Local

ගෙල කපා මරාදැමුණු කාන්තා සිරුරක් ඌරගස්මංහන්දියේ ස්ටිකර් කඩයක

Friday, 12 April 2024 - 8:01 pm

ඌරගස්මංහන්දිය, මීගස්පිටිය පාරේ පිහිටි ස්ටිකර් වෙළෙඳසලක් තුළ තිබී ගෙල කපා ඝාතනය කෙරුණු 43 හැවිරිදි කාන්තාවකගේ රුධිරයෙන් නැහැවුණු මළ සිරුරක් (11) උදෑසන හමු වූ බව ඌරගස්මංහන්දිය පොලිසිය කියයි.

මෙසේ ඝාතනය වී ඇත්තේ එම වෙළෙඳසල පිටුපස කාමරයක පදිංචිව සිටි ඌරගොඩ විතානගේ යමුනා නිරෝෂණී විතාන (43) නමැති කාන්තාවකි.

ඇල්පිටිය වැඩ බලන මහේස්ත්‍රාත්වරයා සිද්ධිය වූ ස්ථානයට (11) පෙරවරුවේ පැමිණ ස්ථානීය පරික්ෂාවක් සිදුකර මෘත දේහය පශ්චාත් මරණ පරීක්ෂණයක් සඳහා ඇල්පිටිය මූලික රෝහලට රැගෙන යෑමට නියෝග කර තිබේ.

ඝාතනයට ලක්වූ තැනැත්තියගේ ස්වාමිපුරුෂයා වන ඇල්පිටියගේ ලාල් නිශාන්ත (25) නමැති අය පොලිසියට ප්‍රකාශ කර ඇත්තේ (11) අලුයම 5.45 ට පමණ බිරිය පරිගණකයේ වැඩ කරමින් සිටියදී පැමිණි දෙදෙනෙකු තියුණු ආයුධයකින් ඇගේ ගෙල කපා පලා ගිය බවයි.

ඝාතකයන් දෙදෙනා බිරියගෙන් මුදල් ඉල්ලා සිටි බවත් මුදල් නොදුන් විට තියුණු ආයුධයෙන් ගෙලට පහර දුන් බවත් ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කර තිබේ. ඝාතනයට ලක් වූ අයගේ ස්වාමිපුරුෂයාගේ ප්‍රකාශ සම්බන්ධයෙන් වැඩිදුරටත් පුළුල් පරීක්ෂණ පවත්වන බව ඌරගස්මංහන්දිය පොලිසිය කියයි. එයට අමතරව ඝාතකයන් පලාගොස් තිබේ නම් ඒ කුමන පැත්තකට ද යන්න සම්බන්ධයෙන් ද පරීක්ෂණ පවත්වන බව ද ඇල්පිටිය පොලිසියේ ප්‍රකාශකයෙක් සඳහන් කළේය.

සිද්ධිය සම්බන්ධයෙන් ඝාතනයට ලක් වූ අයගේ ස්වාමිපුරුෂයා පොලිසිය විසින් සැකපිට අත්අඩංගුවට ද ගනු ලැබ තිබේ. පවුල් ආරවුලක් මත මෙම ඝාතනය සිදු කළා ද යන්න සම්බන්ධයෙන් ද පොලිසියේ අවධානය යොමුව තිබේ. ඌරගස්මංහන්දිය පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක කීර්තිසිංහගේ මෙහෙයවීම මත අපරාධ අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක වීරසිංහ ඇතුළු පිරිසක් වැඩිදුර පරීක්ෂණ පවත්වති.


Top Stories
wedivistara

දුරදිග ගිය ආරවුලෙන් තරුණයෙකු මරුට

wedivistara

ගෑස් මිල සංශෝධනය නොවේ - ලාෆ් ගෑස් සමාගම

wedivistara

ප්‍රමි­ති­යෙන් යුතු පොහොර ගොවි­යාට දෙන්න ආණ්ඩුවට අද බැරිවෙලා

wedivistara

පරාටේ නීතිය අද සිට යළි ක්‍රියාත්මක වෙයි

wedivistara

පරාටේ නීතියෙන් ව්‍යව­සා­ය­ක­යන්ගේ දේපොළ වෙන්දේසි විය හැකියි

wedivistara

කෝටි 6ක විදත් සන්නි­වේ­දන උප­ක­රණ කටු­නා­ය­කින් පන්නද්දී මාට්ටු

Trending
wedivistara

කෙහෙළියට එරෙහි නඩුව: රනිලුත් සාක්ෂිකරුවෙක් කරලා

wedivistara

සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා සම්බන්ධයෙන් ජනතාවට දැනුම්දීමක්

wedivistara

හරක් කටාගේ පරීක්ෂණවලදී CIDයෙන් අපේක්ෂිත අරමුණු ඉටු වුණේ නැහැ

wedivistara

ඉන්දීය නිළි ෂෙෆාලි ජරිවාලා ජීවිතක්ෂයට

wedivistara

නිශාන්ත වික්‍රමසිංහ ජූලි 01 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

wedivistara

ඇල්ලේ ගින්නක් : ගිනි තැබූ හෝටල් සේවකයා අත්අඩංගුවට


NEWS ALERT