Local

ශ්‍රී ලංකා ක්‍රිකට් 2025 නිලවරණය මාර්තු 31 වැනිදා

Friday, 24 January 2025 - 9:38 pm

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ 2025 නිලවරණය ලබන මාර්තු මස 31 වැනිදා පැවැත්වීමට නියමිතව තිබෙනවා.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නව ව්‍යවස්ථා සංශෝධනයට අනුව පැවැත්වෙන පළමු නිලවරණය මෙය ලෙසයි සටහන් වෙන්නේ.

මෙවර ඡන්ද සංඛ්‍යාවද 147 සිට 60 දක්වා අඩුකර තිබෙන අතර, නාමයෝජනා භාර ගැනීම ඊයේ (23) දිනයෙන් අවසන් වුණා.

මෙවර නිලවරණය සඳහා වත්මන් සභාපති ෂම්මි සිල්වා ඇතුළු පාර්ශවය, SCC ක්‍රීඩා සමාජය වෙනුවෙන් සමන්ත දොඩංවල හා සැරසන්ස් ක්‍රීඩා සමාජය වෙනුවෙන් ජයන්ත ධර්මදාස නාමයෝජනා ඉදිරපත් කර තිබෙනවා.

2023-2025 කාල සීමාව සඳහා පැවති නිලවරණයේදී ෂම්මි සිල්වා නිතරගයෙන් තේරී පත්ව තිබුණා.

ශ්‍රී ලංකා ක්‍රිකට් නිලවරණයේ නාමයෝජනා සඳහා වන විරෝධතා භාරදීමට ජනවාරි මස 29 වැනිදා දක්වා කාලය ලබාදී තිබෙනවා.

 
 


Top Stories
wedivistara

දුරදිග ගිය ආරවුලෙන් තරුණයෙකු මරුට

wedivistara

ගෑස් මිල සංශෝධනය නොවේ - ලාෆ් ගෑස් සමාගම

wedivistara

ප්‍රමි­ති­යෙන් යුතු පොහොර ගොවි­යාට දෙන්න ආණ්ඩුවට අද බැරිවෙලා

wedivistara

පරාටේ නීතිය අද සිට යළි ක්‍රියාත්මක වෙයි

wedivistara

පරාටේ නීතියෙන් ව්‍යව­සා­ය­ක­යන්ගේ දේපොළ වෙන්දේසි විය හැකියි

wedivistara

කෝටි 6ක විදත් සන්නි­වේ­දන උප­ක­රණ කටු­නා­ය­කින් පන්නද්දී මාට්ටු

Trending
wedivistara

කෙහෙළියට එරෙහි නඩුව: රනිලුත් සාක්ෂිකරුවෙක් කරලා

wedivistara

සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා සම්බන්ධයෙන් ජනතාවට දැනුම්දීමක්

wedivistara

හරක් කටාගේ පරීක්ෂණවලදී CIDයෙන් අපේක්ෂිත අරමුණු ඉටු වුණේ නැහැ

wedivistara

ඉන්දීය නිළි ෂෙෆාලි ජරිවාලා ජීවිතක්ෂයට

wedivistara

නිශාන්ත වික්‍රමසිංහ ජූලි 01 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

wedivistara

ඇල්ලේ ගින්නක් : ගිනි තැබූ හෝටල් සේවකයා අත්අඩංගුවට


NEWS ALERT