Local

ගංවතුර අනතුරු ඇගවීම - කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව

Sunday, 02 June 2024 - 7:37 am

පවතින අයහපත් කාලගුණය හේතුවෙන්  කැලණි, කළු, ගිං සහ නිල්වලා යන ගංගා අවට පහත්බිම් ප්‍රදේශවලට ගංවතුර අනතුරු ඇගවීමේ නිවේදන නිකුත් කර තිබේ.

ඒ අනුව, කළු ගඟේ ඉහළ ධාරා ප්‍රදේශවලට සැලකිය යුතු වර්ෂාපතනයක් ලැබී ඇති අතර මේ හේතුවෙන් ඉදිරි පැය 48ක කාලය තුළ රත්නපුර දිස්ත්‍රික්කයේ පැල්මඩුල්ල, නිවිතිගල, කුරුවිට, අයගම, ඇලපාත සහ රත්නපුර යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල පහත්බිම් ප්‍රදේශවලට ගංවතුර තත්ත්වයක් ඇතිවිය හැකි බව සඳහන්ය.

එමෙන්ම කළුතර දිස්ත්‍රික්කයේ ඉංගිරිය, හොරණ, දොඩංගොඩ සහ මිල්ලනිය යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල පහත්බිම් ආශ්‍රිතව ද ගංවතුර තත්ත්වයක් ඇතිවිය හැකි බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පැවසීය.

නිල්වලා ගඟේ ඉහළ ධාරා ප්‍රදේශවලට ඊයේ (01) රාත්‍රී සිට සැලකියයුතු වර්ෂාපතනයක් ලැබීම හේතුවෙන් පස්ගොඩ, කොටපොළ, පිටබැද්දර, අකුරැස්ස, අතුරලිය, මාලිම්බඩ, කඹුරුපිටිය, තිහගොඩ, මාතර සහ දෙවිනුවර යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල පහත්බිම්වල ගංවතුර තත්ත්වයක් ඇතිවිය හැකි බව සඳහන්ය.

මීට අමතරව ගිං ගඟේ ඉහළ ධාරා ප්‍රදේශවලට පවතින අධික වර්ෂාපතන තත්ත්වය හේතුවෙන් නෙළුව, තවලම, නාගොඩ, නියාගම, වැලිවිටිය දිවිතුර, ඇල්පිටිය, අක්මීමණ, බද්දේගම සහ බෝපේ පෝද්දල යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල පහත්බිම් ප්‍රදේශවල ඉදිරි පැය 48ක කාලය තුළ ගංවතුර තත්ත්වයක් ඇතිවිය හැකි බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පැවසීය.

එමෙන්ම කැලණි ගඟ ඉහළ ධාරා ප්‍රදේශවලට ඊයේ රාත්‍රී සිට සැලකිය යුතු වර්ෂාපතන තත්ත්වයක් පැවතීම හේතුවෙන් දෙහිඕවිට, රුවන්වැල්ල, සීතාවක, දොම්පෙ, හෝමාගම, කඩුවෙල, බියගම, කොලොන්නාව, කොළඹ සහ වත්තල යන ප්‍රදේශීය ලේකම් කොට්ඨාසවලට අයත් පහත්බිම් ප්‍රදේශවලට ද ගංවතුර ඇතිවීමේ අනතුරු ඇගවීම් නිකුත් කර ඇති බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව සඳහන් කළේය.


Top Stories
wedivistara

දුරදිග ගිය ආරවුලෙන් තරුණයෙකු මරුට

wedivistara

ගෑස් මිල සංශෝධනය නොවේ - ලාෆ් ගෑස් සමාගම

wedivistara

ප්‍රමි­ති­යෙන් යුතු පොහොර ගොවි­යාට දෙන්න ආණ්ඩුවට අද බැරිවෙලා

wedivistara

පරාටේ නීතිය අද සිට යළි ක්‍රියාත්මක වෙයි

wedivistara

පරාටේ නීතියෙන් ව්‍යව­සා­ය­ක­යන්ගේ දේපොළ වෙන්දේසි විය හැකියි

wedivistara

කෝටි 6ක විදත් සන්නි­වේ­දන උප­ක­රණ කටු­නා­ය­කින් පන්නද්දී මාට්ටු

Trending
wedivistara

කෙහෙළියට එරෙහි නඩුව: රනිලුත් සාක්ෂිකරුවෙක් කරලා

wedivistara

සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා සම්බන්ධයෙන් ජනතාවට දැනුම්දීමක්

wedivistara

හරක් කටාගේ පරීක්ෂණවලදී CIDයෙන් අපේක්ෂිත අරමුණු ඉටු වුණේ නැහැ

wedivistara

ඉන්දීය නිළි ෂෙෆාලි ජරිවාලා ජීවිතක්ෂයට

wedivistara

නිශාන්ත වික්‍රමසිංහ ජූලි 01 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

wedivistara

ඇල්ලේ ගින්නක් : ගිනි තැබූ හෝටල් සේවකයා අත්අඩංගුවට


NEWS ALERT