Local

මැතිවරණ නීති සංශෝධනය සම්බන්ධයෙන් තවත් සාකච්ඡාවක් අද

Friday, 19 January 2024 - 1:13 pm

මැතිවරණ කොමිෂන් සභාවේ සාමාජිකයින් සහ මැතිවරණ නීති සංශෝධනය සඳහා නිර්දේශ ඉදිරිපත් කිරිමට පත්කළ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාව අතර අද (19) තවත් සාකච්ඡාවක් පැවැත්වෙනවා.

මෙම සාකච්ඡාවේදී මැතිවරණ නීති සංශෝධනය සම්බන්ධයෙන් පවතින බාධා පිළිබඳව තවදුරටත් අදහස් හුවමාරු කර ගැනීම‍ට නියමිත බවයි ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවේ ලේකම් මාධව ‍දේවසුරේන්ද්‍ර සඳහන් කළේ.

ඉලෙක්ට්‍රොනික ඡන්ද ක්‍රමය, තැපැල් ඡන්දය භාවිත කරන පාර්ශව වැඩි කිරීම සඳහා පවතින මූල්‍යමය හා ප්‍රායෝගික බාධා, ප්‍රජාතන්ත්‍රවාදී පාලන ක්‍රම පවතින ඉන්දියාව, කැනඩාව, බ්‍රිතාන්‍ය, දකුණු අප්‍රිකාව යන රටවල මැතිවරණ ක්‍රම අධ්‍යයනය යනාදිය පිළිබඳව සාකච්ඡාවේදී ප්‍රමුඛ අවධානයක් යොමු කරන බව සඳහන්.

මැතිවරණ නීති සංශෝධනය සම්බන්ධයෙන් ජනතාව හා සිවිල් සංවිධාන විසින් යෝජනා 50 කට අධික සංඛ්‍යාවක් මේ වනවිට ලැබී ඇති බවත්, ඒ සම්බන්ධයෙන් මේ වන විටත් අධ්‍යයනය කිරීම ආරම්භ කර ඇති බවත් ලේකම්වරයා වැඩිදුරටත් පවසා සිටියා.


Top Stories
wedivistara

දුරදිග ගිය ආරවුලෙන් තරුණයෙකු මරුට

wedivistara

ගෑස් මිල සංශෝධනය නොවේ - ලාෆ් ගෑස් සමාගම

wedivistara

ප්‍රමි­ති­යෙන් යුතු පොහොර ගොවි­යාට දෙන්න ආණ්ඩුවට අද බැරිවෙලා

wedivistara

පරාටේ නීතිය අද සිට යළි ක්‍රියාත්මක වෙයි

wedivistara

පරාටේ නීතියෙන් ව්‍යව­සා­ය­ක­යන්ගේ දේපොළ වෙන්දේසි විය හැකියි

wedivistara

කෝටි 6ක විදත් සන්නි­වේ­දන උප­ක­රණ කටු­නා­ය­කින් පන්නද්දී මාට්ටු

Trending
wedivistara

කෙහෙළියට එරෙහි නඩුව: රනිලුත් සාක්ෂිකරුවෙක් කරලා

wedivistara

සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා සම්බන්ධයෙන් ජනතාවට දැනුම්දීමක්

wedivistara

හරක් කටාගේ පරීක්ෂණවලදී CIDයෙන් අපේක්ෂිත අරමුණු ඉටු වුණේ නැහැ

wedivistara

ඉන්දීය නිළි ෂෙෆාලි ජරිවාලා ජීවිතක්ෂයට

wedivistara

නිශාන්ත වික්‍රමසිංහ ජූලි 01 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

wedivistara

ඇල්ලේ ගින්නක් : ගිනි තැබූ හෝටල් සේවකයා අත්අඩංගුවට


NEWS ALERT