Local

පොහොට්ටුවෙන් ඉවත්වුණු මැතිඇමැතිවරුගෙන් නව බලවේගයක්

Monday, 19 August 2024 - 7:44 pm

එළැඹෙන ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහ මහතාට සහාය ලබාදීමට ඉදිරිපත් වූ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරු හා දේශපාලන පක්ෂ එක්ව ඉදිරියේදී නව දේශපාලන බලවේගයක් බිහි කිරීමට සාකච්ඡා පවත්වමින් සිටින බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පැවසීය.

එමෙන්ම එම දේශපාලන බලවේගය ගොඩනැගීම සඳහා අගමැතිවරයා ලෙස තමන්ද සහයෝගය ලබාදෙන බව හෙතෙම කියා සිටියේය.

ඊයේ (18) මහනුවර මල්වතු හා අස්ගිරි මහනාහිමිවරුන් බැහැ දැකීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව සඳහන් කළේය.

'රජය ඉදිරියට ගෙන යෑමට සහයෝගය ලබාදුන් පොහොට්ටුවේ මන්ත්‍රීවරු  බහුතරයක් රට වැටී තිබුණු අර්බුදයෙන් ගොඩගත් රනිල් වික්‍රමසිංහ මහතා ට ජනපතිවරණයේ දී  සහයෝගය ලබා දීමට තීරණය කළා.

ඒ මන්ත්‍රීවරු පොහොට්ටුව වගේම තවත් පක්ෂ ගණනාවක් නියෝජනය කරනවා.

වසර දෙකක් තිස්සේ ඉතා අසීරුවෙන් ඉදිරියට පැමිණි රට මේ වනවිට නිවැරදි මාවතක ගමන් කරමින් තිබෙනවා.

මේ ජයග්‍රහණය තව දුරටත් ආරක්ෂා කර ගනිමින් ඉදිරියට ගෙන යෑම සඳහා අප සියලු දෙනා එකට එකතු වී වැඩ කරනවා. 

මේ වනවිට පළාත් පාලන ආයතනයේ සිට පාර්ලිමේන්තුව දක්වා සියලුම මන්ත්‍රීවරු එකට අත්වැල් බැඳගෙන සිටිනවා. 

මේ නිසා ඉදිරි මැතිවරණයක දී තමන් ට අපේක්ෂකත්වය ලබා ගැනීමට නොහැකි වේ යැයි කිසිවෙකුත් බියට පත්විය යුතු නැහැ.

ඔවුන් ට කිසිදු තර්ජනයක් ඇති වීමට අපි ඉඩ තබන්නේ නැහැ. නව දේශපාලන බලවේගයක් බිහි කිරීමේ අවශ්‍යතාව අප තේරුම් ගෙන තිබෙනවා. ඒ වෙනුවෙන් මේ වනවිට ආරම්භ වී තිබෙන සාකච්ඡා සඳහා මගේ පූර්ණ සහයෝගය හා ආශිර්වාදය ලබා දෙනවා'.

 
 


Top Stories
wedivistara

දුරදිග ගිය ආරවුලෙන් තරුණයෙකු මරුට

wedivistara

ගෑස් මිල සංශෝධනය නොවේ - ලාෆ් ගෑස් සමාගම

wedivistara

ප්‍රමි­ති­යෙන් යුතු පොහොර ගොවි­යාට දෙන්න ආණ්ඩුවට අද බැරිවෙලා

wedivistara

පරාටේ නීතිය අද සිට යළි ක්‍රියාත්මක වෙයි

wedivistara

පරාටේ නීතියෙන් ව්‍යව­සා­ය­ක­යන්ගේ දේපොළ වෙන්දේසි විය හැකියි

wedivistara

කෝටි 6ක විදත් සන්නි­වේ­දන උප­ක­රණ කටු­නා­ය­කින් පන්නද්දී මාට්ටු

Trending
wedivistara

කෙහෙළියට එරෙහි නඩුව: රනිලුත් සාක්ෂිකරුවෙක් කරලා

wedivistara

සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා සම්බන්ධයෙන් ජනතාවට දැනුම්දීමක්

wedivistara

හරක් කටාගේ පරීක්ෂණවලදී CIDයෙන් අපේක්ෂිත අරමුණු ඉටු වුණේ නැහැ

wedivistara

ඉන්දීය නිළි ෂෙෆාලි ජරිවාලා ජීවිතක්ෂයට

wedivistara

නිශාන්ත වික්‍රමසිංහ ජූලි 01 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

wedivistara

ඇල්ලේ ගින්නක් : ගිනි තැබූ හෝටල් සේවකයා අත්අඩංගුවට


NEWS ALERT