සංචාරක ශ්රී ලංකා කණ්ඩායම හා බංග්ලාදේශ කණ්ඩායම අතර පැවති තීරණාත්මක දෙවන එක්දින තරගය කඩුලු 3 කින් ජය ගැනීමට ශ්රී ලංකා කණ්ඩායම සමත් වුණා.
ඒ අනුව තරගයේ කාසියේ වාසිය දිනාගත් ශ්රී ලංකා කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහරදීම සඳහා බංග්ලාදේශ කණ්ඩායමට ආරාධනා කළ අතර ඔවුන් සිය පන්දුවාර 50 තුළ කඩුලු 7 ක් දැවී ලකුණු 286 ක් ලබා ගැනීමට සමත් වුණා.
බංග්ලාදේශ කණ්ඩායම වෙනුවෙන් Soumya Sarkar ලකුණු 68 ක්, Najmul Hossain Shanto ලකුණු 40 ක් හා Towhid Hridoy ලකුණු 96 ක් ලබා ගත්තා.
පන්දු යැවීමේදී වනිඳු හසරංග කඩුලු 4 ක්, ඩිල්ෂාන් මදුෂංක කඩුලු 2 ක් දවා ගැනීමට සමත් වුණා.
පිළිතුරු ඉනිම ක්රීඩා කළ ශ්රී ලංකා කණ්ඩායම පන්දුවාර 48 ක් අවසනායේ කඩුලු 7 ක් දැවී සිටියදී සිය ජයග්රාහී ඉලක්කය පසුකර යාමට සමත් වුණා.
ශ්රී ලංකා කණ්ඩායම වෙනුවෙන් පැතුම් නිස්සංක ලකුණු 114 ක් හා චරිත් අසලංක ලකුණු 91 ක් ලබා ගැනීමට සමත් වුණා.