වර්තමාන නව ආණ්ඩුව යටතේද රට තුළ තව තවත් පෝලිම් නිර්මාණය වෙමින් ඇතැයි සමගි ජන බලවේග නායක හිටපු විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සඳහන් කරයි.
මහ මැතිවරණ ජනරැළියක් කොළඹදී අමතමින් හෙතෙම මේ බව කියා සිටියේය.
‘වත්මන් ජනාධිපතිවරයා අපේක්ෂකයකු ලෙස බදු අඩු කරන බව පැවැසුවත් තවමත් බදු අඩු කර ගන්න බැරිව සිටිනවා. ඔහු ජනතාවට ලබා දුන් පොරොන්දු කඩ කරමින් ජනතාව අතරමං කරමින් සිටිනවා.
මේ වන විට ජීවන බර වැඩි වීම නිසා ජනතාව ජීවත්වන්නේ අමාරුවෙන්. සහන දෙනවා, බඩුමිල, ඉන්ධන මිල අඩු කරනවා යැයි වේදිකාවේ කිව්වත් ඒ එකක්වත් කරන්න බැරිව රජය තවත් පෝලිම් යුගයක් නිර්මාණය කර තිබෙනවා. පොල් පෝලිම්, පාස්පෝට් පෝලිම් තවමත් තිබෙනවා. අත්‍යාවශ්‍ය ආහාරවල ද මිල වැඩි වී තිබෙනවා’