Local

පළමු ශ්‍රේණියට ළමුන් ඇතුළත් කිරීම ගැන නිවේදනයක්

Tuesday, 23 January 2024 - 5:30 pm

පාසල්වල පළමු ශ්‍රේණියට සිසුන් ඇතුළත් කිරීම සඳහා අධ්‍යාපන අමාත්‍යාංශය මගින් නිකුත් කර ඇති චක්‍රලේඛය අනුව පාසල් වෙත අයදුම්පත් යොමු කළ යුතු බවත් විදුහල්පතිවරුන් විසින් සම්මුඛ පරීක්ෂණ පවත්වා සිසුන් ඇතුළත් කරගැනීම සිදු කරනු ලබන බව අධ්‍යාපන අමාත්‍යාංශය විසින් නිවේදනය කරයි.

පාසල්වල හය වැනි ශ්‍රේණියට සිසුන් ඇතුළත් කිරීම පස් වැනි ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගයේ ලකුණු මත පමණක් සිදු කරනු ලබනු බව ද ඒ නිවේදනයේ වැඩිදුරටත් වාර්තා වෙයි.

2024 වර්ෂයේ 1, 5 සහ 6 ශ්‍රේණි හැර අනෙකුත් අතරමැදි පන්ති සඳහා අ.පො.ස. (උසස් පෙළ ද ඇතුළු ව) සිසුන් ඇතුළත් කිරීමට ද අදාළ අයදුම්පත් පාසල් වෙත යොමු කළ යුතු අතර එම පාසල්වල පුරප්පාඩු පවතී නම් විදුහල්පතිවරුන් විසින් අධ්‍යාපන අමාත්‍යාංශ චක්‍රලේඛ ප්‍රකාරව සම්මුඛ පරීක්ෂණ පවත්වා තෝරාගත් සිසුන්ගේ නාම ලේඛනය අනුමැතිය සඳහා අධ්‍යාපන අමාත්‍යාංශයට යොමු කරයි

එසේ ම 2023 වර්ෂයේ පන්තිවලට අදාළ ව සිසුන් ඇතුළත් කිරීමේ අයදුම්පත් අධ්‍යාපන අමාත්‍යාංශයට හෝ පාසල් වෙත හෝ යොමු කිරීම සිදු නොකරන ලෙස දන්වන අතර පාසල් සඳහා සිසුන් ඇතුළත් කිරීමේ ලිපි අධ්‍යාපන අමාත්‍යාංශය මගින් නිකුත් කරනු නොලබන බව ද අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි


Top Stories
wedivistara

දුරදිග ගිය ආරවුලෙන් තරුණයෙකු මරුට

wedivistara

ගෑස් මිල සංශෝධනය නොවේ - ලාෆ් ගෑස් සමාගම

wedivistara

ප්‍රමි­ති­යෙන් යුතු පොහොර ගොවි­යාට දෙන්න ආණ්ඩුවට අද බැරිවෙලා

wedivistara

පරාටේ නීතිය අද සිට යළි ක්‍රියාත්මක වෙයි

wedivistara

පරාටේ නීතියෙන් ව්‍යව­සා­ය­ක­යන්ගේ දේපොළ වෙන්දේසි විය හැකියි

wedivistara

කෝටි 6ක විදත් සන්නි­වේ­දන උප­ක­රණ කටු­නා­ය­කින් පන්නද්දී මාට්ටු

Trending
wedivistara

කෙහෙළියට එරෙහි නඩුව: රනිලුත් සාක්ෂිකරුවෙක් කරලා

wedivistara

සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා සම්බන්ධයෙන් ජනතාවට දැනුම්දීමක්

wedivistara

හරක් කටාගේ පරීක්ෂණවලදී CIDයෙන් අපේක්ෂිත අරමුණු ඉටු වුණේ නැහැ

wedivistara

ඉන්දීය නිළි ෂෙෆාලි ජරිවාලා ජීවිතක්ෂයට

wedivistara

නිශාන්ත වික්‍රමසිංහ ජූලි 01 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

wedivistara

ඇල්ලේ ගින්නක් : ගිනි තැබූ හෝටල් සේවකයා අත්අඩංගුවට


NEWS ALERT