‘රනිල් වික්‍රමසිංහ මැතිතුමා සජිත් ප්‍රේමදාස මැතිතුමා අනුර දිසානායක මැතිතුමා උතුරට ගිහින් කියන්නේ සිංහල අපේ පීඩනයෙන් මිදෙන්න ඔබට අපි 13 සම්පූර්ණයෙන්ම දෙන්නම්. 13 ඉක්මවා බලය දෙන්නම් කියලයි’ යයි සර්වජන බලය විධායක සභික පිවිතුරු හෙළ උරුමය නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා ප්‍රකාශ කළේය.
ඒ මහතා මේ බව සඳහන් කර සිටියේ “ව්‍යවසායකත්ව රාජ්‍යයක් – සතුටු දැයක්” නිර්මාණය කිරීමේ අරමුණ පෙරදැරි කරගත් “සර්වජන බලය ජනාධිපතිවරණ උපාය මාර්ගික සැලැස්ම” ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ පිහිටි මොනාක් ඉම්පීරියල් හෝටල් පරිශ්‍රයේදී ජනගත කල අවස්ථාවේදීය.
පිවිතුරු හෙළ උරුමය නායකයා මෙහිදී වැඩි දුරටත් මෙසේ අදහස් දැක්වීය
දෙමළ ජනතාවගේ සැබෑ පීඩකයා සිටින්නේ ඔවුන් අතරමයි
අපි දිගටම කියනවා දිලිත් වෙනස් අලුත් කෙනෙක් කියලා. ඒක එහෙම වෙන්නෙ කොහොමද කියන එක මේ උපාය මාර්ගික සැලසුමේ කාරණ කීපයක් පමණක් උපුටා දක්වමින් පෙන්වා දෙන්න මම සූදානම්. මිත්‍රවරුනි මා ඔබේ අවධානය ගෙනියනවා මීට අවුරුදු හැට හතකට පැරැණි අතීතයට. 1957 අප්‍රේල් මාසයේ 13 වැනිදා සිංහල දෙමල අවුරුදු දවස. එදා අලුත් අවුරුද්ද උදාවෙද්දී ජනතාව සතුටින් අවුරුද්ද සමරන්න සූදානම් වෙද්දී දකුණේ ජනතාවටත් වඩා උතුරේ ජනතාවට ඒ සතුට වැඩියෙන් දැනුනා. ඒ එම අලුත් අවුරුද්දේ තමන් අදහන දෙවියන් වැඩ වසනවා යැයි අදහන කෝවිලට ඇතුළු වෙන්න ඔවුන්ට අවස්ථාව ලැබුණේ එම වර්ෂයේයි. අලුත් අවුරුද්ද උදා වෙන්න ඔන්න මෙන්න කියා තියෙද්දී එවකට සිටිය කතානායකතුමා1957 අංක 21 දරණ සමාජ දුබලතා වැළැක්වීමේ පනතට අත්සන් තියෙනවා.
එදා අතේ සල්ලි තිබුණත් තමන් කැමැති හෝටලයකට ගිහිල්ල තෝසේ එකක් වඩේ එකක් ගන්න අවස්ථාව නොතිබුණු උතුරේ ජනතාවට, තමන්ගේ කුලයට වෙන් කරපු බස් රථය එනකම් පැය ගණන් රස්තියාදු වෙන්න සිදුවෙච්ච උතුරේ ජනතාවට, කෙතරම් වතුර පිපාසාව තිබ්බත් තමන්ගේ කුලයට වෙන්කරලා නැති නිසා ළිඳකින් පයිප්පයකින් වතුර ටිකක් බොන්නට පොදු ලිදකින් නාගන්නට අවස්ථාව නොතිබුණු උතුරේ ජනතාවට සැබෑ නිදහස උදාවුණේ එදායි.
නමුත් මේ බණ්ඩාරනායක මැතිතුමාගේ ආණ්ඩුවෙන් බිහිකළ මේ දරුවාට බණ්ඩාර නායක මැතිණියගේ ආණ්ඩුවෙන් අංශභාගය හැදෙව්වා. 1971 සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියගේ ආණ්ඩුවෙන් මේ පනතට සංශෝධනයක් ගෙනල්ලා නැවත වතාවක් කුල හීනයයි සම්මත ජනතාවට කෝවිල් වලට ඇතුල්වීම තහනම් කිරීමට එරෙහිව නීතියෙන් ගෙනා තහනම ඉවත් කිරීමට කටයුතු කළා. තමන් අදහන දෙවියන් වදින්නට ඒ දෙවියන්ගේ ආශිර්වාදය ලබාගන්නට තියෙන අයිතිය 1971 දී නීතියෙන් උදුරා ගනු ලබන්නේ මෙහෙමයි. උතුරේ ජනතාව මේ මහා අසාධාරණයට විරුද්ධව විලාප දුන්නා. සමහරුන් මේක අපේ කරුමය වෙන්නැති එකයි අපි මෙහෙම ඉපදෙන්න ඇත්තේ කියලා හිත හදාගත්තා. දකුණේ සිංහලයන්ට මේ හඬ ඇහුනේ නැහැ. කෙනෙක් වසලයකු හෝ බ්‍රාහ්මණයෙකු වන්නේ උපතින් නොව ක්‍රියාවෙන් කියා දේශනා කරපු බුදුරජාණන් වහන්සේගේ දර්ශනය විශ්වාස කරන බහුතරය වූ දකුණේ බෞද්ධයන්ටත් මෙය ඇහුනේ නැහැ. 1971සිදුකළ මේ අසාධාරණය යටපත් කරමින් තුරේ දෙමළ ජනතාවගේ ප්‍රශ්නය සිංහලයා විසින් ඇති කළ පීඩනයක් කියා ලෝකයට බොරු කියද්දී කවුරුවත් ඊට එරෙහිව කතා කළේ නෑ. නමුත් වාසනාවකට මෑත කාලයේ අරුන් සිද්ධාර්තන් කියන තරුණයා තමන්ට සැබෑ පීඩනය එල්ලවන්නේ දකුණේ සිංහලයන්ගෙන් නොව ඔවුන්ගේ සමාජය තුළම සිටින ඉහළ යැයි සම්මත සුළු පිරිසකගෙන් යැයි රටට කියද්දී බොහෝ දේශපාලකයන් මෙය ඇහුනේ නෑ වගේ හිටියා.
අර පරණ මිත්‍යාව විශ්වාස කරමින් ජනාධිපතිවරණයට ඉදිරිපත් වී සිටින රනිල් වික්‍රමසිංහ මැතිතුමා සජිත් ප්‍රේමදාස මැතිතුමා අනුර දිසානායක මැතිතුමා උතුරට ගිහින් කියන්නේ සිංහල අපේ පීඩනයෙන් මිදෙන්න ඔබට අපි 13 සම්පූර්ණයෙන්ම දෙන්නම්. 13 ඉක්මවා බලය දෙන්නම් කියලයි. බෙදුම්වාදීන්ගේ ඩොලර් කුට්ටිවලින් මන්ත්‍රීවරුන් මිලදීගන්නා, බෙදුම්වාදීන්ගේ ඩොලර් කුට්ටිවලින් මැතිවරණ ව්‍යාපාර කරන මේ අය උතුරට ගිහිල්ලා බෙදුම්වාදීන්ගේ මනදොල සපුරද්දී පීඩිත දෙමළ ජනතාවගේ ප්‍රශ්නය තේරුම් අරගෙන එයට විසඳුම් තමන්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශයෙන් ඉදිරිපත් කරමින් සමාජ දුබලතා වැළැක්වීමේ පනත යළි සවි බල ගන්වමි කියලා මේ රටට මේ මැතිවරණයේදී කියන්නේ දිලිත් ජයවීර මැතිතුමා පමණයි කියන එක අපි මහත් ආඩම්බරයෙන් මේ රටට කියනවා.
එදා ඉන්දියාවේ හරි ජනතාව අතරින් කුලභේදයට එරෙහිව සටන් කරන්න ආචාර්ය අම්බිග්ගාර් බිහි වුණා වගේ අද ලංකාදෙමල සමාජයෙන් අරුන් සිද්ධාර්ථයන් බිහිවෙලා තියෙනවා. එදා අනිකුත් සමාජයෙන් ඔවුන්ට අත දෙන්න මහත්මා ගාන්ධි බිහිවුණා වගේම අද අනිකුන්ගේ සමාජයෙන් දිලිත් ජයවීර මැතිතුමා ඉදිරිපත් වෙලා තියෙනවා. එහෙමනම් මිත්‍රවරුනි මේ මැතිවරණ ප්‍රකාශනය හරහා නූතන මහත්මා ගාන්ධි තිලිජ්ජවීර මැතිතුමා කියන එක අපට ආඩම්බරයෙන් කියන්න පුළුවන්.
සත්‍ය සමගිය සහ ප්‍රතිසංවිධාන පනතේ යටි අරමුණු මෙන්න
ඒ වගේම දිලිත් වෙනස් වන තවත් තැනක් තියෙනවා. අද ආණ්ඩුවේ බෙදුම්වාදීන්ගේ මනදොල සපුරන්න සත්‍ය සමගිය සහ ප්‍රතිසංවිධාන පනත කියලා පනත් ගැටුම්පතක් ගෙනවිත් තියෙනවා. මැතිවරණය ප්‍රකාශයට පත් කළාටත් පස්සේ මේ පනත ගැසට් මගින් ප්‍රකාශයට පත් කරන්නේ. හේතුව බෙදුම්වාදීන්ගේ ඡන්දකුට්ටිය ඩොලර් කුට්ටිය ඉලක්ක කර ගැනීම. ප්‍රතිසන්ධානය සංහිඳියාව මේ මහා බර වචන පාවිච්චි නොකළාට මෙරට සංහිඳියාව හැදිලා ඉවරයි. යුද්ධය අවසන් උනාම කොළඹ බලන්නට බස් පුරෝගෙන උතුරේ ජනතාව ඇවිල්ලා යාපනය බලන්න බස් පුරෝගෙන අපත් ගිහිල්ල ඒ අයයි අපි කැවුම් කනකොට වඩේ කනකොට සංහිඳියාව හැදිලා. දකුණේ අපි උතුරේ පදිංචි වෙලා උතුරේ අයත් දකුණේ පදිංචි වෙලා . ඒ විතරක් නෙවෙයි අවි ආයුධ දරපු අපේ රණවිරුවන් සහ කොටි ත්‍රස්තවාදිනියන් කසාද බැඳලා පවුල් කාලා දරුවෝ හදනවා. අපි සහයෝගයෙන් ඉදිරියට ගිහිල්ලා ඉවරයි. මීටත් වඩා හදන්න පුළුවන් සංහිඳියාව මොකක්ද ? මේ හදන්නේ සුවපත් වෙලා තිබිච්ච තුවාලය පාරලා ලේ වැකුණු අතීතය අපට මතක් කරලා නැවත වතාවක් අපේ සිත් දෙමළ සිංහල කියලා ඉරක් ඇඳලා බෙදලා දෙපැත්තටම වෛරය වපුරලා මිනී කඳු මැදින් අමු සොහොන් යුගයට අපේ මව්බිම යළි අරගෙන යන්නයි. බෙදුම්වාදීගියෙන් යැපෙන සෑම අපේක්ෂකයෙක්ම මේ පනතට එරෙහිව වචනයක් කතා කළේ නෑ. කතා කලොත් මැතිවරණ ව්‍යාපාරයට ලැබෙන සල්ලි කුට්ටිය නොලැබෙන නිසා.
දෙවන ලෝක යුද්දෙ නිව්රම්බර්ග් විනිස්චය අධිකරණයේ සිටම ලෝකය පුරා සිදුවුණේ යුද්දේ පරාජිතයන්ට දඬුවම් කිරීම. නමුත් අපේ රටේ කලේ දහතුන් දහසක් ත්‍රස්තවාදීන් යටත් වුණාම ඒ ත්‍රස්තවාදීන් අපේම දරුවන් ලෙස පිළිඅරගෙන ඒ අයව පුනරුත්ථාපනය කරලා වෘත්තීය අධ්‍යාපනයක් දීලා තෑගි බෝග සමඟ පවුලේ අයට යළි භාර දීමයි. මේ ලෝකෙ ඉතිහාසයේ කවර කවමදාවක් එවැන්නක් සිදුවුණේ නැහැ.
අපි ආදරය කරුණාව මෛත්‍රිය සතුරාට ලබාදීලා ප්‍රතිසන්ධානයේ පාඩම පටන් ගත්තේ එතනින්. එහෙම නම් මිත්‍රවරුනි කොටි ත්‍රස්තවාදීන් දහතුන් දහසකට නිදහස දීලා ගෙදර යවලා රණවිරුවන්ට විතරක් දඬුවම් කරන්න යාමෙන් මේ සමාජයේ වෛරය යළි ඇති වෙන්නේ නැද්ද. ඒකට එරෙහිව කතා කළේත් මේ මැතිවරණ ප්‍රකාශනවල සඳහන් කළේත් දිලිත් ජයවීර මැතිතුමා පමණමයි කියන එක අප ඉතාම ආඩම්බරයෙන් කියනවා.
වෙන්ඩ මුදල් ඇමතිට පිළිතුරක්
අපි දැක්කා පසුගියදාක වෙන්න මුදල් ඇමති සුනිල් හඳුන්නෙත්ති මහතා කරපු ප්‍රකාශයක්. මම ඊට නීතිය ඇසුරින් පිළිතුරක් දෙනවා. ඔහු කියනවා ඔවුන්ගේ ආණ්ඩුවක් බලයට ආවහම අමාත්‍ය මණ්ඩලයක් පත්කරන්නේ නැහැ පාර්ලිමේන්තුව විසුරුවා හැරලා ලේකම්වරුන් හරහා පාලනය සිදුකරනවා කියලා. එතුමන් ලා බැරිවෙලාවත් ඡන්දය දින්නොත් බහුතරය නැති බව නම් ඇත්ත. පාර්ලිමේන්තුවෙන් තුනයි වෙන්ඩ ජනාධිපති හතරයි. හතර දෙනාගේ ඇමති මණ්ඩලයක් හදන්න වෙනවා. පාර්ලිමේන්තුවේ බහුතරයක් නැතුව ආණ්ඩු හදපු නැති රටක් නෙමෙයි මේක. මහින්ද රාජපක්ෂ මැතිතුමා 2005 බලයට ඉද්දී එතුමාට පාර්ලිමේන්තුවේ හිටියේ මන්ත්‍රීවරුන් අසූ අට දෙනයි. එතුමා කිව්වෙ නෑ මම පාර්ලිමේන්තුව විසුරුවා හැරලා ලේකම්වරුන්ගෙන් රට පාලනය කරනවා කියලා. මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා 2015 බලයට එන විට එතුමට හිටියෙ මන්ත්‍රීවරුන් පනස් දෙනයි. එතුමා කිව්වෙත් නෑ පාර්ලිමේන්තු විසුරුවා හැරලා මම ලේකම්වරුන් එක්ක රට පාලනය කරනවා කියලා. එහෙම කිව්වෙ නැත්තේ ඒක කියන්න බැරි නිසා.
අපේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ හතළිස් තුන එක වගන්තිය ඉතාම පැහැදිලිව කියනවා ශ්‍රී ලංකාවේ ආණ්ඩුවේ පාලනය මෙහෙයවීම භාර අමාත්‍ය මණ්ඩලය වන්නේය කියලා. ඒ අනුව රටේ පාලනය භාර වෙන්නේ ජනාධිපතිට නෙවෙයි අමාත්‍ය මණ්ඩලයට. කැමතිනම් පත් කරමි නැතිනම් පත් නොකරමි කියන්න ජනාධිපතිට බැහැ අනිවාර්යෙන් පත්කළ යුතුයි. එහෙම නම් වෙන්න මුදල් ඇමති ව්‍යවස්ථාව දන්නේ නැහැ. එහෙම නැත්තං ව්‍යවස්ථාව ගණන් නොගෙන රට කරනවා කියන මානසිකත්වයට ඔවුන් තල්ලුවෙලා තියෙනවා. ඒ දෙකෙන් මොක සත්‍ය වුණත් මේ දෙකම එක වගේ භයානකයි. ඒනිසා මේ මොන්ටිසෝරි බබාලා රටක් පාලනය කිරීමට තියා පළාත් සභාවක් පාලනය කිරීමටවත් පරිණත නොමැති බව මේ කියවුම් කෙරුම් අතින් පෙනෙන බවයි අපට හැඟෙන්නේ .
අපේ දිරිත් ජයවීර මැතිතුමා ජනතා අදහස්වලින් පෝෂණය වෙච්ච විද්වතුන්ගේ අදහස්වලින් පෝෂණය වෙච්ච පියවර තුනක මැතිවරණ ප්‍රකාශනයක් ඉදිරිපත් කරලා තමන් අලුතෙන් හිතන වෙනස් කෙනෙක් කියලා පෙන්නුවා. ඒක උපාය මාර්ගික වැඩසටහනක් බවට පත් කරලා අලුතෙන් හිතෙන වෙනස් කෙනෙක් කියලා පෙන්නුවා. මේ රට වෙනස් කරන්න නම් පවතින ගතානුගතික චින්තනයෙන් මිදිලා අලුතෙන් හිතෙන වෙනත් මනුස්සයෙකුට මේ රට භාර දෙන්න ඕනෑ. ජනාධිපති අපේක්ෂකයන් තිස් අට දෙනා අතුරින් අලුතෙන් හිතන වෙනස් මිනිසෙකුට ඉන්න එකම මනුස්සයා දිරිත් ජයවීර මැතිතුමා පමණයි කියන එක අපි බොහොම පැහැදිලිව ප්‍රකාශ කරනවා. එනිසා රටට හෙටක් ලබා දෙන්න දිලිත්ත රට භාර දෙන්න කියන ආයාචනය මා ඔබෙන් කරනවා.