Local

ශ්‍රී ලංකාවේ කෘෂිකර්ම පුනර්ජීවනයට ඩොලර් මිලියන 9.2ක ව්‍යාපෘතියක්

Friday, 12 January 2024 - 11:12 am

එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකාර්මික සංවිධානය (UNFAO) සහ අ‍ෙමරිකා එක්සත් ජනපදය, ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වූ එක්සත් ජනපද නියෝජිතායතනය (USAID), කෘෂිකර්ම අමාත්‍යාංශය සමඟ එක්ව ශ්‍රී ලංකාවේ කෘෂිකර්ම පුනර්ජීවනය සඳහා ඩොලර් මිලියන 9.2ක ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමට දායක වී ඇත. වී ඵලදායිතාව ඉහළ නැංවීම, ආන්තික කුඹුරු ඉඩම්වල භෝග විවිධාංගීකරණය කිරීම සහ තිරසර ගොවිතැන් පිළිවෙත් ප්‍රවර්ධනය කිරීම මඟින් ශ්‍රී ලංකාවේ කෘෂිකර්මාන්තය පුනර්ජීවනය කිරීම අඛණ්ඩව සිදු කිරීම මෙහි අරමුණයි.

හම්බන්තොට, වවුනියාව, අනුරාධපුරය සහ කුරුණෑගල යන දිස්ත්‍රික්ක හතරේ ගොවීන් 10,000කට ප්‍රතිලාභ සැලසෙයි. වගා කන්නයේ කුඹුරු හෙක්ටයාර 1,250ක සුදුසු තිරසර භෝග වගා කිරීම සඳහා විවිධාංගීකරණය කිරීමට UNFAO සහ කෘෂිකර්ම අමාත්‍යාංශය ගොවීන්ට උපකාර කරන අතර, වී අක්කර 5,000ක් පුරා ජලය සහ පොහොර වැනි සම්පත් වඩාත් කාර්යක්ෂමව භාවිතා කිරීමට ගොවීන්ට මෙමඟින් අත්වැල් සපයයි.

Òපසුගිය වසර කිහිපය තුළ අපේ වී ගොවීන් සැලකිය යුතු අභියෝගවලට මුහුණ දුන්නා. මේ තීරණාත්මක අවස්ථාවේදී රටේ වී ගොවීන් ලක්ෂ 10කට වැඩි පිරිසකට USAID සහ FAO ආයතන අත්‍යවශ්‍ය පොහොර නොමිලේ ලබා දීම සිදු කළා. මේ ව්‍යාපෘතිය මඟින් අරමුණු කළේ ලංකාවේ වඩාත්ම අවදානමට ලක්විය හැකි වී ගොවීන් සඳහා අඛණ්ඩව ආදායම් වැඩි කිරීමට සහය වීමයි.Ó යැයි මේ අවස්ථාවට එක්වෙමින් කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත ඇමැති මහින්ද අමරවීර මහතා පැවසීය.

Òකෘෂිකර්ම අමාත්‍යාංශය සහ FAO ආයතනය සමඟ අපගේ හවුල්කාරිත්වය දිගටම කරගෙන යාම පිළිබඳ USAID ආඩම්බර වෙනවා. භෝග විවිධාංගීකරණය සහ කෘෂිකාර්මික කාර්යක්ෂමතාව සඳහා වන අපගේ අන්‍යෝන්‍ය අරමුණු ශ්‍රී ලංකාවේ කෘෂිකර්මාන්තයේ ඵලදායිතාව ඉහළ නැංවීමට සහ කුඩා ඉඩම් හිමියන්ගේ ජීවනෝපාය වැඩිදියුණු කිරීමට ඇති අපගේ අරමුණුවල දිගු පැවත්මක්.Ó යැයි එම නියෝජිතායතනයේ ශ්‍රී ලංකා සහ මාලදිවයිනේ මෙහෙයුම් අධ්‍යක්ෂ ගේබ්‍රියල් ග්‍රවූ මහතා මේ අවස්ථාවට එක්වෙමින් පවසා සිටියේය.

මේ ව්‍යාපෘතිය ආරම්භ කිරීමේදී ඒ පිළිබඳව අදහස් දැක්වූ FAO නියෝජිත විම්ලේන්ද්‍ර ශරන් මහතා, USAID සහ කෘෂිකර්ම අමාත්‍යාංශය සමඟ ඇති හවුල්කාරිත්වය ලංකාවේ කෘෂිකර්මාන්තයට අඛණ්ඩව සහයෝගය දැක්වීමේ වැදගත් සන්ධිස්ථානයක් බවත්, සම්පත් සහ ප්‍රවීණත්වය ඒකාබද්ධ කිරීමෙන් ගොවි ප්‍රජාව සඳහා ධනාත්මක සහ තිරසර වෙනස්කම් ඇති කිරීම එහි අරමුණ බවත් සඳහන් කරන ලදි.


Top Stories
wedivistara

අනුරාධපුරයේ වෙඩි තැබීමක්

wedivistara

කුරුණෑගල ප්‍රසිද්ධ හෝටල් හිමිකරුවෙකු ඝාතනය කරලා

wedivistara

විදුලි පනතේ සංශෝධන ගැන ජයිකා ඇතුලු ආයතන 03 ක් කනස්සල්ලෙන්

wedivistara

කීරි සම්බා සඳහා ආදේශක සහල් මෙට්‍රික් ටොන් 40,000ක් ආනයනයට නිර්දේශ

wedivistara

මුදල් විශුද්ධිකරණය යටතේ කෙහෙළියගේ පවුලටම අධි චෝදනා

wedivistara

සෞඛ්‍ය අමාත්‍යාංශයේ හිටපු ලේකම් අල්ලස් කොමිසමේ අත්අඩංගුවට

Trending
wedivistara

2025 වසරේ පළමු කාර්තුවේදී ඍජු විදේශ අයෝජනවල 90% ක වැඩිවීමක්

wedivistara

රන් මිල පහළට

wedivistara

වාහන ආනයනයෙන් රුපියල් බිලියන 165ක රේගු ආදායමක් වාර්තා කරයි

wedivistara

අක්මීමන වෙඩි තැබීමක්

wedivistara

සියලුම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස, සූකර උණ රෝගය ආසාධිත හෝ අවදානම් ප්‍රදේශ ලෙස නම් කරමින් අති විශේෂ ගැසට් නිවේදනයක්

wedivistara

සිඟමන් යදින බාල වයස්කාර දරුවන් සොයා මෙහෙයුම්


NEWS ALERT