Local

මෙරට මුහුදු සීමාව තුල අනවසර ධීවර කටයුතු සිදුකළ ඉන්දීය ධීවර යාත්‍රාවක් සමඟ පුද්ගලයින් 07 ක් නාවික හමුදා භාරයට

Wednesday, 02 July 2025 - 4:19 pm

මෙරට මුහුදු සීමාව තුළ අනවසර ධීවර කටයුතු සිදු කළ ඉන්දීය ධීවර යාත්‍රාවක් සමඟ ඉන්දීය ධීවරයින් හත් දෙනෙකු නාවික හමුදා භාරයට ගෙන තිබෙනවා.

ඒ අනුව, මන්නාරමට උතුරෙන් වූ මෙරට මුහුදු සීමාවට ඇතුළු වී අනවසර ධීවර කටයුතු සිදුකළ ඉන්දීය ධීවර යාත්‍රා රැසක් උතුරු මැද නාවික විධානය මඟින් නිරීක්‍ෂණය කර ඇති අතර, එම ධීවර යාත්‍රා මෙරට මුහුදු සීමාවෙන් ඉවත් කිරීමේ විශේෂ මෙහෙයුමක්, එම නාවික විධානයට අනුයුක්ත වෙරළබඩ මුර යාත්‍රා යොදවා සිදු කෙරුණු බවයි සඳහන් වෙන්නේ.

එහිදී, මෙරට මුහුදු ප්‍රදේශයේ අනවසර ධීවර කටයුතු සිදු කරමින් සිටි ඉන්දීය ධීවර යාත්‍රාවක් විසින් ශ්‍රී ලංකා නාවික හමුදාව වෙත නිත්‍යානුකූලව ගොඩවී පරීක්‍ෂා කිරීම සඳහා අනුකූලතාවය දක්වා ඇති අතර, දේශසීමා නීති උල්ලංඝනය කරමින් නීති විරෝධී මසුන් ඇල්ලීමේ යෙදුනු එම ඉන්දීය ධීවර යාත්‍රාව සමඟ ඉන්දීය ධීවරයින් හත් දෙනෙකු මෙලෙස නාවික හමුදා භාරයට ගෙන ඇති බවයි සඳහන් වෙන්නේ.

මෙම මෙහෙයුම මඟින් නාවික හමුදා භාරයට ගත් ඉන්දීය ධීවර යාත්‍රාව සහ එහි සිටි ඉන්දීය ධීවරයින් හත් දෙනා ඉදිරි නීතිමය කටයුතු සඳහා මන්නාරම ධීවර පරීක්‍ෂක කාර්යාලය වෙත භාර දීමට කටයුතු කර තිබෙනවා.

 
 


Top Stories
wedivistara

හොරකම්, මංකොල්ලකෑම් සම්බන්ධයෙන් අපිට චෝදනා නෑ - දයාසිරි

wedivistara

උසස් පෙළ ඉහළින් සමත් සිසුන්ට, පළමු උපාධිය විදෙස් සරසවියක හැදෑරීම සඳහා ශිෂ්‍යත්ව ලබාදීමට කැබිනට් අනුමැතිය

wedivistara

ළමා ආරක්ෂණයට පස් අවුරුදු ක්‍රියාකාරී සැලැස්මක්

wedivistara

ශ්‍රී ලංකන් ගුවන් සේවයේ අක්‍රමිකතා සෙවීමට විශේෂ විමර්ශන කමිටුවක් පත් කිරීමට කැබිනට් අනුමැතිය

wedivistara

මෙරට මුහුදු සීමාව තුල අනවසර ධීවර කටයුතු සිදුකළ ඉන්දීය ධීවර යාත්‍රාවක් සමඟ පුද්ගලයින් 07 ක් නාවික හමුදා භාරයට

wedivistara

රුපියල් කෝටි 02 ක් වටිනා විස්කි සහ දුම්වැටි තොගයක් සමඟ දෙදෙනෙක් අත්අඩංගුවට

Trending
wedivistara

කෙහෙළියට එරෙහි නඩුව: රනිලුත් සාක්ෂිකරුවෙක් කරලා

wedivistara

සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා සම්බන්ධයෙන් ජනතාවට දැනුම්දීමක්

wedivistara

ඉන්දීය නිළි ෂෙෆාලි ජරිවාලා ජීවිතක්ෂයට

wedivistara

ඊශ්‍රායලයේ රැකියාවක නියුතුව නැවත යාමට සිටින සැමට විශේෂ නිවේදනයක්

wedivistara

නිශාන්ත වික්‍රමසිංහ ජූලි 01 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

wedivistara

අද කාලගුණ නිවේදනය


NEWS ALERT