Local

විදුලි ගාස්තු අඩු කළ හැකි LNG නල මාර්ගයක් ඉන්දියාවේ සිට කොළඹට

Sunday, 28 January 2024 - 10:35 am

ශ්‍රී ලංකාවේ විදුලි පිරිවැය අඩුකිරීම සඳහා ඉන්දියාවේ කොචි සිට කොළඹ දක්වා ද්‍රව ස්වභාවික වායු හෙවත් LNG නල මාර්ගයක් සැකසීමට ඉන්දියාව කටයුතු කරමින් සිටින බව ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් සන්තෝෂ් ජා මහතා පවසයි.

ඉන්දියාවේ 75 වැනි ජනරජ දිනය නිමිත්තෙන් ඉන්දියා හවුස් හි පැවැති උත්සවයකදී ඔහු මෙම අදහස් පළකළේය.

ඉන්දියාව ශ්‍රී ලංකාවේ විශාලතම වෙළෙඳ හවුල්කරුවා වන බවත්, මෑත වසරවලදී ඉන්දියාව ශ්‍රී ලංකාවේ විශාලතම විදේශ ආයෝජකයා ද වන බව ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස්වරයා එහිදී පැවසීය.

“2023 ජූලි මාසයේ සිට අපි යාපනය සහ චෙන්නායි අතර දෛනික ගුවන් ගමන් ආරම්භ කර ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර යාත්‍රා සේවා දියත් කර තිබෙනවා. නිදහස් වෙළඳ ගිවිසුම මගින් ශ්‍රී ලංකාවට ඩොලර් බිලියනයකට වඩා වැඩි අපනයන අවස්ථා ඉන්දියාවට විවෘත කළා සේම, ආර්ථික සහ තාක්ෂණ සහයෝගිතා ගිවිසුම කඩිනමින් අවසන් කිරීම තුළින් අපගේ ආර්ථික හවුල්කාරිත්වය වැඩිදියුණු කිරීමටත්, ශ්‍රී ලංකාවේ අපනයන විභවයන් වැඩිදියුණු කිරීමටත් අපි බලාපොරොත්තු වෙනවා. ආරක්ෂාව හෝ සංවර්ධනය පිළිබඳ කාරණා සම්බන්ධයෙන් අපගේ අවශ්‍යතා එකිනෙකට බැඳී තිබෙනවා” යනුවෙන් ද පැවසීය.

මහ කොමසාරිස්වරයා සදහන් කර සිටියේ, “විශේෂයෙන්ම පසුගිය දශකය තුළ ඉන්දීය ආර්ථික ගමන ද විශිෂ්ටයි. ඉන්දියාව දැන් ලෝකයේ වේගයෙන්ම වර්ධනය වන ප්‍රධාන ආර්ථිකයයි. අපි දැන් 5 වන විශාලතම ආර්ථිකය වන අතර 2027-2028 වන විට 3 වන විශාලතම ආර්ථිකය බවට පත්වීමට සූදානමින් සිටිමු. වසර දහයකට පෙර අප 10 වැනි ස්ථානයේ සිටි බව පෙන්නුම් කරන්නේ මෙම ගමනේ වේගයයි!” යනුවෙනි.

 
 
 
 


Top Stories
wedivistara

අනුරාධපුරයේ වෙඩි තැබීමක්

wedivistara

කුරුණෑගල ප්‍රසිද්ධ හෝටල් හිමිකරුවෙකු ඝාතනය කරලා

wedivistara

විදුලි පනතේ සංශෝධන ගැන ජයිකා ඇතුලු ආයතන 03 ක් කනස්සල්ලෙන්

wedivistara

කීරි සම්බා සඳහා ආදේශක සහල් මෙට්‍රික් ටොන් 40,000ක් ආනයනයට නිර්දේශ

wedivistara

මුදල් විශුද්ධිකරණය යටතේ කෙහෙළියගේ පවුලටම අධි චෝදනා

wedivistara

සෞඛ්‍ය අමාත්‍යාංශයේ හිටපු ලේකම් අල්ලස් කොමිසමේ අත්අඩංගුවට

Trending
wedivistara

2025 වසරේ පළමු කාර්තුවේදී ඍජු විදේශ අයෝජනවල 90% ක වැඩිවීමක්

wedivistara

රන් මිල පහළට

wedivistara

වාහන ආනයනයෙන් රුපියල් බිලියන 165ක රේගු ආදායමක් වාර්තා කරයි

wedivistara

අක්මීමන වෙඩි තැබීමක්

wedivistara

සියලුම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස, සූකර උණ රෝගය ආසාධිත හෝ අවදානම් ප්‍රදේශ ලෙස නම් කරමින් අති විශේෂ ගැසට් නිවේදනයක්

wedivistara

සිඟමන් යදින බාල වයස්කාර දරුවන් සොයා මෙහෙයුම්


NEWS ALERT