Local

නව අමාත්‍ය මණ්ඩලය අද දිවුරුම් දෙන ලකුණු

Tuesday, 24 September 2024 - 9:23 am

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා යටතේ පිහිටුවනු ලබන නව කැබිනට් මණ්ඩලය අද (24) දිනයේ දී දිවුරුම් දෙනු ඇති බව වාර්තා වේ.

මහ මැතිවරණය පැවැත්වීමේ අරමුණින් මෙම දිවුරුම් දීම සිදුවනු ඇති බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කළේය.

අනුර කුමාර දිසානායක මහතා ජනාධිපති ධුරයට පත්වීමත් සමග ඔහුගෙන් පුරප්පාඩු වූ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය සඳහා ලක්ෂ්මන් නිපුණආරච්චි මහතාගේ නම විශේෂ ගැසට් පත්‍රයක් මඟින් ප්‍රකාශයට පත්කරනු ලැබීය.

ඒ අනුව ජාතික ජන බලවේගය නියෝජනය කරමින් මන්ත්‍රීවරු තිදෙනෙකු පාර්ලිමේන්තුවේ රැඳී සිටින අතර ඔවුන්ට කැබිනට් අමාත්‍ය ධුර හිමිවනු ඇතැයි අපේක්ෂා කෙරේ.

නව පාර්ලිමේන්තුව තේරී පත්වන තෙක් මෙම කැබිනට් මණ්ඩලය එම ධුරවල කටයුතු කිරීමට නියමිතය.

කෙසේවෙතත් අමාත්‍ය මණ්ඩලය දිවුරුම් දීමෙන් පසු ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් කැබිනට් මණ්ඩලය රැස්කර පාර්ලිමේන්තු මැතිවරණයක් සඳහා මුදල් වෙන්කර ගැනීමෙන් අනතුරුව පාර්ලිමේන්තුව විසුරුවා හරිනු ඇති බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කළේය.

පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට ප්‍රථම තවත් නව අමාත්‍යංශ ලේකම් ධුර කිහිපයක් පිරි නැමීමට ද නියමිතව තිබේ.

ඒ අනුව පවතින තත්ත්වය හමුවේ අද මධ්‍යම රාත්‍රියේ දී පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ ගැසට් නිවේදනය නිකුත් කිරීමට වැඩි ඉඩකඩක් පවතින බව ද සඳහන්ය.


Top Stories
wedivistara

දුරදිග ගිය ආරවුලෙන් තරුණයෙකු මරුට

wedivistara

ගෑස් මිල සංශෝධනය නොවේ - ලාෆ් ගෑස් සමාගම

wedivistara

ප්‍රමි­ති­යෙන් යුතු පොහොර ගොවි­යාට දෙන්න ආණ්ඩුවට අද බැරිවෙලා

wedivistara

පරාටේ නීතිය අද සිට යළි ක්‍රියාත්මක වෙයි

wedivistara

පරාටේ නීතියෙන් ව්‍යව­සා­ය­ක­යන්ගේ දේපොළ වෙන්දේසි විය හැකියි

wedivistara

කෝටි 6ක විදත් සන්නි­වේ­දන උප­ක­රණ කටු­නා­ය­කින් පන්නද්දී මාට්ටු

Trending
wedivistara

කෙහෙළියට එරෙහි නඩුව: රනිලුත් සාක්ෂිකරුවෙක් කරලා

wedivistara

සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා සම්බන්ධයෙන් ජනතාවට දැනුම්දීමක්

wedivistara

හරක් කටාගේ පරීක්ෂණවලදී CIDයෙන් අපේක්ෂිත අරමුණු ඉටු වුණේ නැහැ

wedivistara

ඉන්දීය නිළි ෂෙෆාලි ජරිවාලා ජීවිතක්ෂයට

wedivistara

නිශාන්ත වික්‍රමසිංහ ජූලි 01 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

wedivistara

ඇල්ලේ ගින්නක් : ගිනි තැබූ හෝටල් සේවකයා අත්අඩංගුවට


NEWS ALERT