Local

දේශගුණික සෞභාග්‍ය සැලසුම් සාර්ථක කරගැනීමට සහාය වන්න -ජනපති ගෝලීය බලවතුන්ගෙන් ඉල්ලයි

Thursday, 18 January 2024 - 3:02 pm

ගෝලීය ශූන්‍ය කාබන් ඉලක්කය සපුරා ගැනීමට දේශගුණික සෞභාග්‍ය සැලසුම් සාර්ථක කර ගැනීමට සහාය වන්නැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ගෝලීය බලවතුන්ගෙන් ඉල්ලා සිටියි.

දේශගුණික සෞභාග්‍ය සැලසුම් දේශගුණික අනාරක්ෂිත ලෝකයක සමෘද්ධිමත් වීමේ උපාය මාර්ගයක් පමණක් නොව ශූන්‍ය කාබන් ලෝකයක ජයග්‍රාහකයන් වීමේ න්‍යාය පත්‍රය බවට ද පත්වන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කළේය.

ජනපතිවරයා මේ බව සඳහන් කළේ දේශගුණික අවදානමට ලක්විය හැකි වූවන්ගේ සංසදය විසින් ස්විස්ටර්ලන්තයේදී සංවිධාන කර තිබූ හමුවකට පෙරේදා (16) එක්වෙමිනි.

පසුගියදා ඩුබායිහි පැවති COP-28 සමුළුවේදී, දේශගුණික අවදානමට ලක්විය හැකි සංවර්ධනය වෙමින් පවතින රටවල් 20ක් සිය දේශගුණික සෞභාග්‍ය සැලසුම් එළිදැක්වීය.

දේශගුණික විපර්යාසවල බලපෑම් හේතුවෙන් සංවර්ධනය වෙමින් පවතින රටවල මූල්‍ය අවකාශය නිරන්තර පීඩනයට ලක්වන බව මෙහිදී පෙන්වාදුන් ජනාධිපතිවරයා, ඒ වෙනුවෙන් මූල්‍ය පහසුකම් වඩාත් අවශ්‍ය වන රටවලට එය ළඟා කර ගත නොහැකි තත්ත්වයක් ගෝලීය ආර්ථික තත්ත්වය සහ ඉහළ යන ණය බරින් නිර්මාණය කර තිබෙන බව ද පෙන්වා දුන්නේය.

එබැවින් දේශගුණික සෞභාග්‍ය සැලැස්මේ පාර්ශ්වකරුවන් බවට පත්වෙමින් සාධාරණ, තිරසර සහ සමෘද්ධිමත් අනාගතයක් උදා කර ගැනීමට සංවර්ධනය වෙමින් පවතින රටවලට සහාය වන ලෙස ජනාධිපතිවරයා දියුණු ආර්ථිකයක් ඇති රටවලින්, පෞද්ගලික අංශයෙන් සහ ජාත්‍යන්තර මූල්‍ය ප්‍රජාවගෙන් වැඩිදුරටත් ඉල්ලා සිටියේය.

මෙහිදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙසේද කීය.

දේශගුණික අවදානමට ලක්විය හැකි වූවන්ගේ සංගමය විසින් සංවිධාන කරන මේ හමුවට එක්වන ලෙස මෙහි අභිනව මහලේකම් ලෙස පත් වූ මාලදිවයිනේ හිටපු ජනාධිපති නෂීඩ් මහතා කළ ආරාධනය පිළිබඳව මම ස්තූතිවන්ත වෙනවා.

දේශගුණික ක්‍රියාකාරකම්වලින් සමෘද්ධිමත් සංවර්ධනයක් කරා ළඟාවීම වෙනුවෙන් වූ අපගේ සාමූහික ඉල්ලීම, නවෝත්පාදන විසඳුම් මඟින් මෙහෙයවන තිරසර ලෝකයක් සඳහා වූ අපගේ දැක්ම තුළ අන්තර්ගත වෙනවා.

දේශගුණික විපර්යාසයන්ට මුහුණදීමේදී පවතින සංකීර්ණ අසමානතාවන් පිළිබඳ අපි සෑම කෙනෙකුම දැනුවත්. ගෝලීය කාබන් විමෝචනයට සුළු හෝ දායකත්වයක් නොදෙන, ගෝලීය දකුණේ අවදානමට ලක්විය හැකි සංවර්ධනය වෙමින් පවතින රටවල් දේශගුණික විපර්යාසවල අහිතකර බලපෑම්වලට මුහුණ දෙනවා.

මේ හමුවේ සමතුලිතතාව නැවත ඇති කරවීම සඳහා වූ බහුපාර්ශ්වික ප්‍රයත්නයන්හි කැපවීම් ඉහළ මට්ටමක පවතින නමුත් එහි ප්‍රතිඵල අඩු මට්ටමක පවතිනවා.

ඩුබායිහි පැවති COP28 සමුළුවේදී ශ්‍රී ලංකාව විසින් Òනිවර්තන කලාපීය මුලපිරීමÓ ක්‍රියාත්මක කරන ලද්දේ දේශගුණික යුක්තිය පිළිබඳ මේ ගැටලුව මත පදනම්වයි. මේ මුලපිරීම මඟින් නිවර්තන කලාපයේ තීරණාත්මක දේශගුණික සම්පත් තිරසරව පවත්වාගෙන යෑම සඳහා පෞද්ගලික අරමුදල් ආයෝජනය කිරීමට උත්ප්‍රේරකයක් ලබාදීමට අදහස් කරනවා.

මේ සඳහා අපේ වනාන්තර, කඩොලාන, සාගර, පුනර්ජනනීය බලශක්ති සම්පත් ඇතුළු අනෙකුත් දේ ඇතුළත්. එවැනි ආයෝජන වෙනුවෙන් පවතින ක්‍රම හඳුනා ගැනීමට, සංවර්ධනය වෙමින් පවතින රටවල් ශක්තිමත් සැලසුම් මෙන්ම ප්‍රාග්ධනය සැපයීමට ආයෝජකයාගේ අවශ්‍යතා සපුරාලිය හැකි ව්‍යාපෘති හඳුනාගත යුතුයි.

ශ්‍රී ලංකා දේශගුණික සෞභාග්‍ය සැලැස්ම සකස් කිරීමේ අභියෝගාත්මක පියවර ගෙන ඇති අතර, එමඟින් අපගේ දේශගුණික හා ජෛව විවිධත්ව ඉලක්ක සාක්ෂාත් කර ගැනීමට හැකි වන අතරම ශ්‍රි ලාංකිකයන්ට තිරසර සමෘද්ධියක් ද හිමි කර දෙනවා.

ශ්‍රී ලංකාවේ දේශගුණික සෞභාග්‍ය සැලැස්ම මඟින් අපගේ කර්මාන්ත සහ සැපයුම් දාම සුරක්ෂිත කිරීම සඳහා සම්පත් මත පදනම් වූ අංශ ඇතුළු තීරණාත්මක ක්ෂේත්‍රවල ආයෝජනය සඳහා අවශ්‍ය සැලැස්ම සකස් කෙරෙනවා.

අපගේ දේශගුණික සෞභාග්‍ය සැලැස්ම මඟින් යෝජනා කර ඇති ඉලක්කගත මැදිහත්වීම්, අපගේ ජාතික තත්ත්වයන් මත පදනම් වී ඇති අතර, 2025 වන විට ශුද්ධ බලශක්ති අපනයනකරුවකු බවට පත්වීම සඳහා පුනර්ජනනීය බලශක්තිය මඟින් දේශීය බලශක්ති අවශ්‍යතාව සම්පූර්ණ කර ගැනීම අරමුණු වී තිබෙනවා.

දේශගුණික සෞභාග්‍ය සැලැස්ම මඟින් ඉදිරිපත් කර ඇති ආයෝජන අවස්ථා සපුරා ගැනීමෙන් පසු ශ්‍රී ලංකාවේ පුනර්ජනනීය බලශක්ති නිෂ්පාදනය ඉහළ නැංවෙනු ඇති අතර, 2040 වන විට දේශීය බලශක්ති අවශ්‍යතාවෙන් 100% ඉක්මවනු ඇති.

අපගේ දේශගුණික සෞභාග්‍ය සැලැස්මේ ඇතැම් ව්‍යාපෘති මඟින් අඩු කාබන් විමෝචනයක් සිදු කරමින් සහ වඩා ඵලදායී වීමට අපේක්ෂා කරන කෘෂිකාර්මික ව්‍යාපෘති මෙන්ම දේශීය නිෂ්පාදන සහිත වෙරළාසන්න සුළං බලය පිළිබඳ ව්‍යාපෘති ද ඇතුළත් වෙනවා. ග්‍රාමීය කෘෂිකාර්මික ආර්ථිකයන් සහ දේශීය නිෂ්පාදන වටිනාකම් දාමයන් ඒකාබද්ධ කරන එවැනි ආයෝජන සතු බලපෑම මෙමඟින් සහතික කෙරෙනවා.

මේ දේශගුණික සෞභාග්‍ය සැලැස්මේ සඳහන් ආයෝජන අවස්ථා සාක්ෂාත් කර ගැනීමට අප කැපවී සිටින අතර, මූල්‍ය පහසුකම් සලසා, ආයෝජනය කළ හැකි ව්‍යාපෘති සඳහා ආයෝජන පත්‍රිකා සැකසීම වැනි තීරණාත්මක ඉදිරි පියවර ගනිමින් සිටිනවා.

මේ බලාපොරොත්තු සහගත ව්‍යාපෘති මඟින් රැකියා උත්පාදනයට අත්‍යාවශ්‍ය වන පුහුණුව, කුසලතා සහ ඩිජිටල් තාක්ෂණය ක්ෂේත්‍රවල ආයෝජන ඉල්ලා සිටිනවා. තිරසර සහ දේශගුණික සුරක්ෂිත පරිවර්තනයක් තුළ උපරිමයෙන් රැකියා ප්‍රතිලාභ ලබා ගැනීමට ශ්‍රී ලංකාවට මෙමඟින් හැකියාව ලැබෙනවා.

අවදානමට ලක්විය හැකි 20 දෙනාගේ කණ්ඩායම විසින් (V20) එක්ව ඉදිරිපත් කරන ලද දේශගුණික සෞභාග්‍ය සැලසුම් දේශගුණික අනාරක්ෂිත ලෝකයක සමෘද්ධිමත් වීමේ උපාය මාර්ගයක් පමණක් නොවෙයි. මේ සැලසුම්, ශූන්‍ය කාබන් ලෝකයක ජයග්‍රාහකයන් වීම සඳහා අපගේ න්‍යාය පත්‍රය බවට ද පත්වෙනවා.

අපේ ධනවත් සහ ප්‍රධාන ආර්ථික සගයන් සතුව පවතින සම්පත් අප සතුව නැහැ. දේශගුණික විපර්යාසවල බලපෑම් හේතුවෙන් සංවර්ධනය වෙමින් පවතින රටවල මූල්‍ය අවකාශය නිරන්තර පීඩනයට ලක්ව තිබෙනවා. එසේම මේ වෙනුවෙන් මූල්‍ය පහසුකම් වඩාත් අවශ්‍ය අයට එය ළඟා කර ගත නොහැකි තත්ත්වයක් ගෝලීය ආර්ථික පසුබිම සහ ඉහළ යන ණය බර විසින් නිර්මාණය කර තිබෙනවා.

එබැවින් දේශගුණික සෞභාග්‍ය සැලසුම්වල පාර්ශ්වකරුවන් බවට පත්වෙමින් සාධාරණ, තිරසර සහ සමෘද්ධිමත් අනාගතයක් උදා කර ගැනීමට අපට උපකාර කරන ලෙස අපගේ සංවර්ධන හවුල්කරුවන්ගෙන්, පෞද්ගලික අංශයෙන් සහ ජාත්‍යන්තර මූල්‍ය ප්‍රජාවෙන් අප ඉල්ලා සිටිනවා.


Top Stories
wedivistara

අමෙ­රි­කානු සහ­කාර රාජ්‍ය ලේකම් ඩොනල්ඩ් ලූ ළඟ­දීම මෙර­ටට

wedivistara

සජිත්ට සමගි ජන බලවේගයේ ලකුණින් ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමට අවස්ථාව දෙන්නේ නෑ - සේනක ද සිල්වා

wedivistara

රට වෙනුවෙන් ඕන කෙනෙක් එක්ක එකතු වෙන්නත් කැමතියි, වෙන් වෙන්නත් කැමතියි - බැසිල්

wedivistara

BMW රථ 1728 ක් ආනයනයේදී සිදුවූ අක්‍රමිකතා පිළිබඳ​ව නව විමර්ශනයක් කිරීම​ට රේගු අධ්‍යක්ෂ ජනරාල්වරයාට අභියාචනාධිකරණයෙන් නියෝ​ග

wedivistara

සාමාන්‍ය පෙළ විභාගයේ අක්‍රමිකතා ගැන CID යට පැමිණිල්ලක්

wedivistara

කාන්තාවන් සවිබල ගන්වන පනත් කෙටුම්පත් ජුනි මස පාර්ලිමේන්තුවේදී සම්මත කරනවා

Trending
wedivistara

WhatsApp Group හරහා සිදුවන මුදල් වංචාවලින් ප්‍රවේශම් වන ලෙස දැනුම්දීමක්

wedivistara

අද ජාතික ජන බලවේගය සැදී පැහැදී ඉන්​නේ ලංකාවේ විශාලතම දේශපාලන පිම්ම පනින්න - අනු​ර

wedivistara

Foxhill අනතුරින් ජීවිතක්ෂයට පත්වූවන් හා තුවාල ලැබූවන්ට වන්දි

wedivistara

කෙසෙල් කෑවොත් බර අඩු වෙයි – ඔස්ට්‍රේලියානු පර්යේෂණයකින් හෙළිවෙයි

wedivistara

සමහරු මට බනිනවා මං කරන්නේ බෙදන එකලු - සජිත් ප්‍රේමදාස

wedivistara

අද කාලගුණ නිවේදනය


NEWS ALERT