Local

ඉරානයේ නවීන විද්‍යාත්මක තාක්ෂණික දැනුම ශ්‍රී ලංකාව සමඟ බෙදාගන්නවා

Monday, 12 February 2024 - 8:50 am

ශ්‍රී ලංකාවේ ඉරාන තානාපති ආචාර්ය අලිරේසා ඩෙල්කොෂ්

ඉරානය සතු නවීන විද්‍යාත්මක සහ තාක්ෂණික දැනුම ශ්‍රී ලංකාව සමඟ බෙදා හදා ගැනීමට අපේක්ෂා කරන බව ශ්‍රී ලංකාවේ ඉරාන තානාපති ආචාර්ය අලිරේසා ඩෙල්කොෂ් මහතා ප්‍රකාශ කළේය.

ඒ මහතා මේ බව පැවසුවේ ඉරානයේ 45 වැනි ජාතික නිදහස් දිනය ඊයේ (11) දිනයට යෙදී තිබීම නිමිත්තෙන් ඉරාන ජාතික නිදහස් දින උත්සවයක් පසුගියදා ශ්‍රී ලංකාවේ ඉරාන තානාපති ආචාර්ය අලිරේසා ඩෙල්කොෂ් (Dr. Alireza Delkhosh) මහතාගේ කොළඹ පිහිටි නිල නිවෙසේදී සංවිධානය කර තිබූ උත්සවයට එක්වෙමිනි.

ඉරාන නිදහස් දින උත්සවයේ ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගි වූයේ වාරිමාර්ග වනජීවි සහ වන සංරක්ෂණ ඇමැතිනී නීතිඥ පවිත්‍රා වන්නිආරච්චි මහත්මියයි.

මෙහිදී අදහස් දක්වමින් ශ්‍රී ලංකාවේ ඉරාන තානාපති අලිරේසා ඩෙල්කොෂ් මහතා,

ඉරාන විදේශ ප්‍රතිපත්තිය ප්‍රධාන අංශ දෙකක් යටතේ පවත්වාගෙන යනවා. රාජ්‍යයන් අතර ආර්ථික සහයෝගිතාව සහ කලාපයේ මෙන්ම ජාත්‍යන්තර ආරක්ෂාව ශක්තිමත් කිරීමට සහාය වීම යන අංශ දෙක ඊට ඇතුළත් වෙනවා. එමෙන්ම ත්‍රස්තවාදයට සහ මත්ද්‍රව්‍ය වෙළෙඳාමට එරෙහිව කටයුතු කිරීම ඉරාන රජයේ විදේශ ප්‍රතිපත්තියේ ප්‍රධාන අරමුණු අතරට ඇතුළත් වෙනවා. එදා මෙන්ම වර්තමානයේත් ශ්‍රී ලංකාව සහ ඉරානය අතර මනා සම්බන්ධතාවක් ගොඩනැඟී තිබෙනවා. එය ඉදිරියටත් ශක්තිමත්ව පවත්වාගෙන යෑමට දෙරට මනා අවබෝධයකින් කටයුතු කිරීම ඉතා වැදගත් වෙනවා. වර්තමානයේ ඉරානය තාක්ෂණික සහ විද්‍යාත්මක වශයෙන් විශාල ප්‍රගතියක් ළඟා කරගෙන සිටිනවා. එමෙන්ම තාක්ෂණික හා විද්‍යාත්මක දැනුම ශ්‍රී ලංකාව සමඟ බෙදා හදා ගැනීමට අපේක්ෂා කරනවා. යැයි පැවැසීය.

ඇමැතිනී පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය,

ඉරානය සහ ශ්‍රී ලංකාව අතර අතීතයේ සිටම පවතින රාජ්‍යතාන්ත්‍රික සබඳතාව සහ මිත්‍රත්වය ශ්‍රී ලංකාවේ ආර්ථික සමාජීය, සහ සංස්කෘතික සංවර්ධනයට බෙහෙවින් ඉවහල් වී තිබෙනවා. රනිල් වික්‍රමසිංහ මහතා හා ඉරාන ජනාධිපති ආචාර්ය සෙයිඩ් ඊබ්‍රාහිම් රයිසි මහතා අතර පවතින අන්‍යෝන්‍ය සුහදශීලිත්වය හා නොබිඳෙන මිත්‍රත්වය දෙරටේම සමාජ, ආර්ථික හා දේශපාලනික වශයෙන් බොහෝ ජයග්‍රහණයන් ළඟා කර ගැනීමට ඉවහල් වී තිබෙනවා. ඉරානය ශ්‍රී ලංකාවේ තේ සහ කුළුබඩු මිල දී ගැනීමේ ක්‍රියාවලියේ තවදුරටත් ප්‍රමුඛයායි. එමෙන්ම ශ්‍රී ලංකාව සහ ඉරානය අතර වෙළෙඳ වාණිජ කටයුතු ප්‍රවර්ධනය සඳහා දෙරට විදේශ කටයුතු අමාත්‍යාංශ හරහා අවබෝධාත්මක ලෙස කටයුතු කිරීම ද සිහිපත් කළ යුතුයි.

මේ අවස්ථාව සඳහා හිටපු ජනාධිපතිවරුන් වන මහින්ද රාජපක්ෂ හා ගෝඨාභය රාජපක්ෂ, කථානායක මහින්ද යාපා අබේවර්ධන, විදේශ කටයුතු රාජ්‍ය ඇමැති තාරක බාලසූරිය යන මහත්වරුන්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, තානාපතිවරුන්, ආරක්ෂක අංශ ප්‍රධානීන් ඇතුළු විශාල පිරිසක් සහභාගි වී සිටියහ.


Top Stories
wedivistara

ශ්‍රීලංකන් ගුවන් සමාගමේ හිටපු සභාපති අධිකරණයට රැගෙන එයි

wedivistara

අධිවේගයේ යන වාහන සහ බස් රථවල මගීන්ටත් ආසන පටි පැළඳීම අනිවාර්යය කෙරේ

wedivistara

දුරදිග ගිය ආරවුලෙන් තරුණයෙකු මරුට

wedivistara

ගෑස් මිල සංශෝධනය නොවේ - ලාෆ් ගෑස් සමාගම

wedivistara

ප්‍රමි­ති­යෙන් යුතු පොහොර ගොවි­යාට දෙන්න ආණ්ඩුවට අද බැරිවෙලා

wedivistara

පරාටේ නීතිය අද සිට යළි ක්‍රියාත්මක වෙයි

Trending
wedivistara

කෙහෙළියට එරෙහි නඩුව: රනිලුත් සාක්ෂිකරුවෙක් කරලා

wedivistara

සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා සම්බන්ධයෙන් ජනතාවට දැනුම්දීමක්

wedivistara

හරක් කටාගේ පරීක්ෂණවලදී CIDයෙන් අපේක්ෂිත අරමුණු ඉටු වුණේ නැහැ

wedivistara

ඉන්දීය නිළි ෂෙෆාලි ජරිවාලා ජීවිතක්ෂයට

wedivistara

නිශාන්ත වික්‍රමසිංහ ජූලි 01 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

wedivistara

ඇල්ලේ ගින්නක් : ගිනි තැබූ හෝටල් සේවකයා අත්අඩංගුවට


NEWS ALERT