Local

මාතර බන්ධනාගාරය කොටවිලට

Sunday, 08 June 2025 - 9:15 am

මාතර බන්ධනාගාරය, කොටවිල ප්‍රදේශයට ගෙනයාම සඳහා කඩිනමින් කටයුතු කරන බව අධිකරණ අමාත්‍ය හර්ෂණ නානායක්කාර පවසනවා.

ඔහු මේ බව සඳහන් කළේ, එම බන්ධනාගාරයේ නිරීක්ෂණ චාරිකාවකට ඊයේ (07) එක්වෙමින්.අනතුරුව අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්ද පවත්වා තිබෙනවා.

ඒ අනුව එම බන්ධනාගාරය දැනට ස්ථාපිත භූමියේ ඉඩකඩ ප්‍රමාණවත් නොවන අතර, ඒ හේතුවෙන් බන්ධනාගාර නිලධාරීන්, කාර්ය මණ්ඩලය මෙන්ම රැදවියන් ද දැඩි අපහසුතාවට පත්ව සිටින බවයි එහිදී අනාවරණ වී ඇත්තේ.

මාතර නව අධිකරණ සංකීර්ණය ද කොටවිල ප්‍රදේශයේම ස්ථාපිත කර ඇති අතර, බන්ධනාගාරය ස්ථාපිත කිරීමට ද ඉඩමක් වෙන්කර තිබෙනවා.

සංවර්ධන සැලැස්ම සමග බන්ධනාගාරය දැනට ස්ථාපිත භූමිය ඓතිහාසික වටිනාකමක් සහිත භූමියක් බවට පත් කිරීමේ හැකියාවක් පවතින බවයි මෙහිදී වැඩිදුරටත් සාකච්ඡා කර ඇත්තේ.

ඒ සම්බන්ධයෙන් තවදුරටත් සාකච්ඡා කර කඩිනමින් ඉදිරි කටයුතු සිදු කරන බව අමාත්‍ය හර්ෂණ නානායක්කාර එහිදී වැඩිදුරටත් ප්‍රකාශ කර තිබෙනවා.


Top Stories
wedivistara

දුරදිග ගිය ආරවුලෙන් තරුණයෙකු මරුට

wedivistara

ගෑස් මිල සංශෝධනය නොවේ - ලාෆ් ගෑස් සමාගම

wedivistara

ප්‍රමි­ති­යෙන් යුතු පොහොර ගොවි­යාට දෙන්න ආණ්ඩුවට අද බැරිවෙලා

wedivistara

පරාටේ නීතිය අද සිට යළි ක්‍රියාත්මක වෙයි

wedivistara

පරාටේ නීතියෙන් ව්‍යව­සා­ය­ක­යන්ගේ දේපොළ වෙන්දේසි විය හැකියි

wedivistara

කෝටි 6ක විදත් සන්නි­වේ­දන උප­ක­රණ කටු­නා­ය­කින් පන්නද්දී මාට්ටු

Trending
wedivistara

කෙහෙළියට එරෙහි නඩුව: රනිලුත් සාක්ෂිකරුවෙක් කරලා

wedivistara

සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා සම්බන්ධයෙන් ජනතාවට දැනුම්දීමක්

wedivistara

හරක් කටාගේ පරීක්ෂණවලදී CIDයෙන් අපේක්ෂිත අරමුණු ඉටු වුණේ නැහැ

wedivistara

ඉන්දීය නිළි ෂෙෆාලි ජරිවාලා ජීවිතක්ෂයට

wedivistara

නිශාන්ත වික්‍රමසිංහ ජූලි 01 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

wedivistara

ඇල්ලේ ගින්නක් : ගිනි තැබූ හෝටල් සේවකයා අත්අඩංගුවට


NEWS ALERT