Local

මහින්ද රාජපක්ෂ විශ්‍රාම වැටුප් හතරක් පහක් තියෙනවා… ඒව අහෝසි කරන්න බහුතර පාර්ලිමේන්තුවක් ඔ්නෑ.

Wednesday, 23 October 2024 - 3:08 pm

රටෙි සංවර්ධනය අලුත් මාවතකට ගෙන ඒම සඳහා නව නීති සැකසීමට තම පක්ෂයට බහුතර බලය සහිත ශක්තිමත් පාර්ලිමේන්තුවක් අවශ්‍ය බව ජාතික ජනබල වේගය පක්ෂයේ මාතර දිස්ත්‍රික් අපේක්ෂක නීතීඥ උපුල් කුමාරප්පෙරුම මහතා පවසයි.

ඔහු අවධාරණය කරන්නෙ ඒ සඳහා ප්‍රථිපත්ති සම්පාදනය පිළිබඳව අවබෝධ සහිත මිනිස්සුන් පිරිසක් මෙවර පාර්ලිමේන්තුවට තෝරා පත්කරගත යුතු බවයි.

මාතර දිස්ත්‍රික්කයේ පැවැති ජාතික ජනබල වේගය පක්ෂයේ මැතිවරණ ප්‍රචාරක රැළියකට එක්වෙමින් හෙතෙම මේ බව අවධාරණය කළේය.

එහිදී නීතීඥ උපුල් කුමාරප්පෙරුම මහතා මෙසේද පැවසීය.

‘මම මැතිවරණ දේශපාලනය කරපු කෙනෙක් නෙමෙයි. ජාතික ලැයිස්තුවේනම් දෙපාරක් හිටියා.

අපිට ශක්තිමත් පාර්ලිමේන්තුවක් අවශ්‍යයි. අපිට ශක්තිමත් පාර්ලිමේන්තුවක් අවශ්‍ය ඇයි? පාර්ලිමේන්තුව හදන නීති තමයි විධායකය ක්‍රියාත්මක කරන්නෙ.

ජනාධිපති අනුර කුමාර දිසානායක සහෝදරයා ජනාධිපතිවරණ සමයේදී ජනතාවට පොරොන්දු තුනක් ලබා දුන්නා. ඒ තමයි රටේ දේශපාලන සංස්කෘතිය වෙනස් කිරීම,රට නිවරදි සංවර්ධන මාවතකට ගෙනඒම.දේශපාලකයන් හොරකම් කළ ධනය නැවත අය කරගැනීම හා හොරුන්ට දඬුවම් ලබාදීම. ඉදිරි අවුරුදු 5 අපි ආණ්ඩුව ගෙනියන්නෙ මේ ප්‍රධාන කරුණු ඉටු කර ගන්නයි.මේ කරුණු ඉටුකරන්න පාර්ලිමේන්තුව ශක්තිමත් කරන්න ඕන.

දේශපාලන සංස්කෘතිකෘතියේ වෙනස දැන් අපිට පේන්න තිබෙනවා.නීතිය ක්‍රියාත්මක වෙනවා.අනුර සහෝදරයා ජනාධිපති වෙලා සතියක් ඇතුළත වාහන එකසිය පනස් ගාණක් භාර දුන්නා.තවත් වාහන තැන තැන දාල ගියා. රජයේ මැති ඇමතිවරුන් බොහෝම උනන්දුවෙන් නිල නිවාස වලින් ඉවත් වුණා. නීතිය සාධාරණව ක්‍රියාත්මක වෙනකොට හැම කෙනාටම ඒක එක ලෙස බලපානවා.

හැබැයි තවමත් අපිට සමහර දේවල් වෙනස් කරගන්න බැරිවෙලා තිබෙනවා. ඒ සදහා පාර්ලිමේන්තුවට යා යුතුයි.උදාහරණයක් ලෙස හිටපු මන්ත්‍රීවරුන්ගේ විශ්‍රාම වැටුප අහෝසි කිරීම ගැන බලමු.ඒක පාර්ලිමේන්තුවෙන් සම්මත කරගනිපු එකක්. ඒක වෙනස් කරන්න පාර්ලිමේන්තුවට යායුතුයි. මහින්ද රාජපක්ෂ මහත්තයට විශ්‍රාම වැටුප් හතරක් හෝ පහක් තියෙනවා.

රජයේ සේවකයෙක් විශ්‍රාම වැටුප ලබන්නේ අවුරුදු 55න් පස්සේ. නමුත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට එහෙම දෙයක් නැහැ. පාර්ලිමේන්තුවේ අවුරුදු 5ක් හිටියම විශ්‍රාම වැටුප හිමි වෙනවා.

ඒ වගේම හිටපු ජනාධිපතිවරුන්ට හා ඔවුන්ගේ ආර්යාවන්ගෙ වරප්‍රසාද අහිමි කරන්න ඕන. හිටපු ජනාධිපතිවරයකුට කොළඹ 07 න් ගෙයක් හා ඒ නිවසට කාර්ය මණ්ඩලයක් හිමි වෙනවා. තව කාර්යාලයක් හිමි වෙනවා. ඒ සදහාත් සියලුම පහසුකම් ආණ්ඩුව ලබා දෙනවා. ආරක්ෂකයන් දෙනවා. අපි මාසෙකට හිටපු ජනාධිපතිවරුන්ට, ඔවුන්ගේ ආර්යාවන්ට වියදම් කරනවද. ඒ ඔක්කොම වියදම් කරන්නෙ ආණ්ඩුවෙන්. මේව කරන්න පාර්ලිමේන්තුවට ගිහිල්ලා අලුත් නීති සම්මත කරගන්න ඕන.

රට අලුත් සංවර්ධන මාවතකට යන්න ඕන. ඒ සඳහාත් මේ තිබෙන ඇතැම් නීති වෙනස් කරගන්න ඕන. සාමාන්‍යයෙන් අපි ව්‍යාපාරයක් පටන් ගන්න ගියොත් ආයතන කියියක් පස්සේ යන්න ඕනද?. අපේ රටේ නියාමනය කියන එකවැරදියට තේරුම් ගෙන තිබෙනවා.දේශීය ව්‍යාපාරිකයා නඟා සිටුවීමට නම් මේ නීති වෙනස් විය යුතුයි.අපි තවම වැඩි බරක් දීල තියෙන්නේ සම්ප්‍රධායික කර්මාන්තවලටයි.නමුත් සංවර්ධක දර්ශක තුළට යන්න මීට වඩා විශාල මුදලක් ඉපයිය යුතුයි.

ඒ සඳහා විදේශ විනිමය කියන එක අත්‍යාවශ්‍ය දෙයක්.අපේ රටේ මානව සම්පත,භූමියේ විවිධත්වය එක්ක අපේ රටේ විශාල වශයෙන් විදේශ ආයෝජන ගෙන ඒමේ හැකියාවක් තියෙනවා.

නමුත් අපේ රටට විදේශ ආයෝජන බොහෝම අඩුවෙන් එන්නේ.1977 ඉදලා අද වෙනකම් අපේ රටට ඇවිල්ල තියෙන්නේ ඇමරිකානු ඩොලර් බිලියන 23යි. හැබැයි වියට්නාමයට ගිය වසරේ විතරක් ඇමරිකානු ඩොලර් බිලියන 23ක විදෙස් ආයෝජන ඇවිල්ල තියෙනවා.

එහෙමනම් ඇයි ලංකාව විදෙස් ආයෝජන එන්නේ නැත්තෙ. ඒකට හේතුව තමයි ලංකාවේ නීතිය හරියට ක්‍රියාත්මක නොවීම. අනෙක් කාරණය අපේ රටේ නිවරදි බදු ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක නොවීම.අනෙක යටිතල පහසුකම්වල මිල අධික වීම. මේවත් වෙනස් කරන්න අලුත් නීති සම්මත කරගන්න ඕන.

පහුගිය ජනාධිපතිවරණයේදී අපි වෙච්චි ලොකුම පොරොන්දුව තමයි හොරු ඇල්ලීම.හැබැයි අපිට නීති නැහැ පිටරට හංගපු සල්ලි නැවත ලංකාවට ගේන්න. ඒ සල්ලි නැවත ලංකාවට ගේන්න ජාත්‍යන්තර නීතියට ගැලපෙන ලෙස අලුත් නීති හදන්න ඕන. මේව කරන්න අපිට පාර්ලිමේන්තුවේන් අලුතින් නීති විශාල ප්‍රමාණයක් සම්මත කරගන්න වෙනවා.

අපිට පාර්ලිමේන්තුවේ සුලු බහුතරයක් තියාගෙන මේව කරන්න අමාරුයි. එහෙම වුනොත් නීති සම්මත කර ගැනීමේ ගැටලුවක් මතු වෙනවා. ඒ නිසා පුළුවන් තරම් පාර්ලිමේන්තුව තුළ අපේ නියෝජනය වැඩි කරගන්න ඕන. එහෙම කරගන්නනම් පහුගිය ජනාධිපතිවරණයේදී මාලිමාව⁣ට ඡන්දය නොදුන් පිරිසගේ ඡන්දය අපි ලබාගත යුතුයි. ඒ නිසා අපිට ඡන්ද නොදුන් පිරිස අමතන්න ඕන. ඒක තමයි අංක එකට කෙරෙන්න ඕන. අපි අපේ වැඩ පිළිවෙල ඔවුන්ට පැහැදිලි කරමු.

මොකද ගම්මන්පිලලට අවශ්‍ය නෑ අපේ අතින් සංවර්ධනය වූ රටක් දකින්න. යහපාලන ආණ්ඩුව පාසල් ළමුන්ට ටැබ් යන්ත්‍ර දුන්නා. ටැබ් එක උකුලෙ තියාගෙන වැඩ කරන කොට ළමුන් වඳභාවයට පත්වෙනව කියල ගම්මන්පිල එදා කිව්වා.ඒනිසා ලොකු විරෝධයක් ඇවිල්ල ඒ වැඩේ නැවතුණා. එදා පාසල් ළමුන්ට ටැබ් දුන්නනම් අද වෙනකොට අපේ රටේ පරිඝණක සාක්ෂරතාවය වැඩි වෙනවා.

ගම්මන්පිලට ඕන අලුතින් හිතන්න බැරි,මොලය වැ⁣ඩෙන්නෙ නැති පරපුරක් එක්ක දේශපාලනය කරන්නයි. ගම්මන්පිල වගේ අයගේ දුර්මත කඩන්න අපේ වැඩි පිරිසක් පාර්ලිමේන්තුව ඇතුළට ගන්න ඕන.

පාර්ලිමේන්තුවට එන්න ඕන රෑට මල ගෙදර ඇවිල්ල කැරම් ගහන කෙනා කියල හිතන්න එපා.පාර්ලිමේන්තුවට ඕන ප්‍රතිපත්ති හදන්න පුළුවන්, රටේ ආර්ථිකය හසුරුවන්න පුළුවන් පිරිසක්.ඒ නිසා අවබෝධයක් තියෙන මිනිස්සු මිස මලගෙවල්වල කැරම් ගහන, දාම් අඳින, හාල් බෙදන මිනිස්සු එවන්න එපා යැයිද ඉල්ලා සිටියේය.


Top Stories
wedivistara

ඉහළ කොත්මලේ ජලාශයට පහළින් සිටින ජනතාවට විශේෂ දැනුම්දීමක්

wedivistara

උඩරට මාර්ගයේ දුම්රියක් පීලි පනියි

wedivistara

පළාත් පාලන ආයතන සභික ලැයිස්තුව ඇතුළත් ගැසට් පත්‍ර නිකුත් කෙරේ

wedivistara

මත්කුඩු කිලෝ 3.6ක් සමඟ අයෙකු අත්අඩංගුවට

wedivistara

අයහපත් කාලගුණ තත්ත්වය අද සිට ක්‍රමයෙන් පහව යන ලකුණු

wedivistara

ආසියාවේ පැතිරෙන නව කොවිඩ් ප්‍රභේදය ලංකාවේ

Trending
wedivistara

72 වන ලෝක රූ රැජින උළෙලේ දුක හිතෙන අපේ කතාව

wedivistara

පළාත් පාලන ආයතනවල සභිකයින්ගේ නම් ලබාදිය යුතු අවසන් දිනය නම් කරමින් ගැසට් නිවේදනයක්

wedivistara

ආසියාවේ පැතිරෙන නව කොවිඩ් ප්‍රභේදය ලංකාවේ

wedivistara

තුසිත හල්ලොලුවගේ රථයට වෙඩි තැබීම සම්බන්ධයෙන් තිදෙනෙක් අත්අඩංගුවට

wedivistara

පළාත් පාලන සභික ලැයිස්තුව ඇතුළත් ගැසට් පත්‍රය අද නිකුත් කෙරේ

wedivistara

අද කාලගුණ නිවේදනය


NEWS ALERT