Local

ඔන්ලයින් ඔස්සේ මුදල් වංචා කළ චීන්නු 86ක් අල්ලයි

Thursday, 01 August 2024 - 9:39 am

සංචාරක වීසාවලින් ලංකාවට ඇවිත්

අන්තර්ජාලය ඔස්සේ නීති විරෝධී මුදල් ගනුදෙනු කරමින් මහා පරිමාණ වංචාවල නිරත වූ චීන ජාතිකයන් 86 දෙනකු කළුතර සහ කල්පිටිය ප්‍රදේශවලදී පොලිසිය මඟින් ඊයේ (31දා) අත්අඩංගුවට ගෙන ඇත.

මෙම චීන ජාතිකයන් සංචාරක වීසා ලබාගෙන මෙරටට පැමිණ කාලයක සිට මෙම මහාපරිමාණ මූල්‍ය වංචාවල නිරතවෙමින් සිටින බව විමර්ශනවලින් හෙළි වී තිබේ.

මෙහිදී එක් වැටලීමක් කර ඇත්තේ කල්පිටිය ප්‍රදේශයේදීය. පුත්තලම කොට්ඨාස අපරාධ අංශයේ නිලධාරීන් විසින් කල්පිටිය ප්‍රදේශයේ හෝටලයක් වටලා කළ පරීක්ෂාවකදී එහි සිටි චීන කාන්තාවන් 9 දෙනකු ඇතුළු චීන ජාතිකයන් 56 දෙනකු අත්අඩංගුවට ගැනීමට හැකිවිය.

ඔවුන් සතුව තිබී රුපියල් කෝටියකට අධික මුදලක්, පරිගණක 44ක්, සිම්පත් 99ක් ඇතුළු තවත් උපකරණ රැසක් පොලිස් භාරයට ගෙන ඇත. අනෙක් වැටලීම කර ඇත්තේ කළුතර ප්‍රදේශයේදීය. කළුතර කොට්ඨාස අපරාධ ඒකකය මගින් නවාතැන්පළවල් දෙකක් වටලා කළ පරීක්ෂාවකදී චීන ජාතිකයන් 30 දෙනකු අත්අඩංගුවට ගෙන ඇත.

මොවුන් සතුව තිබී පරිගණක, ජංගම දුරකථන ඇතුළු තවත් උපකරණ රැසක් පොලිස් භාරයට ගෙන තිබේ.

මෙම චීන ජාතිකයන් දේශීය මෙන්ම විදේශිකයන් රවටමින් අන්තර්ජාලය ඔස්සේ මහාපරිමාණ මූල්‍ය වංචාවල නිරත වී ඇති බව විමර්ශනවලින් හෙළි වී ඇත.

හේමන්ත රන්දුණු


Top Stories
wedivistara

දුරදිග ගිය ආරවුලෙන් තරුණයෙකු මරුට

wedivistara

ගෑස් මිල සංශෝධනය නොවේ - ලාෆ් ගෑස් සමාගම

wedivistara

ප්‍රමි­ති­යෙන් යුතු පොහොර ගොවි­යාට දෙන්න ආණ්ඩුවට අද බැරිවෙලා

wedivistara

පරාටේ නීතිය අද සිට යළි ක්‍රියාත්මක වෙයි

wedivistara

පරාටේ නීතියෙන් ව්‍යව­සා­ය­ක­යන්ගේ දේපොළ වෙන්දේසි විය හැකියි

wedivistara

කෝටි 6ක විදත් සන්නි­වේ­දන උප­ක­රණ කටු­නා­ය­කින් පන්නද්දී මාට්ටු

Trending
wedivistara

කෙහෙළියට එරෙහි නඩුව: රනිලුත් සාක්ෂිකරුවෙක් කරලා

wedivistara

සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා සම්බන්ධයෙන් ජනතාවට දැනුම්දීමක්

wedivistara

හරක් කටාගේ පරීක්ෂණවලදී CIDයෙන් අපේක්ෂිත අරමුණු ඉටු වුණේ නැහැ

wedivistara

ඉන්දීය නිළි ෂෙෆාලි ජරිවාලා ජීවිතක්ෂයට

wedivistara

නිශාන්ත වික්‍රමසිංහ ජූලි 01 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

wedivistara

ඇල්ලේ ගින්නක් : ගිනි තැබූ හෝටල් සේවකයා අත්අඩංගුවට


NEWS ALERT