Local

ලබන මහ කන්නයේ සිට පොහොර මිටියට සහනාධාරයක්?

Friday, 06 September 2024 - 7:38 pm

ලබන මහ කන්නයේ සිට යූරියා පොහොර මිටියක් රුපියල් 4000කට ලබා දීමට රජය අවධානය යොමු කර ඇති බව කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසනවා.

2022 වසරේ යල කන්නයේ රුපියල් 42,000ක් ව පැවැති යූරියා පොහොර මිටියක මිල මෙම වර්ෂයේ යල කන්නය වනවිට රුපියල් 8000ක් දක්වා අඩු කිරීමට රජයට හැකි වී තිබෙන බව සඳහන්.

මෙහිදී පොහොර මිල දී ගැනීම සදහා 2022 වසරේ යල කන්නයේ සිට මේ වසරේ මහ කන්නය දක්වා රුපියල් මිලියන 55,000කට වැඩි මුදලක් රජය විසින් ගොවි ජනතාවගේ ගිණුම්වලටම බැර කර තිබෙන බවයි වාර්තා වන්නේ.

මෙවර මහ කන්නයේ සිට එම මුදල හෙක්ටයාර් එකකට රුපියල් 25,000ක් දක්වා වැඩි කිරීමට ජනාධිපතිවරයා මුදල් අමාත්‍යවරයා වශයෙන් එකඟත්වය පළ කර තිබෙනවා.

එමෙන්ම මෙම රුපියල් 25,000ක මුදල ගොවි ගිණුම්වලට බැර කිරීමට පියවර ගෙන ඇති බවද සඳහන්.

මේ සමඟ පොහොර මිල ද අඩු කිරීමට රජය අවධානය යොමු කර තිබෙන බව ප්‍රකාශ කර ඇති අමාත්‍යවරයා මේ මහ කන්නයේ දී යූරියා පොහොර මිටියක මිල රුපියල් 4000 දක්වා අඩු කිරීමට පියවර ගන්නා බව සඳහන් කර සිටියා.

එමෙන්ම 2024 මහ කන්නයේ දී හා 2025 මහ කන්නයේ දී සෑම කුඹුරකටම බණ්ඩි පොහොර හෙවත් MOP පොහොර අවශ්‍ය ප්‍රමාණයම නොමිලයේ ලබා දීමට රජය විසින් මේ වනවිට බණ්ඩි පොහොර මෙට්‍රික් ටොන් 55,000ක් ලබා ගැනීමට ලෝක ආහාර වැඩ සටහන සමග එකඟතාවන්ට එළැඹී ඇති බවයි වාර්තා වන්නේ.

එමෙන්ම මෙම පොහොර බෙදාහැරීම සඳහා අවශ්‍ය වන රුපියල් බිලියන 1.5ක මෙහෙයුම් මුදල ද රජය විසින් ලබා දීමට මහා භාණ්ඩාගාරයේ අනුමැතිය ලැබි ඇති බව ද අමාත්‍යවරයා සඳහන් කර සිටියා.

එහිදී රට තුළ ආර්ථික අර්බුදයක් පැවැතිය ද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කෘෂිකර්මාන්තයට අවශ්‍ය සමස්ත මුදල් ප්‍රමාණයම කිසිඳු පැකිලිමකින් තොරව ලබා දී ඇතැයි ද කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා.


Top Stories
wedivistara

පොල් පැළ ලක්ෂ 04ක් අඩු ආදායම්ලාභී පවුල් වෙත බෙදා දීමට තීරණයක්

wedivistara

සැකකරු අත්අඩංගුවට ගත්තාද නැද්ද කියන එක මේ වැඩ වර්ජනයට අදාළ නෑ - GMOA

wedivistara

හමුදාවෙන් පළාගිය පුද්ගලයින් 875 ක් අත්අඩංගුවට

wedivistara

අනුරාධපුර රෝහ​ලේ වෛද්‍යවරිය දූෂණය ක​ළ සැකකරු අත්අඩංගුවට ගැනීමට පොලිස් කණ්ඩායම් 05 ක් යොදවයි

wedivistara

මම ඔබේ හතුරෙක් නෙවෙයි, මිතුරෙක් - දිලිත්

wedivistara

අපේ ප්‍රතිපත්තිය පාසල් 10,000ට කෝටිපතියෝ 10,000ක් හොයන එක නෙවෙයි - කෞෂල්‍යා ආරියරත්න

Trending
wedivistara

අපේ වගේ නෙමෙයි, Al Jazeera පැය දෙකක් විතර අරගෙන පැයයි දාලා තියෙන්නේ හොද කරුණු නෑ. - රනිල් මාධ්‍යයට කියයි

wedivistara

අනුරාධපුර රෝහලේ 'රාජකාරියේ යෙදී සිටි වෛද්‍යවරියක' දූෂණයට ලක් කිරීම ගැන විමර්ශනයක්

wedivistara

ශ්‍රී ලංකාව අත්කරගෙන ඇති කැපී පෙනෙන ප්‍රගතිය පිළිබඳව සුබ පතනවා - IMF කළමනාකාර අධ්‍යක්ෂවරිය

wedivistara

අධිවේගී මාර්ගයට යළිත් STF යෙදවීමට පියවර

wedivistara

දේශබන්දු පිළිබඳ තොරතුරක් ඇතොත් CID වෙත දැනුම්දෙන්​න - පොලීසිය

wedivistara

වසර හතකට පසු කළමනාකරණ නිලධාරීන් බඳවා ගැනීමට පියවර


NEWS ALERT