Local

ආයෝජන කටයුතු සදහා ඉඩම් බැහැරදීමෙන් නව අපේක්ෂාවක්

Monday, 08 January 2024 - 1:42 pm

ආයෝජන කටයුතු සදහා ඉඩම් බැහැරදීමෙන් ඉදිරි වසර 3ක කාලයේදී රුපියල් බිලියන 21ක ආදායමක් උපයා ගැනීමට අපේක්ෂා කරන බව නාගරික සංවර්ධන අධිකාරිය පවසයි.

මෙලෙස බැහැර දෙනු ලබන්නේ නාගරික සංවර්ධන අධිකාරිය සතු ඉඩම්ය. ඒ අනුව ඉඩම් බැහැරදීමෙන් මෙම වසර තුලදී පමණක් රුපියල් බිලියන 9ක ආදායමක් උපයාගැනීමට හැකිවනු ඇතැයිද එම අධිකාරිය විශ්වාසය පළ කරයි.

නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතාගේ උපදෙස් පරිදි මෙම වැඩපිළිවෙල ක්‍රියාත්මකයි. අයෝජන අවස්ථා සදහා මෙම ඉඩම් ලබා දීම සිදු කෙරෙන්නේ රාජ්‍ය හා පෞද්ගලික හවුල්කාරීත්ව පදනමින් සහ දීර්ඝකාලීන බදු පදනම යටතේයි.

මෙම ආයෝජන වැඩපිළිවෙල යටතේ බස්නාහිර, දකුණ, මධ්‍යම, ඌව සහ සබරගමුව පළාත්වල ව්‍යාපෘති 60කට වැඩි ප්‍රමාණයක් හදුනාගෙන ඇත. ඉන් ව්‍යාපෘති 24 ක් සදහා යෝජනා කැදවීම මෙම වසර තුළ සිදු කිරීමට නියමිතය.

කොළඹ කොටුව, වරකාපොළ, ගාලු කොටුව, අවිස්සාවේල්ල, තලවතුගොඩ, කොට්ටාව, ඒකල,මහනුවර, නාරහේන්පිට, නාවලපිටිය, බලංගොඩ, කොලොන්නාව, වැල්ලවත්ත, පාදුක්ක යන ප්‍රදේශ වල එම ව්‍යාපෘතිවලට අදාළව අදාළ ඉඩම් පිහිටා ඇත.

අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා නාගරික සංවර්ධන අධිකාරියට උපදෙස් දී ඇත්තේ ඊට අදාළ කටයුතු කඩිනමින් සිදුකරන ලෙසය.

ඒ අනුව නිවාස ව්‍යාපෘති, තොරතුරු තාක්ෂණ උද්‍යාන, බහු මහල් රථගාල්, කාර්යාල සංකීර්ණ, හෝටල් හා සත්කාරක සේවා, විනෝදාස්වාද, සුවසේවා, අධ්‍යාපන, කර්මාන්ත, යන අංශ වශයෙන් මෙම අයෝජන ව්‍යාපෘති වර්ගීකරණය කර තිබේ.

මෙම ආයෝජන වැඩසටහන යටතේ පසුගිය වසර තුළ ව්‍යාපෘති 2ක් සදහා රාජ්‍ය හා පෞද්ගලික හවුල්කාරීත්ව පදනම යටතේ ගිවිසුම් අත්සන් කිරීමට පියවර ගෙන ඇති බවද නාගරික සංවර්ධන අධිකාරිය සදහන් කරයි.

ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය හරහා ඉදිරිපත් වන ව්‍යාපෘතිවලට දින 09 -120 ත් අතර කාලයක් තුළ අනුමැතිය දිය හැකි පරිදි විශේෂ වැඩපිළිවෙලක්ද නාගරික සංවර්ධන අධිකාරිය විසින් සකසා තිබේ. ඒ සදහා අදාළ අනුමැතීන් එකම ස්ථානයකින් කඩිනමින් ලබා දීම සදහා සියලු රාජ්‍ය ආයතන ඒකාබද්ධ කර ගනිමින් කඩිනම් සේවා ඒකකයක් (One Stop Unit) මේවන විටත් ක්‍රියාත්මකයි.


Top Stories
wedivistara

අනුරාධපුරයේ වෙඩි තැබීමක්

wedivistara

කුරුණෑගල ප්‍රසිද්ධ හෝටල් හිමිකරුවෙකු ඝාතනය කරලා

wedivistara

විදුලි පනතේ සංශෝධන ගැන ජයිකා ඇතුලු ආයතන 03 ක් කනස්සල්ලෙන්

wedivistara

කීරි සම්බා සඳහා ආදේශක සහල් මෙට්‍රික් ටොන් 40,000ක් ආනයනයට නිර්දේශ

wedivistara

මුදල් විශුද්ධිකරණය යටතේ කෙහෙළියගේ පවුලටම අධි චෝදනා

wedivistara

සෞඛ්‍ය අමාත්‍යාංශයේ හිටපු ලේකම් අල්ලස් කොමිසමේ අත්අඩංගුවට

Trending
wedivistara

2025 වසරේ පළමු කාර්තුවේදී ඍජු විදේශ අයෝජනවල 90% ක වැඩිවීමක්

wedivistara

රන් මිල පහළට

wedivistara

වාහන ආනයනයෙන් රුපියල් බිලියන 165ක රේගු ආදායමක් වාර්තා කරයි

wedivistara

අක්මීමන වෙඩි තැබීමක්

wedivistara

සියලුම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස, සූකර උණ රෝගය ආසාධිත හෝ අවදානම් ප්‍රදේශ ලෙස නම් කරමින් අති විශේෂ ගැසට් නිවේදනයක්

wedivistara

සිඟමන් යදින බාල වයස්කාර දරුවන් සොයා මෙහෙයුම්


NEWS ALERT