Local

හොරකම්, මංකොල්ලකෑම් සම්බන්ධයෙන් අපිට චෝදනා නෑ - දයාසිරි

Wednesday, 02 July 2025 - 6:39 pm

ආණ්ඩුවට එරෙහිව කතා කරන මන්ත්‍රීවරුන් කොටු කිරීම සඳහා රජය කටයුතු කරමින් සිටින බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර පවසනවා.

ඒ අනුව, රජය විසින් පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායකට ඒ ආකාරයෙන් කටයුතු කළ බවත්, තමාවද නිහඬ කිරීම සඳහා රජයට අවශ්‍ය වී ඇති බවයි මාධ්‍ය හමුවකට එක්වෙමින් මන්ත්‍රීවරයා සඳහන් කළේ.

තමාව දෙවතාවක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට රැගෙන ගිය බවද, ඔවුන් විසින් තවත් ක්‍රියාමාර්ග ගනු ලබනු ඇති බවද, නමුත් එම ක්‍රියා මාර්ගවලට බියට පත් නොවන බවද මන්ත්‍රීවරයා ප්‍රකාශ කළා.

විවිධ චෝදනා මත විවිධ වූ පුද්ගලයින් අත්අඩංගුවට ‍ගන්නා බවත්, තමා අවංකව දේශපාලනය කළ පුද්ගලයෙක් වන බවත්, හොරකම්, මංකොල්ලකෑම් සම්බන්ධයෙන් තමන්ට චෝදනා නොමැති බවයි පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේ.


Top Stories
wedivistara

හොරකම්, මංකොල්ලකෑම් සම්බන්ධයෙන් අපිට චෝදනා නෑ - දයාසිරි

wedivistara

උසස් පෙළ ඉහළින් සමත් සිසුන්ට, පළමු උපාධිය විදෙස් සරසවියක හැදෑරීම සඳහා ශිෂ්‍යත්ව ලබාදීමට කැබිනට් අනුමැතිය

wedivistara

ළමා ආරක්ෂණයට පස් අවුරුදු ක්‍රියාකාරී සැලැස්මක්

wedivistara

ශ්‍රී ලංකන් ගුවන් සේවයේ අක්‍රමිකතා සෙවීමට විශේෂ විමර්ශන කමිටුවක් පත් කිරීමට කැබිනට් අනුමැතිය

wedivistara

මෙරට මුහුදු සීමාව තුල අනවසර ධීවර කටයුතු සිදුකළ ඉන්දීය ධීවර යාත්‍රාවක් සමඟ පුද්ගලයින් 07 ක් නාවික හමුදා භාරයට

wedivistara

රුපියල් කෝටි 02 ක් වටිනා විස්කි සහ දුම්වැටි තොගයක් සමඟ දෙදෙනෙක් අත්අඩංගුවට

Trending
wedivistara

කෙහෙළියට එරෙහි නඩුව: රනිලුත් සාක්ෂිකරුවෙක් කරලා

wedivistara

සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා සම්බන්ධයෙන් ජනතාවට දැනුම්දීමක්

wedivistara

ඉන්දීය නිළි ෂෙෆාලි ජරිවාලා ජීවිතක්ෂයට

wedivistara

ඊශ්‍රායලයේ රැකියාවක නියුතුව නැවත යාමට සිටින සැමට විශේෂ නිවේදනයක්

wedivistara

නිශාන්ත වික්‍රමසිංහ ජූලි 01 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

wedivistara

අද කාලගුණ නිවේදනය


NEWS ALERT