Local

මෛත්‍රී ගැන කලකිරී ශ්‍රීලනිපයෙන් ඉවත් වුණා

Friday, 12 January 2024 - 9:44 am

පාස්කු ඉරු දින ත්‍රස්ත ප්‍රහාරයේ විමර්ශන කටයුතු සිදු වන අවස්ථාවේදී හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා කිසිදු ප්‍රකාශයක් ලබා නොදීම ගැන කතෝලිකයකු වශයෙන් තමා තුළ ඇති වූ කලකිරීම නිසා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ඉවත් වූ බව හිටපු ඇමැති දයාශ්‍රිත තිසේරා මහතා පැවසීය.

රට මුහුණදෙන ආර්ථික අභියෝගයට එකම විසඳුම සමගි ජන බලවේගය බැවින් නිදහස් පක්ෂය අතහැර සමගි ජන බලවේගය ශක්තිමත් කරන්නට තීරණය කළ බවත් හෙතෙම මාධ්‍යවේදීන් හමුවේ පැවසීය.

පසුගිය කාලයේ ඇතැම් දේශපාලනඥයන් මේ රටට ආදරය කරමින් තම ඉඩකඩම් පවා විකුණා දමා දේශපාලනයට පිවිසුණා. මගේ පියා ප්‍රෝටස් තිසේරා එවැනි කෙනෙක්. මමත් පියාගේ ලැබූ ආභාසයෙන්ම දේශපාලනයට පිවිසෙමින් ඔහුගේ අඩි පාරේ යමින් අවංකව දේශපාලනය කළා. අද ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මත දෙක තුනක් තියෙනවා. සමහර අය පාර්ලිමේන්තුවේ වාඩිවෙලා ඉන්නවා. ඇතැම් අය ආණ්ඩු පක්ෂයේ ඉන්නවා. තවත් අය විපක්ෂයේ ඉන්නවා. එතකොට කොහොමද ජනතාව අතරට යන්නේ. අද මට විනය පරීක්ෂණයක් කරන්න හදනවා. නමුත් ඒ පක්ෂයේ විනයක් තියෙනවද කියන එක ප්‍රශ්නාර්ථයක්. නව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය යනුවෙන් පක්ෂයක් නිර්මාණය කරල හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මියගේ සහයෝගයෙන් ඉදිරි ගමනක් යමු කියලා යෝජනා කළත් ඒ සඳහා පක්ෂයෙන් කිසිදු එකඟත්වයක් නැති බව මට තේරුම් ගියා. මේ සියලු කරුණු කාරණා හේතුවෙන් ඇති වූ කලකිරීම මත තමයි මම මේ තීරණය ගත්තේ යැයි වැඩිදුරටත් අදහස් දක්වමින් තිසේරා මහතා එසේ කියා සිටියේය.


Top Stories
wedivistara

අනුරාධපුරයේ වෙඩි තැබීමක්

wedivistara

කුරුණෑගල ප්‍රසිද්ධ හෝටල් හිමිකරුවෙකු ඝාතනය කරලා

wedivistara

විදුලි පනතේ සංශෝධන ගැන ජයිකා ඇතුලු ආයතන 03 ක් කනස්සල්ලෙන්

wedivistara

කීරි සම්බා සඳහා ආදේශක සහල් මෙට්‍රික් ටොන් 40,000ක් ආනයනයට නිර්දේශ

wedivistara

මුදල් විශුද්ධිකරණය යටතේ කෙහෙළියගේ පවුලටම අධි චෝදනා

wedivistara

සෞඛ්‍ය අමාත්‍යාංශයේ හිටපු ලේකම් අල්ලස් කොමිසමේ අත්අඩංගුවට

Trending
wedivistara

2025 වසරේ පළමු කාර්තුවේදී ඍජු විදේශ අයෝජනවල 90% ක වැඩිවීමක්

wedivistara

රන් මිල පහළට

wedivistara

වාහන ආනයනයෙන් රුපියල් බිලියන 165ක රේගු ආදායමක් වාර්තා කරයි

wedivistara

අක්මීමන වෙඩි තැබීමක්

wedivistara

සියලුම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස, සූකර උණ රෝගය ආසාධිත හෝ අවදානම් ප්‍රදේශ ලෙස නම් කරමින් අති විශේෂ ගැසට් නිවේදනයක්

wedivistara

සිඟමන් යදින බාල වයස්කාර දරුවන් සොයා මෙහෙයුම්


NEWS ALERT