Local

බඩඉරිඟු වගාවට SAPP ව්‍යාපෘතියෙන් රු.බිලියන 04ක්

Friday, 26 January 2024 - 8:24 pm

2024 යල කන්නයේ දී බඩඉරිඟු වගා කිරීම සඳහා රුපියල් බිලියන 04ක මුදලක් වෙන් කිරීමට කුඩාපරිමාණ කෘෂිව්‍යවසායකත්ව වැඩ සටහන (SAPP) විසින් පියවර ගෙන ඇත.

2023 මහ කන්නයේ අක්කර 40,000ක බඩඉරිඟු වගා කිරීම සඳහා මෙම ව්‍යාපෘතිය විසින් රුපියල් බිලියන 10ක මුදලක් වැය කරන ලදී. ඒ අනුව බඩඉරිඟු වගාව සඳහා අවශ්‍ය බීජ බඩඉරිඟු, පොහොර සහ බිම් සකසා ගැනීමට අවශ්‍ය මුල්‍ය ප්‍රතිපාදන සියල්ල නැවත අයකර නොගන්නා පදනම යටතේ ගොවීන්ට ලබා දීමට පියවර ගත්තේය.

ඒ අනූව අනුරාධපුර, හම්බන්තොට, බදුල්ල, අම්පාර හා මොණරාගල දිස්ත්‍රික්කවල ගොවීන්ට බඩඉරිඟු වගා කිරීම සඳහා මෙම පහසුකම් ලබා දීමට පියවර ගත්තේය.

මේ අයුරින්ම මෙවර යල කන්නයේ ද බඩඉරිඟු වගා කිරීම සඳහා ගොවීන්ට අවශ්‍ය සහන සලසන ලෙස කෘෂිකර්ම හා වැවීලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා කුඩා පරිමාණ කෘෂි ව්‍යවසායකත්ව වැඩ සටහනට උපදෙස් දුන්නේය.

ඊයේ (25) කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා කසාගල ප්‍රදේශයේ බඩඉරිඟු වගාව නිරීක්ෂණය කළේය. කුඩාපරිමාණ කෘෂිව්‍යවසායකත්ව වැඩ සටහන (SAPP) විසින් සපයන ලද සහන මත හම්බන්තොට දිස්ත්‍රික්කයේ පසුගිය මහ කන්නයේ දී අක්කර 5000ක බඩඉරිඟු වගා කරනු ලැබීය. දැනට බොහෝ ප්‍රදේශවලින් සේනා දළඹු වසංගත තත්ත්වය බඩඉරිඟු වගාව ආශ්‍රිතව වාර්තා වෙතත් කසාගල ප්‍රදේශයේ බඩඉරිඟු වගාව ඉතාමත් සාර්ථකව සිදු කෙරෙන බව අමාත්‍යවරයා නිරීක්ෂණය කළේය.

මෙවර යල කන්නයේ දී බඩඉරිඟු වගා කිරීම සඳහා රුපියල් බිලියන 04ක මුදලක් වෙන් කරන ලෙස තමන් කුඩාපරිමාණ කෘෂිව්‍යවසායකත්ව වැඩ සටහනට (SAPP) උපදෙස් දුන් බව අමාත්‍යවරයා මෙහිදී සඳහන් කළේය.

මේ අතර මෙවර දිවයින පුරා බඩඉරිඟු අක්කර 80,000ක් වගා කර ඇති අතර ඉන් බඩඉරිඟු මෙට්‍රික් ටොන් 350,000ක අස්වැන්නක් අපේක්ෂා කරන බව කෘෂිකර්ම දෙපාර්තමේන්තුව පවසයි.

නමුත් පසුගිය මාස හතරක කාලයක් තුළ පෑවති අධික වර්ෂාව හා හිරු එළිය නිසි පරිදි නොලැබීම හේතුවෙන් බඩඉරිඟු ශාක වර්ධනයට එමගින් බලපෑම් එල්ල වී ඇති බව ද බඩඉරිඟු සම්බන්ධව කටයුතු කරන බෝග නායකවරයා සඳහන් කරයි.

 
 
 
 


Top Stories
wedivistara

අනුරාධපුරයේ වෙඩි තැබීමක්

wedivistara

කුරුණෑගල ප්‍රසිද්ධ හෝටල් හිමිකරුවෙකු ඝාතනය කරලා

wedivistara

විදුලි පනතේ සංශෝධන ගැන ජයිකා ඇතුලු ආයතන 03 ක් කනස්සල්ලෙන්

wedivistara

කීරි සම්බා සඳහා ආදේශක සහල් මෙට්‍රික් ටොන් 40,000ක් ආනයනයට නිර්දේශ

wedivistara

මුදල් විශුද්ධිකරණය යටතේ කෙහෙළියගේ පවුලටම අධි චෝදනා

wedivistara

සෞඛ්‍ය අමාත්‍යාංශයේ හිටපු ලේකම් අල්ලස් කොමිසමේ අත්අඩංගුවට

Trending
wedivistara

2025 වසරේ පළමු කාර්තුවේදී ඍජු විදේශ අයෝජනවල 90% ක වැඩිවීමක්

wedivistara

රන් මිල පහළට

wedivistara

වාහන ආනයනයෙන් රුපියල් බිලියන 165ක රේගු ආදායමක් වාර්තා කරයි

wedivistara

අක්මීමන වෙඩි තැබීමක්

wedivistara

සියලුම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස, සූකර උණ රෝගය ආසාධිත හෝ අවදානම් ප්‍රදේශ ලෙස නම් කරමින් අති විශේෂ ගැසට් නිවේදනයක්

wedivistara

සිඟමන් යදින බාල වයස්කාර දරුවන් සොයා මෙහෙයුම්


NEWS ALERT