Local

බෝට්ටුව පලා කුඩු සඟවා මුහුදින් ගෙනා හැටි

Saturday, 15 June 2024 - 10:02 pm

දකුණු මුහුදු තීරයේදී මත්ද්‍රව්‍ය පාර්සල්  130ක් සමග නාවික හමුදා භාරයට ගත් බෝට්ටුවේ හිමිකරු මේ වනවිට ප්‍රදේශයෙන් පළාගොස් ඇති බව පොලීසිය පවසයි. 

එම හෙරොයින් තොගයේ වටිනාකම රුපියල් කෝටි 130කට අධිකය.

දකුණු මුහුදු තීරයට නාවික සැතපුම් 400ක් පමණ දුරින් වූ ගැඹුරු මුහුදේදී සැක කටයුතු බහුදින ධීවර යාත්‍රාවක් නාවික හමුදාව හා පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය මගින් පරීක්ෂා කර තිබුණි.

එහිදී අදාළ ධීවර යාත්‍රාවේ තිබී සැකකටයුතු කිසිවක් ආරක්ෂක අංශ වෙත සොයාගැනීමට හැකිවී නොමැත.

නමුත් ධීවර යාත්‍රාවේ සැක සහිත ලෙස ෆයිබර් භාවිතයෙන් සකසා තිබූ ස්ථාන කිහිපයක් පිළිබඳව විමර්ශන නිලධාරීන්ගේ අවධානය යොමුව තිබේ.

නාවික හමුදාව පැවසුවේ අදාළ ධිවර යාත්‍රව ඊයේ (14) රාත්‍රියේ ගාලු වරායට ගෙනැවිත් ස්කෑන් පරීක්ෂාවක් සිදුකළ බවය.

එහිදී 'ඉඳුනිල් 6' නම් එම යාත්‍රාවේ ඉදිරිපස කොටසේ ෆයිබර් දමා සීල් කළ කොටසක තිබූ සැක කටයුතු පාර්සල් තොගයක් නිරීක්ෂණය වී තිබේ.

අනතුරුව අත්අඩංගුවට ගත් ධීවරයන්ගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී ඔවුන් පවසා ඇත්තේ, ජාත්‍යන්තර මුහුදු සීමාවේදී පැමිණි විශාල නෞකාවකින් තමන්ට අදාළ පර්සල් තොගය ලබාදුන් බවය.

ඔවුන් සමග සිටි අයෙක් ෆයිබර් බෝට්ටු සකසන්නෙකු වන අතර පසුව ඔහු විසින් එම පාර්සල් තොගය ධීවර යාත්‍රාවේ ඉදිරිපස කොටසට දමා ෆයිබර් ආශ්‍රයෙන් සීල් තැබූ බව ද සැකකරුවන් පවසා තිබේ.

සැකකරුවන් පසුගිය මස 15 වනදා දෙවුන්දරින් මුහුදු ගොස් ඇති අතර බෝට්ටු ස්කිපර්වරයා විසින් එම ගමන සැලසුම් කර ඇති අතර ඔහුව මෙහෙයවා ඇත්තේ 'අයියා' නම් හඳුන්වන පුද්ගලයෙකි.

ඔහු දුරකථන මාර්ගයෙන් සම්බන්ධවී අදාළ ධිවර යාත්‍රාව හා සැටලයිට් දුරකථනයක් ලබාදී ඇති බව සැකකරුවන්ගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී ඔවුන් පවසා ඇත.

සැකකරුවන් ගන්දර සහ දෙවුන්දර ප්‍රදේශවල පදිංචිකරුවන් වන අතර ඔවුන්ට මූලික ගෙවීම ලෙස රුපියල් 20,000ත් 40,000ත් අතර මුදලක් ලබාදී ඇති බව වාර්තාවෙයි. 


Top Stories
wedivistara

මාදුරුඔයේ සිට ගල්ඔයට අලි කොරිඩෝවක්

wedivistara

මහාචාර්ය මාලිනී ඇඳගම අභාවප්‍රාප්ත වෙයි

wedivistara

වී අස්වනු මිලදී ගැනීමට සහන පොළියට ණය යෝජනා ක්‍රමයක්

wedivistara

මෙන්ඩිස් සමාගමේ අධ්‍යක්ෂකවරු වන අර්ජුන් ඇලෝසියස්ට සහ ඇන්තනී රන්දෙව් ජිනේන්ද්‍රට එරෙහිව නඩු පැවරේ

wedivistara

පරාටේ නීතිය සඳහා ලබාදී තිබුණු සහන කාලය අද මධ්‍යම රාත්‍රියෙන් අවසන් වෙයි

wedivistara

ඉන්දීය ධීවරයින් 08 දෙනෙකු ජූලි 03 වැනිදා දක්වා රිමාන්ඩ්

Trending
wedivistara

කෙහෙළියට එරෙහි නඩුව: රනිලුත් සාක්ෂිකරුවෙක් කරලා

wedivistara

ලෝක වෙළඳපොළේ බොරතෙල් මිළ පහළට

wedivistara

ඊශ්‍රායල සහ ඉරානය සටන් විරාමයත් සමග රන් මිල පහළට

wedivistara

හරක් කටාගේ පරීක්ෂණවලදී CIDයෙන් අපේක්ෂිත අරමුණු ඉටු වුණේ නැහැ

wedivistara

ජපුර විශේෂඥ වෛද්‍යවරිය ඇතුළු සැකකරුවන් ජූලි 08 දක්වා රිමාන්ඩ් කිරීමට නියෝග

wedivistara

සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා සම්බන්ධයෙන් ජනතාවට දැනුම්දීමක්


NEWS ALERT