍යවශ්‍ය බවත් රජයේ අභිප්‍රාය වන්නේ පසුගිය වසර 75 තුළ රට ගමන් කරමින් සිටි දිශාවට නොව නව මාවතකට රට යොමු කිරීම බවද අග්‍රාමාත්‍යවරිය සඳහන් කර සිටියා.

එමෙන්ම අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය ප්‍රකාශ කර සිටියේ ඉහළ මට්ටම්වල තීරණ ගැනීමේ දී, විද්‍යාව මත පදනම්ව, සාක්ෂි මත පදනම්ව, දත්ත මත පදනම්ව තීරණ නොගැනීම නිසා පසුගිය වසර කිහිපය තුළ විශාල ගැටලුවලට මුහුණ දුන් බවයි.

විභවයක් සහිත රටක් ලෙස ගත යුතු ඉදිරි පිම්ම වෙනුවෙන් නවෝත්පාදනය, නව සොයාගැනීම් මෙන්ම නව තාක්ෂණය සඳහා ආයෝජනය කළ යුතු බවද අග්‍රාමාත්‍යවරිය මෙහිදී සඳහන් කර සිටියා.

ඒ අනුව වැඩිදුර අදහස් දක්වමින් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය ප්‍රකාශ කර සිටියේ නිෂ්පාදන, නවෝත්පාදන මෙන්ම සියලු විශේෂයෙන් ප්‍රමාණය, ගුණාත්මකභාවය සහ ප්‍රමිතිය කෙරෙහි වැඩි අවධානය යොමු කළ යුතු බවයි.


Top Stories
wedivistara

දුරදිග ගිය ආරවුලෙන් තරුණයෙකු මරුට

wedivistara

ගෑස් මිල සංශෝධනය නොවේ - ලාෆ් ගෑස් සමාගම

wedivistara

ප්‍රමි­ති­යෙන් යුතු පොහොර ගොවි­යාට දෙන්න ආණ්ඩුවට අද බැරිවෙලා

wedivistara

පරාටේ නීතිය අද සිට යළි ක්‍රියාත්මක වෙයි

wedivistara

පරාටේ නීතියෙන් ව්‍යව­සා­ය­ක­යන්ගේ දේපොළ වෙන්දේසි විය හැකියි

wedivistara

කෝටි 6ක විදත් සන්නි­වේ­දන උප­ක­රණ කටු­නා­ය­කින් පන්නද්දී මාට්ටු

Trending
wedivistara

කෙහෙළියට එරෙහි නඩුව: රනිලුත් සාක්ෂිකරුවෙක් කරලා

wedivistara

සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා සම්බන්ධයෙන් ජනතාවට දැනුම්දීමක්

wedivistara

හරක් කටාගේ පරීක්ෂණවලදී CIDයෙන් අපේක්ෂිත අරමුණු ඉටු වුණේ නැහැ

wedivistara

ඉන්දීය නිළි ෂෙෆාලි ජරිවාලා ජීවිතක්ෂයට

wedivistara

නිශාන්ත වික්‍රමසිංහ ජූලි 01 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

wedivistara

ඇල්ලේ ගින්නක් : ගිනි තැබූ හෝටල් සේවකයා අත්අඩංගුවට


NEWS ALERT