Local

ශිෂ්‍යත්ව විභාගයේ ගැටලුවට මානව හිමිකම් කොමිසමෙන් විමර්ෂනයක්

Thursday, 26 September 2024 - 8:36 pm

පසුගියදා නිමාවට පත්වූ 05 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ගැටලුකාරී තත්වය පිළිබදව විමර්ශනයක් මේ වන විට සිදුකෙරෙන බව ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව පවසයි.

මානව හිමිකම් සභාවේ කොමසාරිස්වරයා ඇතුලු නිළධාරීන්ගේ සහභාගීත්වයෙන් මෙම විමර්ශනය පැවැත්වෙන බව එහි ප්‍රකාශකයෙකු සදහන් කළේය.

එම විමර්ශනය සදහා අධ්‍යාපන අමාත්‍යංශයේ සහ විභාග දෙපාර්තමේන්තුවේ බලධාරීන් පෙනී සිටින බව වාර්තා වෙයි.

ඊට අමතරව ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටි දරුවන්ගේ දෙමව්පියන් පිරිසක් ද මානව හිමිකම් කොමිෂන් සභාවට පැමිණ තිබේ.

ශිෂ්‍යත්ව විභාගය යළි පැවැත්වුවහොත් දරුවන් යළි පීඩාවට පත්වන බව දෙමව්පියන් කොමිෂන් සභාව හමුවේ පැමිණිලි කර තිබේ. 

මේ අතර ශිෂ්‍යත්ව ප්‍රශ්න පත්‍ර ගැටලුව දරුවන්ට අසාධාරණයක් නොවන ලෙස කඩිනමින් විසදන ලෙසට අග්‍රමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය අධයාපන බලධාරීන්ට උපදෙස් දී තිබේ. 


Top Stories
wedivistara

වෙසක් උත්සවය වෙනුවෙන් සුරාසල් දින 03 ක් වැසෙයි

wedivistara

නීතිඥ කාමරයේ තිබූ ලැප්ටොප් එක උස්සලා

wedivistara

FitsAir ගුවන් සමාගම, ව්‍යාපාරික පන්තිය හඳුන්වා දෙයි

wedivistara

Hayleys Solar Powers වෙළෙඳපොළට හඳුන්වා දෙයි

wedivistara

තොරතුරු තාක්ෂණය ආර්ථිකයේ ප්‍රමුඛ අපේක්ෂාවක්

wedivistara

කෝටි දෙකක මංකොල්ලයක් සම්බන්ධයෙන් සැකකරුවෙක් අත්අඩංගුවට

Trending
wedivistara

බහුතරය නැති සභාවල සභාපති / නගරාධිපති පත්වන ආකාරය ගැන මැතිවරණ කොමසාරිස්ගෙන් පැහැදිලි කිරීමක්

wedivistara

නවක වදය ගැන දැනුම්දීමට සෑම විශ්ව විද්‍යාලයකටම නිලධාරියෙකු බැගින් යෙදවීමට තීරණයක්

wedivistara

ජුනි මාසයේදී විදුලි බිල සුළු ප්‍රමාණයකින් වැඩි වේවි - ජනපති

wedivistara

සජබ ප්‍රධානත්වයෙන් කොළඹ බලය පිහිටුවීමට සෑම කණ්ඩායමක් සමගම සාකච්ඡා කරනවා - මුජිබර් රහුමාන්

wedivistara

පළාත් පාලන ඡන්දයේ නිහඬ කාලසීමාව ඇරඹෙයි

wedivistara

අත්අඩංගුවට ගත් ලොකු පැටී බෙලරුස් සිට මෙරටට ගෙන එයි


NEWS ALERT