Local

දුම්රියෙන් යද්දී සෙල්ෆියක් ගන්න ගිය රුසියානු කතට වෙච්ච දේ

Friday, 26 January 2024 - 8:38 pm

දුම්රියෙන් ගමන් කරමින් සිටියදී සෙල්ෆි ඡායාරූපයක් ගැනීමට උත්සාහ කළ රුසියානු ජාතික කාන්තාවක් අද (26) ඇල්ල ගල්බිංගය අසලදී දුම්රියෙන් ඇද වැටී බරපතල තුවාල ලබා දෙමෝදර මූලික රෝහලට ඇතුළත් කළ බව ඇල්ල පොලිසිය කියයි.

මෙසේ තුවාල ලබා ඇත්තේ මෙරට සංචාරයක පැමිණ සිටින රුසියානු ජාතික ක්‍රිස්ටිනා අලක්වානා නමැති 25 හැවිරිදි තරුණ කාන්තාවකි.

හික්කඩුව සිට එක්දින සංචාරයක් සඳහා ඇල්ලට පැමිණ සිටියදී ඇය මෙම අනතුරට මුහුණ පෑවාය.

ඇයගේ විදේශ ගමන් බලපත්‍ර ආදිය නැවතී සිටි හෝටලයේ තබා ඇති බවට පොලිසිය තොරතුරු අනාවරණය කරගෙන තිබේ.

බරපතල තුවාල ලබා සිටි මෙම කාන්තාව බදුල්ල මහා රෝහල වෙත මාරු කිරීමට නියමිත බවද රෝහල් ආරංචි මාර්ග පවසයි. ඇල්ල පොලිසිය මේ පිළිබඳ විමර්ෂණ සිදු කරයි.


Top Stories
wedivistara

අනුරාධපුරයේ වෙඩි තැබීමක්

wedivistara

කුරුණෑගල ප්‍රසිද්ධ හෝටල් හිමිකරුවෙකු ඝාතනය කරලා

wedivistara

විදුලි පනතේ සංශෝධන ගැන ජයිකා ඇතුලු ආයතන 03 ක් කනස්සල්ලෙන්

wedivistara

කීරි සම්බා සඳහා ආදේශක සහල් මෙට්‍රික් ටොන් 40,000ක් ආනයනයට නිර්දේශ

wedivistara

මුදල් විශුද්ධිකරණය යටතේ කෙහෙළියගේ පවුලටම අධි චෝදනා

wedivistara

සෞඛ්‍ය අමාත්‍යාංශයේ හිටපු ලේකම් අල්ලස් කොමිසමේ අත්අඩංගුවට

Trending
wedivistara

2025 වසරේ පළමු කාර්තුවේදී ඍජු විදේශ අයෝජනවල 90% ක වැඩිවීමක්

wedivistara

රන් මිල පහළට

wedivistara

වාහන ආනයනයෙන් රුපියල් බිලියන 165ක රේගු ආදායමක් වාර්තා කරයි

wedivistara

අක්මීමන වෙඩි තැබීමක්

wedivistara

සියලුම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස, සූකර උණ රෝගය ආසාධිත හෝ අවදානම් ප්‍රදේශ ලෙස නම් කරමින් අති විශේෂ ගැසට් නිවේදනයක්

wedivistara

සිඟමන් යදින බාල වයස්කාර දරුවන් සොයා මෙහෙයුම්


NEWS ALERT