Local

අපේක්‍ෂකයන් පුම්බන්න ගිය හම්බන්තොට රාජ්‍ය නිලධාරීන් 19ක් ගැන විමර්ශන... 9ක් ඡන්ද රාජකාරිවලින් ඉවතට

Friday, 20 September 2024 - 9:59 am

තනතුරුවලට නොගැළපෙන සේ දේශපාලන අපේක්ෂකයන් ප්‍රවර්ධනය කිරිමට කටයුතු කළ හම්බන්තොට රාජ්‍ය නිලධාරීන් 19 දෙනකු පිළිබඳව පරික්ෂණ පැවැත්වෙන බවත් 09 දෙනකුගේ මැතිවරණ රාජකාරි අත්හිටු වූ බවත් හම්බන්තොට දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරි එච්.පී. සුමනසිරි මහතා ඊයේ (19 දා) පැවසීය.

දේශපාලන කටයුතුවල නිරත වීම සම්බන්ධයෙන් රාජ්‍ය නිලධාරීන් 19 දෙනකුට එරෙහිව පැමිණිලි 17 ක් හම්බන්තොට දිස්ත්‍රික්කයේ මැතිවරණ ආරවුල් නිරාකරණය කිරීමේ ස්ථානය වෙත පසුගිය 18 දා වන විට වාර්තා වී තිබෙන බවත්, ඒ අතරින් මැතිවරණ රාජකාරි සඳහා යොදවා තිබූ නිලධාරීන් 09 දෙනකු මැතිවරණ රාජකාරිවලින් ඉවත් කිරීමට කටයුතු යොදා තිබෙන බවත් හම්බන්තොට දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරිවරයා තවදුරටත් කියා සිටී.

මෙසේ විවිධ දේශපාලන ක්‍රියාකාරකම්වල නිරතවූ රාජ්‍ය නිලධාරීන් 19 දෙනා අතර, වෛද්‍යවරුන් 03 දෙනකු, මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයකු, විදුහල්පතිවරුන් 09 දෙනකු සහ නියෝජ්‍ය විදුහල්පතිවරයකු, ගුරුවරුන් 04 දෙනකු හා සමෘද්ධි කළමනාකරුවකු සිටින බවද ඔහු සඳහන් කළේය.

විශේෂයෙන්ම 32/2017 රාජ්‍ය පරිපාලන චක්‍රලේඛය මගින් මාණ්ඩලික සහ මාණ්ඩලික නොවන යන රාජ්‍ය සේවකයන් වර්ගීකරණය කර තිබෙන අතර එහි සඳහන් පරිදි තෘතීයික මට්ටමේ හා ජ්‍යෙෂ්ඨ මට්ටමේ රාජ්‍ය නිලධාරීන් කවුරුන්ද යන්න අර්ථ දක්වා තිබේ.

ඒ අනුව ආයතන සංග්‍රහයේ xxxii පරිච්ඡේදයේ අංක 1 මගින් දේශපාලන අයිතිවාසිකම් භූක්ති විඳීමට හිමිකම් නොමැති නිලධාරියකුට තහනම් කටයුතු සඳහන් කර තිබේ. එහි 1.2 මගින් දක්වා ඇති ආකාරයට එසේ සිදුකිරීම සේවයෙන් පහකිරීමට භාජනය විය යුතු වරදක් සේ පෙන්වා දී තිබේ. එමෙන්ම ඒ ආකාරයෙන් තම තනතුරට ඇති වගකීම් අයිතිවාසිකම් හා හැකියාවන් සම්බන්ධව නොසලකා එය අවභාවිත කරමින් පක්ෂ හා අපේක්ෂකයින් ප්‍රවර්ධනය වෙනුවෙන් කටයුතු කෙරුණු රාජ්‍ය නිලධාරින් සම්බන්ධයෙන් transparency inte ational (TISL) ආයතන ඇතුළු සංවිධාන විසින් පැමිණිලි රාශියක් මැතිවරණ කාර්යාලය වෙත යොමු කර තිබේ.

සමස්තයක් වශයෙන් ඊයේ (19 දා) පෙරවරු 10.00 වන විට හම්බන්තොට දිස්ත්‍රික්කයේ මැතිවරණ නීති උල්ලංඝනය කිරීම් 256 ක් සම්බන්ධයෙන් පැමිණිලි ලැබී තිබෙන බවද හම්බන්තොට දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරි එච්.පී. සුමනසේකර මහතා කියා සිටියේය.


Top Stories
wedivistara

දුරදිග ගිය ආරවුලෙන් තරුණයෙකු මරුට

wedivistara

ගෑස් මිල සංශෝධනය නොවේ - ලාෆ් ගෑස් සමාගම

wedivistara

ප්‍රමි­ති­යෙන් යුතු පොහොර ගොවි­යාට දෙන්න ආණ්ඩුවට අද බැරිවෙලා

wedivistara

පරාටේ නීතිය අද සිට යළි ක්‍රියාත්මක වෙයි

wedivistara

පරාටේ නීතියෙන් ව්‍යව­සා­ය­ක­යන්ගේ දේපොළ වෙන්දේසි විය හැකියි

wedivistara

කෝටි 6ක විදත් සන්නි­වේ­දන උප­ක­රණ කටු­නා­ය­කින් පන්නද්දී මාට්ටු

Trending
wedivistara

කෙහෙළියට එරෙහි නඩුව: රනිලුත් සාක්ෂිකරුවෙක් කරලා

wedivistara

සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා සම්බන්ධයෙන් ජනතාවට දැනුම්දීමක්

wedivistara

හරක් කටාගේ පරීක්ෂණවලදී CIDයෙන් අපේක්ෂිත අරමුණු ඉටු වුණේ නැහැ

wedivistara

ඉන්දීය නිළි ෂෙෆාලි ජරිවාලා ජීවිතක්ෂයට

wedivistara

නිශාන්ත වික්‍රමසිංහ ජූලි 01 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

wedivistara

ඇල්ලේ ගින්නක් : ගිනි තැබූ හෝටල් සේවකයා අත්අඩංගුවට


NEWS ALERT