Local

රාජ්‍ය තාන්ත්‍රික පුහුණුවකට බ්‍රසීලට සමග අවබෝධතා ගිවිසුමක්

Tuesday, 20 May 2025 - 6:42 pm

බණ්ඩාරනායක රාජ්‍ය තාන්ත්‍රික පුහුණු ආයතනය බ්‍රසීල රියෝ බ්‍රැන්කෝ ආයතනය සමග අවබෝධතා ගිවිසුමකට අත්සන් තැබීමට කැබිනට් අනුමැතිය හිමිවී තිබෙයි.

බණ්ඩාරනායක ජාත්‍යන්තර රාජ්‍ය තාන්ත්‍රික පුහුණු ආයතනය විදේශ අමාත්‍යංශය යටතේ  මෙය ක්‍රියාත්මක වෙයි.

එය බ්‍රසීල විදේශ අමාත්‍යංශය යටතේ පවතින රියෝ බ්‍රැන්කෝ ආයතනය සමග අවබෝධතා ගිවිසුමකට අත්සන් තැබීමට කැබිනට් අනුමැතිය හිමිවිය.

රියෝ බ්‍රැන්කෝ ආයතනය දශක 8ක් පුරා රටවල් 57ක රාජ්‍ය තාන්ත්‍රිකයින් පුහුණු කිරීමට දායක වී ඇත.

රටවල් 70කට වැඩි සංඛ්‍යාවක් සමග එය ගිවිසුම් ගතව ඇති අතර මෙම ආයතන දෙක අතර ගිවිසුමක් අත්සන් තැබීමට කැබිනට් අනුමැතිය හිමිවිය.

රාජ්‍ය තාන්ත්‍රිකයන් පුහුණු කිරීම හා පුහුණු වැඩසටහන් සඳහා අවශ්‍ය පහසුකම් සැලසීම මෙමගින් සිදුකෙරෙනු ඇති අතර  අධ්‍යන හා පර්යේෂණ වැඩසටහන් පිළිබඳ තොරතුරු හා අත්දැකීම් හුවමාරුව ද මෙමගින් අපේක්ෂිතය.


Top Stories
wedivistara

දුරදිග ගිය ආරවුලෙන් තරුණයෙකු මරුට

wedivistara

ගෑස් මිල සංශෝධනය නොවේ - ලාෆ් ගෑස් සමාගම

wedivistara

ප්‍රමි­ති­යෙන් යුතු පොහොර ගොවි­යාට දෙන්න ආණ්ඩුවට අද බැරිවෙලා

wedivistara

පරාටේ නීතිය අද සිට යළි ක්‍රියාත්මක වෙයි

wedivistara

පරාටේ නීතියෙන් ව්‍යව­සා­ය­ක­යන්ගේ දේපොළ වෙන්දේසි විය හැකියි

wedivistara

කෝටි 6ක විදත් සන්නි­වේ­දන උප­ක­රණ කටු­නා­ය­කින් පන්නද්දී මාට්ටු

Trending
wedivistara

කෙහෙළියට එරෙහි නඩුව: රනිලුත් සාක්ෂිකරුවෙක් කරලා

wedivistara

සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා සම්බන්ධයෙන් ජනතාවට දැනුම්දීමක්

wedivistara

හරක් කටාගේ පරීක්ෂණවලදී CIDයෙන් අපේක්ෂිත අරමුණු ඉටු වුණේ නැහැ

wedivistara

ඉන්දීය නිළි ෂෙෆාලි ජරිවාලා ජීවිතක්ෂයට

wedivistara

නිශාන්ත වික්‍රමසිංහ ජූලි 01 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

wedivistara

ඇල්ලේ ගින්නක් : ගිනි තැබූ හෝටල් සේවකයා අත්අඩංගුවට


NEWS ALERT