Local

අනුර ජනපති වීම හැරවුම් ලක්ෂ්‍යයක් – කොංගෝ ජනාධිපතිගෙන් සුබ පැතුම් පණිවිඩයක්

Wednesday, 02 October 2024 - 1:20 pm

අනුර කුමාර දිසානායක මහතා ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරයා ලෙස පත්වීම මෙරට තීරණාත්මක හැරවුම් ලක්ෂයක් යැයි කොංගෝ ප්‍රජාතන්ත්‍රවාදී ජනරජයේ (ඩීආර්සී) ජනාධිපති ෆීලික්ස් ෂිසෙකේඩි මහතා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත සුබ පැතුම් පණිවිඩයක් එවමින් කියා සිටී.

මැතිවරණ ප්‍රතිඵලය තුළින් රට තුළ වෙනසක් සහ ස්ථාවරත්වයක් සඳහා ජනතාව තුළ ඇති ආශාව පිළිබිඹු වන බව ද එහි සඳහන් ය.

කොංගෝ ප්‍රජාතන්ත්‍රවාදී ජනරජය (ඩීආර්සී) සහ ශ්‍රී ලංකාව අතර මිත්‍රත්වය සහ සහයෝගීතාව වැඩි දියුණු කිරීමේ තම අභිලාෂය බවත් ෆීලික්ස් ෂිසෙකේඩි මහතා සඳහන් කරයි. දෙරට අතර රාජ්‍ය තාන්ත්‍රික සබඳතා ශක්තිමත් කිරීමට කැපවන බවද හෙතෙම සඳහන් කරයි.

ටැන්සානියානු ජනාධිපතිනියත් ජනපති අනුරට සුබ පතයි

අනුර ජනපති වීම හැරවුම් ලක්ෂ්‍යයක් - කොංගෝ ජනාධිපතිගෙන් සුබ පැතුම් පණිවිඩයක්

පසුගියදා පැවති මැතිවරණයෙන් ජයග්‍රහණය කර ශ්‍රී ලංකාවේ 9 වැනි ජනාධිපතිවරයා ලෙස දිවුරුම් දුන් අනුර කුමාර දිසානායක මහතා වෙත එක්සත් ටැන්සානියා ජනරජයේ ජනාධිපති ආචාර්ය සමියා සුලුහු හසන් මහත්මිය සිය හෘදයාංගම සුභාශිංසනය පිරිනමයි.

දශක ගණනාවක් තිස්සේ ටැන්සානියාව සහ ශ්‍රී ලංකාව අතර ශක්තිමත් ද්විපාර්ශ්වික සබඳතා පවතින බවත් ජනාධිපති සුලුහු හසන් මහත්මිය සිය පණිවිඩයේ දක්වා ඇත. ටැන්සානියානු රජය සහ එහි ජනතාගේ අභිමානවත් සුභාශිංසනය අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා වෙත පිරිනමන බවද ඇය ප්‍රකාශ කළාය. මෙම බැඳීම්, අන්‍යොන්‍ය සහයෝගීතාවයේ දිගු ඉතිහාසයක් පෙන්නුම් කරමින් විවිධ ක්ෂේත්‍ර ඔස්සේ විහිදෙන බව ඇය සඳහන් කළාය.

“ඔබේ නායකත්වය යටතේ අපගේ සබඳතා නව ක්ෂිතිජයන් කරා දිවෙනු ඇති බව මට පූර්ණ විශ්වාසයක් ඇත” යනුවෙන් පැවසූ ජනාධිපති ආචාර්ය සමියා සුලුහු හසන් මහත්මිය, ටැන්සානියාව සහ ශ්‍රී ලංකාව අතර පවතින සබඳතාවල අනාගතය පිළිබඳව සුබවාදී අදහස් පළ කරන බවද එහි සඳහන් කර ඇත.


Top Stories
wedivistara

මාදුරුඔයේ සිට ගල්ඔයට අලි කොරිඩෝවක්

wedivistara

මහාචාර්ය මාලිනී ඇඳගම අභාවප්‍රාප්ත වෙයි

wedivistara

වී අස්වනු මිලදී ගැනීමට සහන පොළියට ණය යෝජනා ක්‍රමයක්

wedivistara

මෙන්ඩිස් සමාගමේ අධ්‍යක්ෂකවරු වන අර්ජුන් ඇලෝසියස්ට සහ ඇන්තනී රන්දෙව් ජිනේන්ද්‍රට එරෙහිව නඩු පැවරේ

wedivistara

පරාටේ නීතිය සඳහා ලබාදී තිබුණු සහන කාලය අද මධ්‍යම රාත්‍රියෙන් අවසන් වෙයි

wedivistara

ඉන්දීය ධීවරයින් 08 දෙනෙකු ජූලි 03 වැනිදා දක්වා රිමාන්ඩ්

Trending
wedivistara

කෙහෙළියට එරෙහි නඩුව: රනිලුත් සාක්ෂිකරුවෙක් කරලා

wedivistara

ලෝක වෙළඳපොළේ බොරතෙල් මිළ පහළට

wedivistara

ඊශ්‍රායල සහ ඉරානය සටන් විරාමයත් සමග රන් මිල පහළට

wedivistara

හරක් කටාගේ පරීක්ෂණවලදී CIDයෙන් අපේක්ෂිත අරමුණු ඉටු වුණේ නැහැ

wedivistara

ජපුර විශේෂඥ වෛද්‍යවරිය ඇතුළු සැකකරුවන් ජූලි 08 දක්වා රිමාන්ඩ් කිරීමට නියෝග

wedivistara

සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා සම්බන්ධයෙන් ජනතාවට දැනුම්දීමක්


NEWS ALERT