Local

මැතිවරණයෙන් පසු නව අගමැති සජිත්..

Tuesday, 29 October 2024 - 10:16 pm

2024 මහ මැතිවරණයෙන් මහනුවර දිස්ත්‍රික්කයෙන් සමගි ජන බලවේගය මන්ත්‍රිධුර හතක් හිමිකර ගනිමින් මහනුවර දිස්ත්‍රික්කය අති විශ්ෂඨ ලෙස ජයග්‍රහණය කරන බව සමගි ජන බලවේගයේ ජාතික සංවිධායක සහ මහනුවර දිස්ත්‍රික් අපෙක්ෂක තිස්ස අත්තනායක මහතා පැවසිය.

තිස්ස අත්තනායක මහතා ඒ බැව් කියා සිටියේ නාවලපිටිය රඹුක්පිටිය ප්‍රදේශයේ පැවති මැතිවරණ ප්‍රචාරක රැස්විමකින් අනතුරුව මාධ්‍යට අදහස් දක්වමිණි.

මෙහිදි වැඩිදුරටත් අදහස් දැක් වු තිස්ස අත්තනායක මහතා කියා සිටියේ පසුගිය ජනාධිපතිවරණයේදි ජාතික ජන බලවේගය සමගි ජන බලවේගයට වඩා ජන්ද හැට දහසකින් පමණ මහනුවර දිස්ත්‍රික්කය ජයග්‍රහණය කල බවයි.

ජනාධිපතිවරණයේ ජාතික ජන බලවේගයට ජන්දය ප්‍රකාශ කල වැඩි පිරිසක් මේ වන විට සමගි ජන බලවේගය සමග එක් වි සිටින බවත්, ඒ අනුව මහනුවර දිස්ත්‍රික්කය ජාතික ජන බලවේගය ජනාධිපතිවරණයේදි ලබාගත් ජන්ද සංඛ්‍යාවට වඩා වැඩි ප්‍රමාණයක් මෙවර මහ මැතිවරණයෙන් සමගි ජන බලවේගය ලබාගන්නා බවයි.

ඇල්පිටිය ප්‍රාදේශිය සභා ජන්දයෙන් ජාතික ජන බලවේගයට ජන්ද දායකයින් සංඥාවක් ලබාදුන් බවත්, ඒ අනුව පාර්ලිමේන්තු මැතිවරණයේදි සමගි ජන බලවේගයේ රජයක් පිහිටුවිමට මේ රටේ ජන්ද දායකයින් කටයුතු කරන බවයි.

මැතිවරණයෙන් පසු පත්වන රජයේ අග්‍රාමාත්‍යවරයා සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා බවත්, ඒ අනුව ජනාධිපතිවරයාගේ කාර්ය භාරය ජනාධිපතිවරයා ඉටු කරන අවස්තාවේ අග්‍රාමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතාගේ කාර්ය භාරය ඔහු සිදු කරන බවයි තිස්ස අත්තනායක මහතා වැඩිදුරටත් කියා සිටියේ.


Top Stories
wedivistara

දුරදිග ගිය ආරවුලෙන් තරුණයෙකු මරුට

wedivistara

ගෑස් මිල සංශෝධනය නොවේ - ලාෆ් ගෑස් සමාගම

wedivistara

ප්‍රමි­ති­යෙන් යුතු පොහොර ගොවි­යාට දෙන්න ආණ්ඩුවට අද බැරිවෙලා

wedivistara

පරාටේ නීතිය අද සිට යළි ක්‍රියාත්මක වෙයි

wedivistara

පරාටේ නීතියෙන් ව්‍යව­සා­ය­ක­යන්ගේ දේපොළ වෙන්දේසි විය හැකියි

wedivistara

කෝටි 6ක විදත් සන්නි­වේ­දන උප­ක­රණ කටු­නා­ය­කින් පන්නද්දී මාට්ටු

Trending
wedivistara

කෙහෙළියට එරෙහි නඩුව: රනිලුත් සාක්ෂිකරුවෙක් කරලා

wedivistara

සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා සම්බන්ධයෙන් ජනතාවට දැනුම්දීමක්

wedivistara

හරක් කටාගේ පරීක්ෂණවලදී CIDයෙන් අපේක්ෂිත අරමුණු ඉටු වුණේ නැහැ

wedivistara

ඉන්දීය නිළි ෂෙෆාලි ජරිවාලා ජීවිතක්ෂයට

wedivistara

නිශාන්ත වික්‍රමසිංහ ජූලි 01 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

wedivistara

ඇල්ලේ ගින්නක් : ගිනි තැබූ හෝටල් සේවකයා අත්අඩංගුවට


NEWS ALERT