Local
ගංජා කිලෝ 29ක් සමඟ සැකකරුවන් 4ක් අත්අඩංගුවට
Tuesday, 01 July 2025 - 9:58 am
පුදුකුඩිඉරිප්පු පොලිස් වසමේ පුදුකුඩිඉරිප්පු පරන්තන් මාර්ගයේදී පුදුකුඩිඉරිප්පු පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් සැකකටයුතු ලොරි රථයක් පරීක්ෂා කර කේරළ ගංජා කිලෝ 29 ග්‍රෑම් 51ක් සමඟ ලොරි රථයේ රියදුරු ඇතුළු සැකකරුවන් සිව්දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
අත්අඩංගුවට ගත් සැකකරුවන් අවුරුදු 42, 43, 46 හා 47 වයස්වල පසු වන කිලිනොච්චිය, මන්දුවිල්, බණ්ඩාරකොස්වත්ත සහ විශ්වමඩු ප්‍රදේශවල පදිංචිකරුවන් බවයි පොලිසිය සඳහන් කළේ.
පුදුකුඩිඉරිප්පු පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.