Local

මහා පරිමාණ ව්‍යාපෘතිවල ප්‍රසම්පාදන තොරතුරු හොයාගන්න නැහැ

Monday, 02 September 2024 - 9:12 am

විදෙස් ණය සහ ප්‍රදාන හරහා කරන
ව්‍යාපෘතින් ඒ අතර. වෙරිටේ රිසර්ච් කියයි

මෙරට ක්‍රියාත්මක මහා පරිමාණ යටිතල පහසුකම් සංවර්ධන ව්‍යාපෘතිවල ප්‍රසම්පාදන තොරතුරු ජනතාවගේ දැනගැනීම පිණිස ප්‍රසිද්ධ කර නොමැති බව වෙරිටේ රිසර්ච් සමීක්ෂණ ආයතනයේ අලුත්ම වාර්තාවේ දැක්වේ.

2024 වසර වනවිට ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක මහා පරිමාණ යටිතල පහසුකම් සංවර්ධන ව්‍යාපෘති 50ක් මෙම වේදිකාව යටතේ විමසුමට ලක්කර ඇත. ඒවායින් 21ක් දේශීය ණය සහ ප්‍රදානයන් යටතේ ද, 29ක් විදේශීය ණය සහ ප්‍රදානයන් යටතේ ද, ක්‍රියාත්මක වේ. මෙම ව්‍යාපෘතිවල සමස්ත වටිනාකම රුපියල් ටි්‍රලියන 1.01ක් වේ.

2016 තොරතුරු දැනගැනීමේ පනතෙහි වගන්ති අංක 9 ප්‍රකාරව ව්‍යාපෘතියකට අදාළ තොරතුරු කාණ්ඩ 5ක් යටතේ ප්‍රසිද්ධ කළ යුතුය. ව්‍යාපෘතියේ විස්තර, ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමේ පදනම සහ ප්‍රතිලාභීන්ගේ විස්තර, ව්‍යාපෘතියේ අයවැය සහ මූල්‍ය වාර්තා, ව්‍යාපෘතියට අදාළ අනුමැතීන්, ව්‍යාපෘතියේ ප්‍රසම්පාදන තොරතුරු සහ කොන්ත්‍රාත්තු යනාදිය එම කාණ්ඩ 5 වේ.

මෙම කාණ්ඩ යටතේ සමස්ත තොරතුරු ජනතාවට හෙළි කර ඇති ප්‍රතිශතය 36%ක් පමණ අඩු මට්ටමක පවතින බව වෙරිටේ රිසර්ච් අධ්‍යයනයෙන් හෙළිව ඇත. ප්‍රසම්පාදනය සම්බන්ධ තොරතුරු පමණක් සැලකුවහොත්, එනම් ව්‍යාපෘතියකට කොන්ත්‍රාත්කරුවන් තෝරාගත් ආකාරය, අරමුදල් සපයාගැනීමේ දී එකඟ වූ කොන්දේසි ආදී තොරතුරු හෙළි කිරීම 21%ක් තරම් අවම බවත් මෙම අධ්‍යයනයෙන් තවදුරටත් හෙළිව තිබේ.

තොරතුරු හෙළි නොකිරීම වංචා සහ දුෂණවලට ඉනිමං තැනීමකි. මහා පරිමාණයෙන් මුදල් ගැවසෙන ප්‍රසම්පාදන ක්‍රියාවලිය සැලකූ විට එය වඩා බරපතළ වන අතර එහි වන අකටයුතුකම් රටේ ආර්ථිකයට ද, සෘජුවම බලපායි.


Top Stories
wedivistara

මාදුරුඔයේ සිට ගල්ඔයට අලි කොරිඩෝවක්

wedivistara

මහාචාර්ය මාලිනී ඇඳගම අභාවප්‍රාප්ත වෙයි

wedivistara

වී අස්වනු මිලදී ගැනීමට සහන පොළියට ණය යෝජනා ක්‍රමයක්

wedivistara

මෙන්ඩිස් සමාගමේ අධ්‍යක්ෂකවරු වන අර්ජුන් ඇලෝසියස්ට සහ ඇන්තනී රන්දෙව් ජිනේන්ද්‍රට එරෙහිව නඩු පැවරේ

wedivistara

පරාටේ නීතිය සඳහා ලබාදී තිබුණු සහන කාලය අද මධ්‍යම රාත්‍රියෙන් අවසන් වෙයි

wedivistara

ඉන්දීය ධීවරයින් 08 දෙනෙකු ජූලි 03 වැනිදා දක්වා රිමාන්ඩ්

Trending
wedivistara

කෙහෙළියට එරෙහි නඩුව: රනිලුත් සාක්ෂිකරුවෙක් කරලා

wedivistara

ලෝක වෙළඳපොළේ බොරතෙල් මිළ පහළට

wedivistara

ඊශ්‍රායල සහ ඉරානය සටන් විරාමයත් සමග රන් මිල පහළට

wedivistara

හරක් කටාගේ පරීක්ෂණවලදී CIDයෙන් අපේක්ෂිත අරමුණු ඉටු වුණේ නැහැ

wedivistara

ජපුර විශේෂඥ වෛද්‍යවරිය ඇතුළු සැකකරුවන් ජූලි 08 දක්වා රිමාන්ඩ් කිරීමට නියෝග

wedivistara

සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා සම්බන්ධයෙන් ජනතාවට දැනුම්දීමක්


NEWS ALERT