Local

වාර්තාව බාර දෙන්න විජිත දුන් කාලය අවසන්.. ගම්මන්පිලට කුමක් වෙයිද…

Saturday, 19 October 2024 - 6:45 pm

තමන් සන්තකව ඇති බව කියන පාස්කු ප්‍රහාරයට අදාළ ජනාධිපති කොමිෂන් සභා වාර්තා වහාම රජයට බාර භාරදෙන ලෙස අමාත්‍ය විජිත හෙරත් මහතා විසින් උදය ගම්මන්පිල මහතාට ලබා දී තිබූ කාලය අවසන් වී තිබේ.

පසුගිය 16 වැනිදා අමාත්‍ය විජිත හේරත් මහතා කියා සිටියේ දින තුනක් ඇතුළත අදාළ වාර්තා රජයට භාරදීමට කටය කටයුතු කරන ලෙසය.

නමුත් ඊට ප්‍රතිචාර දක්වමින් උදය ගම්මන්පිල මහතා කියා සිටියේ එම වාර්තා රජයට භාරදීමට නම් ඒවා ප්‍රසිද්ධ කරන බවට රජය විසින් ප‍්‍රතිඥාවක් ලබා දිය යුතු බවය.

එසේ නොවන්නේ නම් ස්ථිර වශයෙන්ම එළඹෙන සඳුදා දිනයේ තමන් අදාළ වාර්තා ප්‍රසිද්ධියට පත් කරන බවද ඔහු පැවසුවේය.

කෙසේ වෙතත් රහසිගතව තබාගත යුතු ඇමුණුම් සියල්ල තමන් කිසිවක් ප්‍රසිද්ධ නොකරන බවද ගම්මන්පිල මහතා සඳහන් කළේය.

අදාළ ඇමුණුම් සහ වාර්තාව විජිත හේරත් මහතාට ලබාදීම සඳහා අවස්ථා කීපයකදීම ඔහුට දුරකථන ඇමතුම් ලබා ගත්තත් ඔහු ප්‍රතිචාර නොදැක්වූ බවත් බවත් පැවසූ මන්ත්‍රීවරයා ඒ හේතුවෙන් තමන් ඒ පිළිබඳව ලියාපදිංචි තැපෑලෙන් ලිඛිතව දැනුම් දී ඇති බවද කියා සිටියේය.


Top Stories
wedivistara

දුරදිග ගිය ආරවුලෙන් තරුණයෙකු මරුට

wedivistara

ගෑස් මිල සංශෝධනය නොවේ - ලාෆ් ගෑස් සමාගම

wedivistara

ප්‍රමි­ති­යෙන් යුතු පොහොර ගොවි­යාට දෙන්න ආණ්ඩුවට අද බැරිවෙලා

wedivistara

පරාටේ නීතිය අද සිට යළි ක්‍රියාත්මක වෙයි

wedivistara

පරාටේ නීතියෙන් ව්‍යව­සා­ය­ක­යන්ගේ දේපොළ වෙන්දේසි විය හැකියි

wedivistara

කෝටි 6ක විදත් සන්නි­වේ­දන උප­ක­රණ කටු­නා­ය­කින් පන්නද්දී මාට්ටු

Trending
wedivistara

කෙහෙළියට එරෙහි නඩුව: රනිලුත් සාක්ෂිකරුවෙක් කරලා

wedivistara

සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා සම්බන්ධයෙන් ජනතාවට දැනුම්දීමක්

wedivistara

හරක් කටාගේ පරීක්ෂණවලදී CIDයෙන් අපේක්ෂිත අරමුණු ඉටු වුණේ නැහැ

wedivistara

ඉන්දීය නිළි ෂෙෆාලි ජරිවාලා ජීවිතක්ෂයට

wedivistara

නිශාන්ත වික්‍රමසිංහ ජූලි 01 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

wedivistara

ඇල්ලේ ගින්නක් : ගිනි තැබූ හෝටල් සේවකයා අත්අඩංගුවට


NEWS ALERT