Local

සත්‍ය සමඟිය සහ සංහිඳියාව සඳහා වූ කොමිසමේ පනත් කෙටුම්පත මල්වතු, අස්ගිරි මහා නා හිමිවරුන්ගේ ප්‍රසාදයට

Thursday, 22 February 2024 - 8:21 am

සත්‍ය, සමඟිය සහ සංහිඳියාව සඳහා වූ කොමිසමේ පනත් කෙටුම්පත පිළිබඳ මල්වතු, අස්ගිරි මහා නා හිමිපාණන් වහන්සේලාගේ ප්‍රසාදය පළ කෙරේ.

සත්‍ය හා ප්‍රතිසන්ධාන යාන්ත්‍රණයේ අන්තර්වාර ලේකම් කාර්යාලයේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය අසංග ගුණවංස ඇතුළු නිලධාරීන් විසින්පසුගියදා මල්වතු පාර්ශ්වයේ මහා නායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල මහා නායක හිමිපාණන් වහන්සේ සහ අස්ගිරි පාර්ශ්වයේ මහා නායක අතිපූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඥානරතන නා හිමිපාණන් වහන්සේ බැහැ දැක එම කෙටුම්පත පිළිගැන්වීය.

පනත් කෙටුම්පත පිළිබඳ සිය ප්‍රසාදය පළ කළ උන්වහන්සේලා එය තවදුරටත් සමාලෝචනය කර ඒකාබද්ධ අදහසක් ඉදිරිපත් කිරීමට ද එකඟ වූහ.

සත්‍ය හා ප්‍රතිසන්ධාන යාන්ත්‍රණයේ අන්තර්වාර ලේකම් කාර්යාල ක්‍රියාවලියේ ප්‍රගතිය පිළිබඳව ද නිලධාරීන් විසින් මෙහිදී වැඩිදුරටත් මහ නා හිමිවරු දැනුවත් කරනු ලැබීය.

පූජ්‍ය මහවෙල රතනපාල ස්වාමීන් වහන්සේ, ආචාර්ය පූජ්‍ය මුරුද්දෙණියේ ධර්මරතන ස්වාමීන් වහන්සේ සහ සත්‍ය හා ප්‍රතිසන්ධාන යාන්ත්‍රණයේ අන්තර්වාර ලේකම් කාර්යාලයේ අංශ ප්‍රධානී (ප්‍රතිපත්ති) ආචාර්ය සී. වයි. තංගරාජා, මහජන සම්බන්ධතා විධායක දනුෂි ද සිල්වා, ජ්‍යෙෂ්ඨ නීති විධායකයන් වන යස්මදා ලොකුනාරංගොඩ, දුලාන් දසනායක, සම්බන්ධීකාරක එස්. ඩී. කොතලාවල යන මහත්ම මහත්මීහු ද මේ අවස්ථාවට සහභාගී වූහ.


Top Stories
wedivistara

මාදුරුඔයේ සිට ගල්ඔයට අලි කොරිඩෝවක්

wedivistara

මහාචාර්ය මාලිනී ඇඳගම අභාවප්‍රාප්ත වෙයි

wedivistara

වී අස්වනු මිලදී ගැනීමට සහන පොළියට ණය යෝජනා ක්‍රමයක්

wedivistara

මෙන්ඩිස් සමාගමේ අධ්‍යක්ෂකවරු වන අර්ජුන් ඇලෝසියස්ට සහ ඇන්තනී රන්දෙව් ජිනේන්ද්‍රට එරෙහිව නඩු පැවරේ

wedivistara

පරාටේ නීතිය සඳහා ලබාදී තිබුණු සහන කාලය අද මධ්‍යම රාත්‍රියෙන් අවසන් වෙයි

wedivistara

ඉන්දීය ධීවරයින් 08 දෙනෙකු ජූලි 03 වැනිදා දක්වා රිමාන්ඩ්

Trending
wedivistara

කෙහෙළියට එරෙහි නඩුව: රනිලුත් සාක්ෂිකරුවෙක් කරලා

wedivistara

ලෝක වෙළඳපොළේ බොරතෙල් මිළ පහළට

wedivistara

ඊශ්‍රායල සහ ඉරානය සටන් විරාමයත් සමග රන් මිල පහළට

wedivistara

හරක් කටාගේ පරීක්ෂණවලදී CIDයෙන් අපේක්ෂිත අරමුණු ඉටු වුණේ නැහැ

wedivistara

ජපුර විශේෂඥ වෛද්‍යවරිය ඇතුළු සැකකරුවන් ජූලි 08 දක්වා රිමාන්ඩ් කිරීමට නියෝග

wedivistara

සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා සම්බන්ධයෙන් ජනතාවට දැනුම්දීමක්


NEWS ALERT