අද වන විට රට තුළ ක්‍රියාත්මක වන බදු අනුපාතයන් ඉතා අසාධාරණ බවත් බදු ඉලක්කයන් ඉක්මවා ආදායම රැස් කර ගනිමින් සිටින බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සඳහන් කරයි.
මෙම බදු අනුපාතයන් සම්බන්ධයෙන් තමන් ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ නිලධාරීන් සමඟ සාකච්ඡා කළ බවද ඔහු කියා සිටියි.
ඉදිරියේ පිහිටුවන තම රජයක් යටතේ ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සමග දැනට ක්‍රියාත්මක ගිවිසුම වෙනස් වන බවත් සාධාරණ බදු ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක කරන බව පැවසූ බවත් හෙතෙම සදහන් කරයි.
ඒ මහතා මෙම අදහස් පළ කරන ලද්දේ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සමග විපක්ෂ නායක කාර්යාලයේ පැවති සාකච්ඡාවක් අමතමිනි.