Local

එක්ස්ප්‍රස් පර්ල් ගින්නට හේතුව නයිට්‍රික් අම්ල කාන්දුවක් බව නීතිපති අධිකරණයට දැනුම් දෙයි

Wednesday, 26 March 2025 - 9:49 pm

‘නයිට්‍රික් අම්ලය’ කාන්දු වීමෙන්, එක්ස්ප්‍රස් පර්ල් නෞකාව ගිනි ගැනීමට ලක්වී ඇති බව, විමර්ශනවලදී හෙළිව ඇති බව, නීතිපතිවරයා ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඬුල්ලට දැනුම් දී තිබෙනවා.

නෞකාව ගිනි ගැනීම සම්බන්ධයෙන් ගොනුකළ මූලික අයිතිවාසිකම් පෙත්සම් 04 ක් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ යළි කැඳවූ අවස්ථාවේදී මෙම දැනුම්දීම සිදුකර ඇති බවයි සඳහන් වෙන්නේ.

එම පෙත්සම් අගවිනිසුරු මූර්දු ප්‍රනාන්දු, යසන්ත කෝදාගොඩ, ශිරාන් ගුණරත්න, අචල වෙන්ගප්පුලි සහ ප්‍රියන්ත ප්‍රනාන්දු යන පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ විභාගයට ගෙන තිබෙනවා.

විමර්ශන වගදී හෙලිවූ පරිදි කන්ටේනර් දෙකකින් ‘නයිට්‍රික් අම්ලය’ කාන්දු වන බව දැනගෙන දින 09 ක කාලයක් ගතවී තිබුණත් ඒ සම්බන්ධයෙන් කිසිදු පියවරක් නොගත් එහි කාර්ය මණ්ඩලය සහ නෞකාව පාලනය කළ සමාගම මෙම නෞකාව ගිනිගැනීමට සම්පූර්ණයෙන්ම වගකිවයුතු බවයි අතිරේක සොලිසිටර් ජනරාල් නෙරීන් පුල්ලේ අධිකරණයට දැනුම් දී තිබෙන්නේ.

එම ව්‍යසනයට මෙරට රජය කිසිදු ආකාරයක වගකීමක් දැරීමේ අවශ්‍යතාවයක් නැති බවද අතිරේක සොලිසිටර් ජනරාල්වරයා විනිසුරු මඩුල්ල ඉදිරියේ වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා.


Top Stories
wedivistara

මාදුරුඔයේ සිට ගල්ඔයට අලි කොරිඩෝවක්

wedivistara

මහාචාර්ය මාලිනී ඇඳගම අභාවප්‍රාප්ත වෙයි

wedivistara

වී අස්වනු මිලදී ගැනීමට සහන පොළියට ණය යෝජනා ක්‍රමයක්

wedivistara

මෙන්ඩිස් සමාගමේ අධ්‍යක්ෂකවරු වන අර්ජුන් ඇලෝසියස්ට සහ ඇන්තනී රන්දෙව් ජිනේන්ද්‍රට එරෙහිව නඩු පැවරේ

wedivistara

පරාටේ නීතිය සඳහා ලබාදී තිබුණු සහන කාලය අද මධ්‍යම රාත්‍රියෙන් අවසන් වෙයි

wedivistara

ඉන්දීය ධීවරයින් 08 දෙනෙකු ජූලි 03 වැනිදා දක්වා රිමාන්ඩ්

Trending
wedivistara

කෙහෙළියට එරෙහි නඩුව: රනිලුත් සාක්ෂිකරුවෙක් කරලා

wedivistara

ලෝක වෙළඳපොළේ බොරතෙල් මිළ පහළට

wedivistara

ඊශ්‍රායල සහ ඉරානය සටන් විරාමයත් සමග රන් මිල පහළට

wedivistara

හරක් කටාගේ පරීක්ෂණවලදී CIDයෙන් අපේක්ෂිත අරමුණු ඉටු වුණේ නැහැ

wedivistara

ජපුර විශේෂඥ වෛද්‍යවරිය ඇතුළු සැකකරුවන් ජූලි 08 දක්වා රිමාන්ඩ් කිරීමට නියෝග

wedivistara

සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා සම්බන්ධයෙන් ජනතාවට දැනුම්දීමක්


NEWS ALERT